Monday, October 6, 2014

නොමියෙන කථා 3

නැපෝලියන්ටත් වඩා ශූරයෙක්
වරක් නැපෝලියන් හංගේරියානු යුද්ධයේ කර්නල්වරයකු සමඟ සංවාදයකට පැටලී සිටියේය. ඔහු අතීතයේ ඉතාලි සිරකරුවකු ව සිටි අයෙකි.
තමන් මරියා තෙරේසා හමුදාවේ සේවය කළ බව කර්නල්වරයා කීවේය. “එහෙම නම් ඔබේ ජීවිතයේ අවුරුදු ගණනාවක් ම එයට ගත වෙන්න ඇති” නැපෝලියන් කීය. “ඔව්. ඇත්තෙන් ම අවුරුදු හැට හැත්තෑවක් විතර….” කර්නල්වරයා කීය. “මොනවා…? ඔබ මුලු ජීවිත කාලෙම ගණන් කරල වගෙයි…” නැපෝලියන් එවිට පුදුමයෙන් කීය.
කර්නල්වරයා එය ට ලබාදුන් පිළිතුර ඊටත් වඩා පුදුමාකාරය. “මේ බලන්න මහත්මයා…මම මට තියෙන සල්ලි ප්‍රමාණය ගණන් කරනවා. මට තියෙන කමිස ප්‍රමාණය ගණන් කරනවා.
මට ඉන්න අශ්වයෝ ප්‍රමාණය ගණන් කරනවා. ඒත් මම කවදාවත් ජීවිතේ අවුරුදු ප්‍රමාණය ගණන් කරන්නෙ නෑ….මොකද මම දන්නව මගේ ජීවිතයෙන් අවුරුදු හොරකම් කරන්න කවුරුත් නෑ කියලා.”
නැපෝලියන් ඒ අසා නිරුත්තර විය.
මහා නැපෝලියන් හෙවත් නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා මුළු මහත් යුරෝපයේ ම සිය අණසක පතුරුවා හරිමින් ප්‍රංශය යුරෝපයේ ප්‍රබලයා කිරීම ට මුළු හදින් ම කැප වූ අයෙකි. එහෙත් ඔහු පවා මේ නිර්භීත කර්නල්වරයා ඉදිරියේ සසල වූ බව පැවසේ.

නිකම් හිතනවා විතරයි
වරක් හෙන්රි ෆෝඩ් සිය සමාගමේ කාර්යක්ෂමතාව උපරිමයක් දක්වා වැඩි කිරීම ට සිතීය. ඒ වෙනුවෙන් ම ඔහු ඵලදායිතාව පිළිබඳ විශේෂඥයෙක් ව කැඳවීය. “ඔබ මට හොයල දෙන්න, මේකෙ ඉන්න වැඩ නොකරන, නිකම් ඉන්න කෙනෙක් ව, මම මේ මොහොතෙ ම මිනිහව අස් කරල දානවා.”යැයි ෆෝඩ් ඔහුට කීය.
විශේෂඥයා ක්ලිප් බෝඩයක් ද රැගෙන කර්මාන්තශාලාව පුරා ම කරක් ගසා පැය කිහිපයක් ඇතුළත ආපසු පැමිණියේය. සේවකයන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ වාර්තාව එය විය.
“මහත්මයා , ඔබේ පරිපාලක අංශයේ එක් කෙනෙකුගේ ප්‍රශ්නයක් මට පෙනෙනවා. මම එතැනින් ඇවිදගෙන යන හැම වෙලාවකම මිනිහ කකුල් දෙක මේසේ උඩ තියාගෙන හිටිය මිසක් කිසිම වෙලාවක වැඩක් කළේ නැහැ. මම අනිවාර්යයෙන් ම හිතනවා, ඔබතුමා මේ පුද්ගලයව නම් අනිවාර්යයෙන් ම අස්කර දැමිය යුතු යි…මේ කරදරකාරයාගෙන් නිදහසක් වෙන තරමට ඒක ඔබතුªමා ට අස්වැසිල්ලක්”.
හෙන්රි ෆෝඩ් එම පුද්ගලයාගේ නම ඇසීය. ඉන්පසු හිස සෙළවීය. “ඔබ මේ මොනව කියනවද මන්දා. ඒක නම් මට කොහෙත් ම කරන්න බෑ. මම මිනිහ ට පඩි ගෙවන්නෙ ඒකට….” යැයි කීය.
ෆෝඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ සහ හිමිකරු වූ හෙන්රි ෆෝඩ්, මේ කාලය වනවිට දිනකට ඩොලර් 55ක දෛනික වේතනයක් සේවකයන් ට ගෙවමින් සිටියේය.
ෆෝඩ්, සුබසාධන ධනවාදයේ නියමුවකු ලෙස සැලකෙනුයේ මේ ඉහළ වැටුප් ගෙවීම නිසා ය. ඔහුගේ දර්ශනය වූයේ වැඩි පිරිසක් සේවය ට කැඳවා, ඒ අතරින් හොඳම සේවකයන් ඉතිරිකරගෙන සෙස්සන් පළවා හැරීම යි.

No comments:

Post a Comment