Monday, October 6, 2014

“අපේ රටේ පළමු ගුවන් නියමුවා කොන්ඩේ බැඳපු,සරම ඇඳපු නියම සිංහලයෙක්”

මේ පුංචි රටේ ඉපදුන, ඉපදෙන හැමෝම සහජයේම ඇති දක්ෂයින්. මේ පින් බිමේ උපදින්නේ ලෝකේ ඇති ඕනෑම ප්‍රවනතවක්, තාක්ෂණයක් අතැබුලක් ලෙස උකහගනිම්ට උපන්ගෙයි ඥානය ඇතිවයි මන්ද මේ පරපුර පැවතඑන්නේ රසදිය තාක්ෂණයෙන් ගුවන් යාන නිපදවූ රාවණා , සැතපුමකට  අගල් 6ක්‌ බෑවුම එන ලෙස යෝධ ඇළ කැපු, ලොවම මවිත කල ජාල ප්‍රවාහන පද්දතියක් සහිත සිගිරිය බලකොටුව තැනූ, හා එවැනිම තවත් විශ්වකර්ම කල මානව පරපුරකින්.
මේ පුංචි රටේ ඉපදුන, ඉපදෙන හැමෝම සහජයේම ඇති දක්ෂයින්. මේ පින් බිමේ උපදින්නේ ලෝකේ ඇති ඕනෑම ප්‍රවනතවක්, තාක්ෂණයක් අතැබුලක් ලෙස උකහගනිම්ට උපන්ගෙයි ඥානය ඇතිවයි මන්ද මේ පරපුර පැවතඑන්නේ රසදිය තාක්ෂණයෙන් ගුවන් යාන නිපදවූ රාවණා , අඩියට අගලක් බෑවුම එන ලෙස යෝධ ඇළ කැපු, ලොවම මවිත කල ජාල ප්‍රවාහන පද්දතියක් සහිත සිගිරිය බලකොටුව තැනූ, හා එවැනිම තවත් විශ්වකර්ම කල මානව පරපුරකින්.
ඒ වසර 1953 අගෝස්තු දවසක්, “උක්කුමහත්තය” නැත්නම් වික්‍රමාරච්චි මිල්ලවලගේ දොන් ජෝන් පවුලිස් අප්පුහාමි රත්මලාන ගුවන් තොටුපලට ගියේ සිය කුඩා පුතාට අහස යාත්‍රා ඉහල නංවන , නැවත බාන අයුරු පෙන්වන්න.. ඒ වෙලාවේ මේ උනන්දුවෙන් මෙදෙස බලාසිටි අප්පුහාමි,..එතන සිටි පියාසර පුහුණු කරුවකුගෙන් මෙසේ අසා තිබෙනවා.. ” මහත්මයා , මං අසයි අහස්‌ යානාවක් පදවන්න, මට උගන්වන්න පුලුවන්ද?”..එ අහල තියෙන්නේ සිංහලෙන්මයි.
විමතියෙන් ඔහු දෙස බැලු උපදේශක .. ” පුළුවන් , නමුත් ඔබ කොහොමද ඔය කොන්ඩේ ගැටේ තියාගෙන එක කරන්නේ ? යි ඇසුවා.. එකල ගුවන් නියමුවෙකු අනිවාර්යෙන්ම සන්නිවේදනඋපකරණ සවි කල හිස වැස්මක් පැළදිය යුතුයි.. එහිදී පවුලිස් අප්පුහාමි පසුබට නොවී. එය තමාට ප්‍රශ්නයක් නොවන බවත් කෙසේ හෝ ගුවන්යානා පැදවීම ඉගන ගනිඉමට තමා අසාකරන බව පැවසුවා.
කෙටි පරිෂණයකින් පසුව මෙම සරල ගැමි පුද්ගලයා මෙය ඉගැනිඉමට මහත් උනන්දුව ඇති අයෙකු මෙන්ම යම තාක්ෂණික දැනුමක් ද ඇතිබව පුහුණු උපදේශකවරයා තෙරුම්ගේන තිබෙනව.ඒ නිසා ඔහුව පාසලේ ප්‍රධාන උපදේශක වෙත යොමුකලෙන් කරුණු සලකා බලිඉමෙන් ඔහුට පුහුණුව ලබදිඉමට තීරණය කෙරුණා.
මෙහිදී උපදේශක වව්රුන් දැනගෙන නොසිටි දෙයක් තිබුනා, එනම් අපේ අප්පුහාමි මහතාට ඉංග්‍රීසි භාෂාව නොදැනීම මෙන්ම ඔහු පැවත එන පරම්පරාව වැදගත් සිංහල පරම්පරාවක් වීමත්ය.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

No comments:

Post a Comment