Monday, October 6, 2014

Boeing AH-64 Apache අහසේ පියාඹන යුද ටැංකිය

අද ලෝකයේ යුද්ධය පවතින්නේ මිනිස් ශ්‍රමය මත නොව විද්‍යාව හා තාක්ෂණය මගින් නිපදවූ අවි ආයුධ හා යුද ගුවන් යානා මගිණි.මිනිසුන් දහස් ගණනක් වසර ගණනාවක් පුරා හෙලන ලද දහඩිය කදුළු වල ප්‍රතිඵලයක් ලෙස මෙවන් අද්විතීය නිර්මාණ බිහිවුයේ ය.ලොව නිර්මාණය කරණ ලද මිලෙන් සහ බොහෝ කරුණු කාරණා වලින් පරිපුර්ණ හැකියාවන් වලින් යුතු යුධ ගුවන් යානයක් ගැන අද ඉගෙන ගමු.ඒ Apache AH-64 ගුවන් යානයයි.බොහේ දෙනෙක් මේ යානය ගැනනම් දන්නවා වෙන්න පුළුවන් මොකද,අපි බලන ගොඩක් movies වල මේ යානය අනිවාරයෙම් ම දකින්න ලැබෙන නිසා.දකින දේට වැඩි යමක් ඔයාල අහල නැති වෙන්නත් පුළුවන් කොහොම වෙතත් දැන නොදත් සියලු දෙනාට මේ ලිපිය වැදගත් වේවි කියල මම හිතනවා.
කුමන හෝ හමුදාවක් ඔවුන් යොදා ගන්න ක්‍රම උපායන හා අවි ආයුධ වලින් බලාපොරොත්තු වන්නේ ක්ෂනයකින් සතුරු පෙරමුණු බිදහෙලන එක.මේවගේ ක්‍රියාවකට ගුවන් බලය බොහෝ වැදගත්.ඇමෙරිකා එක්සත් ජනපදය තම ගුවන් බලය ලෝකයට විදහාපැ බොහෝ අපුරු සිදුවීම් ඉතිහාසයේ ලියවිලා තියෙනවා.ඒ වායෙන් එක ගුවන් යානයක් තමා මේ Apache AH-64 කියන්නේ.මෙම ගුවන් යානය පිලිබදව යුද විශේෂඥවරු පවසන්නේ අපචියෙන් ගැලවී කිසිදු යුද ටැංකියකට හා සතුරු මරමස්ථාන සැඟවිය නොහැකි බවයි.එම නිසා අපාචි හෙලිකොප්ටරය හදුන්වන්නේ අහසේ පියාඹන යුද ටැංකිය ලෙසිනි.
boeing-ah-64-apache-helicopter-1600x900
එයට හොදම උදාහරණය වන්නේ ගල්ෆ් හා ඉරාන යුද සංග්‍රාම වලදී එම රට වලට අයත් යුද ටැංකි දහස් ගණනාවක් ආපචිය මගින් විනාශ කොටලිමයි.අපාච් හෙලිකොප්ටරය සතු එම තාක්ෂණය (TADS) Target Acquisition and Designation Sight System ලෙසින් හදිනේවේ.එහිදී ඉතාමත් නිවැරදිව සතුරු හමුදා උපකරණ විනාශ කිරීම ක්‍රියාත්මක වේ.
ඇමෙරිකානු අපාච් හෙලිකොප්ටරය නිපදවීමේ ව්‍යපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන් 11.7 යොදා තිබුණි.එහිදී A-10 ගුවන් යානයක් නිපදවීමට වැය වන්නේද ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 කි එමගින් ව්‍යපෘතියේ බරපතල කම පැහැදිලි වේ.ආපචි නිර්මාණයේ මුලිකත්වය ලබාදී ඇත්තේ ගමන් ගන්න යුද ටැංකි විනාශ කිරීම හා සතුරු රේඩාර් මද්‍යස්ථාන විනාශ කිරීමයි, මේ සදහා ලේසර් තාක්ෂණයෙන් නිවැරදි මඟ සොයා ගමන් කොට සතුරු යුද ටැංකි විනාශ කිරීමේ හාකියව පවතින සැතපුන් 5 දුර සිට විදිය හැකි  Missile පද්ධතියක් සවිකොට ඇත.
එයට අමතරව 70mm රෝකට් වලින් පහර දීමේ හැකියාව අපාච්ය සතුව ඇත.සතුරාට මුහුණ දීමේ අවි බලය සඳහා 30mm  තුවක්කුවක් අපාචිය සතුව ඇති අතර එමගින් නොනවත්වා පතුරම් 12000ක්  මුදා හැරීමේ හැකියාව පවතී.
මෙය සියල්ල ක්‍රියාත්මක කිරීමේ දී අපචිය සතුව ඇති තාක්ෂණය වන්නේ ඕනෑම අදුරක හා අයහපත් ආලෝක තත්ව යටතේ සතුරු ඉලක්ක ඉතාමත් නිවැරදි හා පහසුවෙන් හදුනා ගැනීමට හැකි වීමයි මේ සදහා අති නවීණ තාක්ෂණික උපකරණ රාශියක් අපාචි හෙලිකොප්ටරය සතුව පවතී,ඒ අතරින් Night Vision System මුලික වේ.Infrared ක්‍රිරියාවලිය මගින් නිවැරදිව ගමන් මඟ තීරණය කිරීමේ හැකියාව සහ සතුරු හමුදවනේ ගේ උපකරණ හා ස්ථාන නිවැරදිව හදුනාගෙන පහරදීමට අපාචි හෙලිකොප්ටරය ශක්තිය  පවතී.එයට අමතරව ලෝකයේ ඇති ප්‍රබලතම (RWR) අපාචිය සතුව ඇත.සතුරන්ගේ සියලුම රේඩාර් පද්ධති නිසි ලෙස මඟ හැර යාමට සහ සතුරු රේඩාර් සංඥ උරා ගැනීමේ නව තාක්ෂණික ක්‍රම වේද අපාචිය සතුව පවතී.
AH-64_Apache_extraction_exercise
මෙය හදුන්වන්නේ  Radar Warning Receiver (RWR) ලෙසිනි.සතුරන් සිටින ස්ථාන ඉතාමත් නිවැරදිව හදුනා ගැනීම සදහා රාත්‍රී හා දහවල අයහපත් කාලගුණ තත්ත්ව යටතේ ක්‍රියාත්මක වන TADS නම් ක්‍රමවේදයක් අපාචි සතුව ඇත.එමගින් නියමුවන්ට දෑසින් හදුනා ගැනීමට නොහැකි සතුරු යුද ටැංකි හා ප්‍රහාරක ස්ථාන නිසි ලෙසට හදුනාගෙන පරිගනක ආධාරයෙන් නියමුවන්ට යොමුකිරීම සිදුකරයි.මෙමගින් සතුරු ඉලක්ක නිසි ලෙසට විනාශ කිරීමට හැකිවේ.
මෙම ක්‍රියාධාමයන් මගින් පෙරමුණේ ගමන් ගන්නා සිය හමුදාවන්ට විරුද්ධව පැමිණෙන සියලුම යුද බලයන් විනාශ කිරීම නිසා අපාචි හෙලිකොප්ටරය සතුරු හමුදාවන්ට මරු කැදවන ප්‍රහාරාත්මක ශක්තිය විදහාලයි.මෙහි ක්‍රියාකාරිත්වය පිලිබදව පුදුම එලවන තොරතුරු හෙළි වුයේ ගල්ෆ් යුද සමයේදීය.ඉරාකයේ යුද ටැංකි 1000 ගණනක් විනාශකිරීමට හා අඩපන කිරීමට අපාචි හෙලිකොප්ටරය ක්‍රියාකිරීම පුදුම එලවන සුළු විය.කිසිදු ආකාරයක සමාව දීමක් සිදු නොකොට අපාචි හෙලිකොප්ටරය පන්නා පන්නා සදාම් හුසේන් ගේ රුසියානු යුද ටැංකි 2000ක් විනාශ කොට දැමීමට හැකිවිය.
අපාචි හෙලිකොප්ටරය ගමන් කිරීමේදී පැයට සැතපුම් 184-200 අතර වේගයෙන් ගමන් කිරීමේ හැකියාව පවතින අතර අඩි 3250ක ඉහලින් ගමන් කරමින් නියමිත ඉලක්ක හසු කොට ගැනීමට හැකියාව පවතී.එමෙන්ම සතුරාට ප්‍රහාර එල්ල කිරීමේදී සැතපුම් 300ක කවාකාර ගමන් මගක නියැලෙමින් ප්‍රහාර එල්ල කිරීමේදී අපාචි සතුව ඇත්තේ අසීමිත හැකියාවකි,1999 ඇරඹි අපාච් නිෂ්පාදන ව්‍යපෘතිය 2000 වන විට අවසන් කොට තිබිණි ඒ අතර තුර අපාචි හෙලිකොප්ටර් සිය රහස් පරීක්ෂණ සියල්ලම යුද පෙරමුණු වලදී ඉටුකොට සිය හැකියාව හා ශක්තිය ප්‍රදර්ශනය කොට තිබිණි.2005 වන විට අපාච් හෙලිකොප්ටරයේ අලුත්ම සොහොයුරන් සිවු දෙනෙකු යුද පෙරමුණට ගොස් ඇත,එම නව හෙලිකොප්ටරයන් මුල්  හෙලිකොප්ටරයේ බලය තවත් 70%කින් වැඩි කොට තිබුණි.ඒ නිසා කිසිදු සතුරු යුද ටැංකියකට සහ රහස් හමුදා කදවුරුවලට අපාචි හෙලිකොප්ටරයෙන් බේරීමක් නොවිය සතුරන් දුටු තැන පන්න ගොස් විනාශ කිරීම නිසා සතුරු හමුදාවන් අපාචියට දක්වන්නේ සැබෑ බියකි මෙනිසා අපාචි පියඹායන යුදටන්කිය ලෙස හදුන්වයි.
මෙතරම් යුද ශක්තියක් ඇති අපාචි සතුරන්ගේ ප්‍රහාරයෙන් ගැලවෙන්නේ කෙසේදයන්න විශ්මය දනවයි, අපාචි විනාශ කිරීමට රුස්සියානු A-17 මිසයිලයට  කළහැකි බව ප්‍රකාශ කොට තිබුනද එය සාර්ථක නොවිය.අපාචි හෙලිකොප්ටරයේ ඇති ස්විශේස ප්‍රතිනාශක මිසයිල මගහැරීමේ ක්‍රයාවලිය මිසයිලය එම හෙලිකොප්ටරය වෙත හබා ඒම ඇරබි තප්පට 10කින් එක හදුනාගෙන ප්ර්තිවිරෝදධි ක්‍රියාවලිය අරබා මිසයිලය මග හැර ගමන් කොට සතුරාට පහර දේ.
AH-64D Apache Longbow_02
ඇමෙරිකාව අපාචි හෙලිකොප්ටරය යුද පෙරමුණට පැමිණීම සමගම රුසියාව විසින් crocodile නම් හෙලිකොප්ටරය නිපදවූ අතර,ඇෆ්ගනිස්ථාන් යුද පෙරමුනෙහිදී මුහුණ දී ගරිලන්ගේ මිසයිල ප්‍රහාරවලින් විනාශ විය, ඒ නිසා  රුසියානු crocodile හෙලිකොප්ටරය අපාචි හෙලිකෝප්ටරය තරම් සාර්ථක නොවුබව පිළිගැනිණි.විශේසයෙම්ම කුඩා ත්‍රස්තවාදී කණ්ඩායම් සතු අවි බලය හා රහස් අවි ආයුද ගබඩා මෙන්ම සාගරගේ දී ඔවුන් සතු යාත්‍රා විනාශ කිරීම සදහාත් වනාන්තරයේ ඇති ත්‍රස්ත බන්කර් විනාශ කිරීම සදහාත් අපාචි හෙලිකොප්ටරය ඉතා වැදගත් කර්යභාරයක් ඉටුකරයි.එමගින් ත්‍රස්තවාදීන් සොයා විනාශ කිරීමේ හැකියාවද පවතී.
යුද්ධය ජය ගැනීමට ,පිරිස් බලය පමණක් නොසැහේ ඒ සදහා නවීන තාක්ෂනය මගින් සිදුකරන මෙහෙය සුළු පටු නොවේ එයට හොදම උදහරණය අහසේ පියාඹන යුදටන්කිය ලෙසට හදුන්වන අපාචි හෙලිකොප්ටරය යි.

යානය පිළිබද තවත් තොරතුරු කීපයක් 
http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

No comments:

Post a Comment