Friday, October 31, 2014

TSU ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්.හැබැයි මේක ඇත්තක්ද ? බොරුවක්ද ?


http://www.aluth.com/2014/10/TSU-is-True-or-scam.html

TSU ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්.හැබැයි මේක ඇත්තක්ද ? බොරුවක්ද ? කියන ගැටළුව කාටත් තියෙන ප‍්‍රශ්නයක්.මේ ඒ ගැන වටිනා ලිපියයි.

මේ පිළිබදව නෙත්FM වෙබ් අඩවිය මගින් සවිස්තරාත්මක වාර්තාවක් හෙළිකලා. එම වටිනා කරුණුද මෙහි අන්තර්ගතයි.

Like වලට හා කමෙන්ට්ස් වලට මුදල් ගෙවන TSU නම් සමාජ ජාලයක් පිලිබඳ අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. මේ වනවිට TSU ලංකාවේ බොහෝ ෆෙස්බුක් පරිශීලකයන් අතර ජනප‍්‍රියවී ඇති අතර බොහෝ දෙනෙකු තවමත් TSU සම්බන්ධව ගැටලූ‍කාරී තත්වයකින් පසුවන බව පෙනී ගිය කරුණකි. TSU සමාජ ජාලය ආරම්භ කොට තවමත් වැඩි කලක් ගත නොවුන හෙයින් එහි මුදල් ලබාදීමේ විශ්වාසවන්ත භාවය සම්බන්ධව ලිපි පලවී නොමැත. ඔීඹ ව්‍යාජ වෙබ් අඩවියක් බවට මුල්වරට ලිපියක් ලියමින් හෙළිකොට ඇත්තේ අමන්දා නමැති පළමු වරට කාන්තාවන්ට පමණක් වෙන්වූ සමාජශාලා වෙබ් අඩවියක් වන

http://www.girlfriendsocial.com තැනූ කාන්තාවක විසිනි. ඇය විසින් මතුකළ ප‍්‍රධාන කරුණු තර්ක විතර්ක පහත වේ.



01.Advertising Model
මුදල් ලබා ගැනීමට අවම ඩොලර් 100 ක මුදලක් ගිණුමේ තිබිය යුතුය. මුදල් එකතුවන්නේ TSU බැංකු ගිණුමටය. බොහෝ පරීශිලකයන් පවසන්නේ ඔවුන්ට දැනට දිනකට ලැබී ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලක් බවයි. එසේනම් ඩොලර් 100 ක මුදලක් ගැනීමට ඔවුන්ට අවරුදු ගණනාවක් බලාසිටීමට සිදුවනු ඇත. එම ඉපයීම කිරීමටද අන් අයගේ දේ සොරා ගනිමින් දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ.


02.නීති විරෝධී පිරමීඩ ජාවාරම් ක‍්‍රමයකි. TSU යනු MLM ආකාරයේ පිරමීඩ වලට සමාන වූ උපක‍්‍රමයකි. මෙය සමාජ ජාලයේ සාමාජිකයන් වැඩි කරගැනීමට යෙදු උපක‍්‍රමයකි.


03.10%ආදායමෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැකිද? servers"bandwith" කාර්යමණ්ඩලයේ වැටුප් මේ සියල්ල 10 % ආදායමෙන් ඉටු කරගත හැකිද? මේ හේතුව නිසාවෙන් වෙබ් අඩවිය මන්දගාමී වීමටත් හැකර්වරුන්ගේ ප‍්‍රහාර එල්ලවීමටත් වැඩි ඉඩකඩක් ලැබේ. මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් භාවිතා කලයුතු https පහසුකමද තවම TSU සතු නොවේ. මෙය ඉතා ප‍්‍රාථමික තත්වයක් ලෙස දැක්විය හැක.


04.කෙටි කලකින් සමාජ ජාලයක් පිළිබඳව තීරණය කල හැකිද? අප සාමන්‍යයෙන් සමාජ ජාල වෙත පැමිණෙන්නේ අපගේ හිත මිතුරන් හා මිතුරියන් සමග සම්බන්ධතා ගොඩනැගීම සඳහාය. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථය වෙනුවෙන් පැමිණෙන පිරිස් ඔබට කෙසේ විශ්වාස කළහැකිද?


05.තාක්ෂණික දුර්වලතා ඔබ වෙනත් කෙනෙකුගේ වීඩියෝවක් නැවත යුටියුබ් වෙත එක්කිරීම වැලැක්වීම සඳහා යුටියුබ් විසින් content id නමැති ඉහල තාක්ෂණයක් පවත්වාගෙන යනු ලබයි. නමුත් TSU සතුව එවන් තාක්ෂණ කිසිවක් නොමැත. ඔවුන් නිර්මාණ සැබෑ හිමිකරුගේද යන්න තහවුරු කරගන්නේ කෙසේද?


පිළිතුරු ලබාදීම

අමන්දා ලියූ මෙම ලිපියට linkedin වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිචාර දක්වා ඇති tsu වෙබ් අඩවියේ හිමිකරුවෙකු වන Oliver Gassner එම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේපකොට තිබේ. මෙමගින් ඩොලර් 100 ක් ඉපයූ ඕනෑම පරිශීලකයෙකුට ඔහුගේ බැංකු ගිණුම වෙත චෙක් පතක් ලබාදීමේ පහසුකම් TSU සතුව ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. චෝදනා වලට එකින් එකට පිළිතුරු දී නොමැති අතර ඔහු පවසා ඇත්තේ අනුන්ගේ නිර්මාණ වලින් වෙනත් සමාගම් පෝසත් කිරීමේ යුගය අවසන් කිරීමේ කාලය දැන් එළඹී ඇති බවයි. TSU පිලිබඳ සැකසංකා ඇත්නම් තමන්ගේ නිර්මාණ සමාජ ජාලා වල පලනොකොට බ්ලොග් අඩවි වල පළකොට ඒවා සමාජ ජාලා වෙත එක්කරන මෙන්ද ඔහු ඉල්ලීමක් සිදුකොට තිබේ.


TSU හා ශ‍්‍රී ලංකාව ඇතැම් උදවිය ඉතා ඉක්මනින් මුදල් සෙවිය උපක‍්‍රමයක් ලෙස එිම වරදවා වටහාගෙන තිබේ. එිම මගින් මුදල් ඉපයීම පහසු නොවේ. එය යම් කිසි කාලයක් ගතවන ක‍්‍රියාවලියකි. TSU මගින් ඇඞ්සෙන්ස් හෝ ඇඞ් ක්ලික් කොට සොයනවා මෙන් දැනට වැඩි ආදායමක් ලැබිය නොහැක. විදෙස් මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා අමන්දාගේ ලිපියට ප‍්‍රතිචාර දක්වා තිබුනේ ”‍මුදල් ගෙවීමේ කාර්ය පිලිබඳ නොසලකා හරියත් සමාජ ජාලා වෙබ් අඩවියක් ලෙස tsu හොඳ වෙබ් අඩවියක් බවත් ෆෙස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කොට කිසිදු මුදලක් නොලැබී සිටිනවාට වඩා ලැබෙන සත ගණන හෝ වැදගත් බවය”‍


මේ පිළිබදව දැන් ලෝකයම දන්නවා. බලන්න ජනප‍්‍රිය ෆොක්ස් නිවිස් සජීවී සංවාදයක් TSU නිර්මාතෘ සමග පැවැත් වූ ආකාරය.





දැන් ඔයාලට නිසි අවබෝධයක් මේ ගැන ලැබෙන්න ඇති. මේ තියෙන්නේ නිව්යෝර්ක් නගරයේ පවත්වාගෙන යන TSU ඔෆිස් එකයි.








මේ ගැන වැඩි දුර තොරතුර අපේ TSU ගිණුම ෆලෝ කර ලබාගත හැක.https://www.tsu.co/Poojitha











No comments:

Post a Comment