Wednesday, November 5, 2014

උපත් පාලන යනු ? කා සඳහා ද? සිදුවන්නේ කුමක් ද ? කව්ද කරන්නේ



ඔබට වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගත්තොත් රත්තරන් වගේ ඉස්තරම් පවුලක් ආදරයෙන් පිරී ගිය ඒ දෙසිතේ ඊළඟට දැල්වෙන බලාපොරොත්තුව විවාහය. විවාහය කියන්නේ ගැහැනියක් සහ පිරිමියෙක් ජීවිතයේ මුහුණ දෙන සුන්දරම අත්දැකීමයි. මෙලොවදී සුරංගනාවක්, සුර කුමරකු වගේ හැඩ වෙන එවන් දිනයක් ජීවිතයටම යළි උදා වෙන්නේ නැති තරම්. දෙහදක් පිවිතුරු හැඟීමෙන් එක්තැන් වෙන මංගල දිනය මොන තරම් සැලසුම් සහගතද?
මාස ගණනක් පුරා විවාහ මංගල්‍යයට දෙදෙනා සූදානම් වෙනවා. මේ සුන්දර සූදානම ජීවිතය පුරාම පවතිනවා නම් . . . ඒ කැදැල්ල
අඩුවක් නැතිව සතුට, සෞභාග්‍ය, සැනසුම පිරී යන තැනක් බවට පත් වෙනවා. එහෙත් විවාහයකදී ඇති කර ගන්නා මේ සූදානම, විවාහයෙන් වසර වසර ගෙවී යද්දී යළි අක්‍රමවත් වෙනවා.
අක්‍රමවත් බව, අපිළිවෙළ නිසා යුවළකට යුග ජීවිතයේදී මුහුණ දීමට සිදුවන එක් කටුක අත්දැකීමක් අනවශ්‍ය දරු උපත්.
නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදු කර ගන්නේ විවාහක කාන්තාවන්. සැලසුම් නො කළ ගැබ් ගැනීමක විත්තිකරුවා ඔබමයි.


මෙසේ වන්නේ ඇයි

විවාහ වුවත් ප්‍රජනක සෞඛ්‍ය ගැන වැඩි දෙනකුට වැටහීමක් නැහැ. ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා අවබෝධයක් නැහැ.




දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් ඇතත් ඒ ගැන සැලකිලිමත් නො වීම හෝ අවබෝධයක් නො තිබීම.

පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්‍රම නො වෙයි.
සැලසුම් නො කළ ගැබ් ගැනීමක් නිසාඇති විය හැකි ප්‍රතිඵල මොනවාද?
උපත් පාලන පෙති ගත්තා නම් ඕනෑම අවස්ථාවක එන්නත් ලබා ගැනීමට පුළුවන්. පෙති පැකැට්ටුව ගෙන අවසන් වූ පසු ලබා ගැනීම වඩාත් සුදුසුයි.
සම යට තැන්පත් කරන හෝර්මෝන කරල් භාවිත කළේ නම්, ඒත් ඕනෑම අවස්ථාවක එන්නත් ගතහැකියි.
ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළේ නම් ඔසප් වීම ඇරැඹී පළමු දින 5 තුළ ලබාගත යුතුයි.





එන්නත ලබාගත යුත්තේ . 



මාස තුනකට (දින 90 කට) වරක්. එන්නත ලබාගත් පසු එම තැන සම්භාහනය කිරීමෙන් වළකින්න. මෙහි සාර්ථක භාවය 99.97% ක්.




නියමිත දිනට එන්නත ලබා ගැනීමට නො හැකි වූවා නම් .

නියමිත දිනය පසු වී සති 4 ක් ගතවන තුරු එන්නත ලබා ගැනීමට පුළුවන්. එහෙත් උපත් පාලන ක්‍රියාවලිය අසාර්ථක වීම වැළැක්වීම සඳහා සෑම දින 90 කට වරක්ම එන්නත ලබා දෙන්න.
සති හතරකට වඩා පමා වුණොත් ඉදිරි දින හත තුළ කොන්ඩමයක් භාවිත කරන්න. එසේ නැත්නම් අනාරක්ෂිත, හදිසි සබඳතාවකදී ගත යුතු පෙති ගන්න.

නැවත සරු භාවය ලබා ගත හැකි කාලය . 

එන්නත නතර කර නැවත ගැබ් ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සාමාන්‍යයෙන් එන්නත නතර කර මාස 7 – 12 ක් වැනි කාලයකදී යළි ගැබ් ගත හැකියි.


අතුරු ආබාධ මොනවාද

ඔසප් චක්‍රය අක්‍රමවත්වීම (ඔසප් නතර වීම, බින්දු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය හෝ කලාතුරකින් රුධිර වහනය වැඩි වීම වැනි), ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල, මඳ වශයෙන් ඇතිවන පියයුරු වේදනාව හෝ විශාල වීම.
එන්නත වඩා සුදුසු වන්නේ කාට ද ?

* කිරි දෙන මවුවරුන්.

* දරුවන් අවශ්‍ය ගණන සිටින හෝ දරුවන් ගණන සීමා කිරීමට අවශ්‍ය මවුවරුන්ට.

* දරුවන් අතර නිසි පරතරයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන මවුවරුන්ට.

* ඊස්ට්‍රජන් හෝර්මෝන භාවිතය නුසුදුසු කාන්තාවන්ට.

* එන්නත් භාවිතයෙන් බලපෑමක් සිදු විය හැකි රෝගී තත්ත්වයන් නොමැති වයස අවුරුදු 50 ට අඩු ඕනෑම    කාන්තාවන්ට.

සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්


මේ දීර්ඝ ක්‍රියාකාරිත්වයක් සහිත ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයකි.
හෝර්මෝන කරල් ඩිම්බ පිටවීම වළක්වයි. ගැබ්ගෙල ආශ්‍රිත ශ්ලේෂ්මලවල ඝනකම වැඩි කරයි. එමඟින් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වැළකේ. ගර්භාෂය ඇතුළත බිත්තියේ ඝනකම අඩු කිරීමෙන් කලලය තැන්පත් වීම වළකී.විධ වෙළෙඳ නාමවලින් කරල් වර්ග ඇති අතර ඒවායේ ක්‍රියාකාරී කාලය වර්ගය අනුව වෙනස්වේ.

මේ උපත් පාලන ක්‍රමය ආරම්භ කළ හැකි වන්නේ කවදා ද?ඔසප් වීම ආරම්භ වී ඇත්නම් පළමු දින හත ඇතුළත් ද?

කිරි දීම අරඹා සති 6 කට පසුව ද, මුල් මාස තුනට පසු ගබ්සා වී ඇත්නම් පළමු සතිය ඇතුළත ද, මුල් මාස තුනෙන් පසුව ගබ්සා වී ඇත්නම් ගබ්සා වී සති හතරකට පසුව ද හෝර්මෝන කරල් තැන්පත් කළ හැකියි.
උපත් පාලන පෙති භාවිත කළා නම් ඕනෑම අවස්ථාවක ද, පවුල් සැලසුම් එන්නත් භාවිත කළේ නම් අවසාන එන්නත් කිරීමේ දින සිට දින 90 ක් ඇතුළත ද, ලූපයක් භාවිත කළේ නම්, ඔසප් වීම ඇරැඹී පළමු දින 5 ඇතුළත ද හෝර්මෝන කරල් තැන්පත් කිරීමට පුළුවන.හෝර්මෝන කරල් 99.9% ක් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයකි. ඔසප් වීම ඇති වී පළමු දින පහ ඇතුළත තැන්පත් කිරීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි.

හෝර්මෝන කරල් තැන්පත් කිරීමේදී . 


පුහුණුවලත් පුද්ගලයකුට කියා විසබීජහරණය කළ තත්ත්ව යටතේ කරල් තැන්පත් කළ යුතුයි.
වේදනාව අවම කිරීමට තැන්පත් කළ ස්ථානයට නිර්වින්දන ඖෂධ ලබා දෙන නිසා වේදනාවක් නො දැනෙයි. කරල් තැන්පත් කරන්නේ උඩු බාහුවේ ඇතුළත පැත්තේ වැලමිට හන්දියට අඟල් 5 ක් පමණ ඉහළින්ය.

තැන්පතුවේ නියමිත කාල සීමාව ඉක්මවා යන විට දෙවැනි හෝර්මෝන කරල එම බාහුවේම හෝ අනෙක් බාහුවේ තැන්පත් කළ හැකියි.හෝර්මෝන භාවිතය නු සුදුසු රෝගී තත්ත්ව නොමැති නම් වයස අවුරුදු 50 දක්වා මේ ක්‍රමය භාවිත කළ හැකියි.

තැන්පතුව ඉවත් කළ වහාම නැවත සාමාන්‍ය සරු බව බලාපොරොත්තු වීමට පුළුවන. මෙහි ඇති ප්‍රධානම වාසිය දිගුකාලීන ක්‍රියාකාරිත්වයක් තිබීමයි. වයසින් වැඩි කාන්තාවකට වුවත් මේ ක්‍රමය සුදුසුයි.
අතුරු ආබාධ ද නැත්තේ නොවේ. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල ඉන් කිහිපයකි.හෘද කපාට ආශ්‍රිත රෝග තත්ත්ව ඇති අයට පවා මේ ක්‍රමය සුදුසුයි.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපය





මෙය ප්ලාස්ටික්වලින් නිම කරන ලද කුඩා (සෙ. මී. 3.2ඔ3.6 ක් පමණ) ‘ටී’ අකුරේ හැඩය ඇති නැමෙනසුලු උපකරණයකි. තඹ දඟරයක් මෙය වටා ඔතා ඇති අතර මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ්ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳී සිටින පරිදි සකසා ඇත.
ලූපය ඔසප් වී පළමු දින 12 ක් ඇතුළත තැන්පත් කළ හැකිය. දරු ප්‍රසූතියට පසු හෝ ගබ්සාවකින් පසු ලූපයක් භාවිත කරනවා නම් ප්‍රසූතියෙන් සති හතරකට පසු තැන්පත් කරන්න. වෙනත් පවුල් සැලසුම් පෙති භාවිතකළ කෙනකුට වුණත් පසුව ලූපය පවුල් සංවිධාන ක්‍රමය වශයෙන් තෝරා ගත හැකියි. පුරා වසර 10 ක් ගැබ් නො ගෙන සිටීමට මේ ක්‍රමය ආධාර වෙයි. මවුවරුන්ට ද කදිමයි. සිරුරේ හෝර්මෝනවලට බල නොපායි.

ලූපය තැන්පත් කළ මුල් පැය 24 – 48 කාලය ඇතුළත උදරය මිරිකනවාක් වැනි වේදනාවක් ඇති වෙයි. මුල් සති 3 – 4 දී යෝනි මඟින් සුළු වශයෙන් රුධිරය පිට විය හැකියි.
සමහරුන්ට ඔසප් වීමේදී සාමාන්‍යයෙන් රුධිරය පිට වෙනවාට වැඩි රුධිර ප්‍රමාණයක් පිටවේ. මිරේනා ගර්භාෂයෙහි තැන්පත් කරන තවත් උපකරණයකි. මෙය ක්‍රමයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිකුත් කරන ප්ලාස්ටික්වලින් සාදන ලද කුඩා ‘ටී’ හැඩැති නැමෙන සුලු උපකරණයකි. පුහුණුව ලත් සෞඛ්‍ය සේවකයකු විසින් විසබීජහරණය කළ තත්ත්ව යටතේ තැන්පත් කිරීම හා ඉවත් කිරීම කළ යුතුයි. පස් වසරක් ගැබ් නො ගෙන සිටිය හැකියි. ආර්තවයේදී අධිකව රුධිරය පිටවන කාන්තාවන්ට රුධිර වහනය අඩු කිරීමට ද මේ ක්‍රමය යොදා ගනියි. එයින් රක්තහීනතාවේ අවදානම අඩුවේ.

ස්ථිර උපත් පාලන ක්‍රම

තවදුරටත් දරුවන් අනවශ්‍ය යුවළකටවන්ධ්‍යකරණයට යොමු විය හැකියි. වන්ධ්‍යකරණ සැත්කමට වැය වෙන්නේ මිනිත්තු 10 – 15 ක් වැනි කෙටි කාලයකි.

කාන්තාවන්ට කරන වඳ සැත්කම් එල් ආර් ටී යනුවෙන් හඳුන්වයි.
දරුවා බිහි කර පළමු පැය 48 දී සැත්කම් කිරීම වඩා සුදුසුයි. එනමුත් දරු උපතින් සතියකදී හෝ සති අටකට පසුව ද සැත්කම කළ හැකිය.
සාමාන්‍ය කාන්තාවකට ඔසප් වී පළමු දින හතක් තුළ ද සැත්කම කිරීමට පුළුවන.
පෙති, ලූප, හෝර්මෝන කරල් මේ ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිත කළ කාන්තාවකට ඕනෑම අවස්ථාවක සැත්කමට යොමුවීමට හැකියාව ඇත. පවුල් සැලසුම් එන්නත් භාවිත කළා නම් අවසන් එන්නතේ සිට දින 90 කදී සැත්කම කිරීමේ හැකියාව තිබේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නවා නම් සැත්කමට පෙර සාමාන්‍ය පරිදි ඒ ඖෂධ ගන්න. සැත්කමට නිරාහාරව සිටීම අවශ්‍ය නො වෙයි. සැත්කමට පෙර නා හොඳින් පිරිසුදුව සිටීම වැදගත්ය.
සැත්කම පළපුරුදු වෛද්‍යවරයකුට කියා කර ගැනීම අත්‍යවශ්‍යයි.
පිරිමියකු වඳ සැත්කම කර මාස තුනක් යන තුරු උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. වන්ධ්‍යකරණය (වඳ සැත්කම) සාර්ථකව සිදු වී ඇත්දැයි බැලීමට මාස තුනකට පසු ශුක්‍ර තරලය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

වෙනත් රෝගයකට (දියවැඩියාව, අධික රුධිර පීඩනය) ප්‍රතිකාර ගන්නවා නම් සැත්කමට පැමිණීමට පෙර ඖෂධ ගත යුතුයි. නිරාහාරව සිටීම අනවශ්‍යයි. නා පිරිසුදු වී, පවිත්‍ර යට ඇඳුම් ඇඳ පැමිණීම වැදගත්ය. සැත්කම සඳහා පා පැදියකින් නොයා යුතුයි.

අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම



නො සිතූ මොහොතක ඇතිවන සම්බන්ධතාවක් සිතට ගෙන දෙන්නේ බියක්. එවැනි අනාරක්ෂිත සබඳතාවකදී ගත යුතුම පෙති වර්ගය පොස්ටිනෝ පෙතියි. කායික සම්බන්ධයෙන් පැය 72 ක් තුළදී මෙය භාවිත කළ යුතුයි.

පළමු පෙති මාත්‍රාව ගෙන පැය දොළහකට පසු දෙවැනි පෙති මාත්‍රාව ගත යුතුයි. ඖෂධ මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමට ද පුළුවන්.

මේ පෙති හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට පමණක් භාවිත කරන්නකි.
උපත් පාලන ක්‍රමයක් වශයෙන් භාවිත කරන්නක් නො වෙයි.




Senior Member
MassMaxy is just really niceMassMaxy is just really niceMassMaxy is just really niceMassMaxy is just really niceMassMaxy is just really niceMassMaxy is just really niceMassMaxy is just really niceMassMaxy is just really nice

No comments:

Post a Comment