Tuesday, November 18, 2014

DJI සමාගමේ අලුත්ම සාමාජිකයා – DJI Inspire One (වීඩියෝ සහිතයි)

 
අපි අහසේ පියාසරන ඩ්‍රොන් යානා ගැන බොහෝ දේ කතා කරා. Drone යානා නිපදවන්නට විවිධ සමාගම් උත්සාහ දැරුවත් DJI සමාගම විසින් නිපදවූ DJI Phantom යානා තමයි වැඩිම ජනප්‍රියත්වයක් දිනාගත්තේ. ඉතින් අපි මේ කියන්න යන්නේ DJI සමාගමේ අලුත්ම Drone යානය වන DJI Inspire One ගැනයි.
DJI සමාගමේ DJI Phantom යානාවල විශේෂත්වය වුනේ පහසුවෙන්, පෙර පළපුරුද්දක් නැතිවම වුනත් ගුවන් ගත කරන්නට හැකිවීමයි. ඒ වගේම වෘත්තීය මට්ටමේ උඩුගුවනේ කැමරාකරනයට DJI Spreading Wings යානා වල විශේෂත්වය වුනේ තත්වයෙන් උසස් රූගත කිරීම් සඳහා යොදාගත හැකි වීමයි. ඉතින් මේ නිෂ්පාදන දෙකේම විශේෂතා එකතු කර සෑදු Drone යානයක් විදියට DJI Inspire One හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ උසස් තත්වයේ දර්ශණ ඉතාමත් පහසුවෙන් ලබාගන්නට මේ drone යානය නිසා හැකියාව ලැබිලා.
dji-inspire-1-drone-702x394
මේ drone යානය දුටු පමණින්ම යානයේ අපූරූ වෙනස් පෙනුම නිසා පහසුවෙන් සිත් ඇද බැඳ ගැනීමට සමත්. ඒ වගේම ගුවන් ගත කිරීමේදීත් තටු ක්‍රියාත්මක වන ආකාරය අපූරුයි. ගුවන් යානයේ පාද ලෙස ක්‍රියා කරන්නේත් තටු සම්බන්ධ කර ඇති බාහු නිසාවෙන් පහසුවෙන් අංශක 360ක ප්‍රදේශයක දර්ශණ කිසිදු බාධාවකින් තොරව රූගත කරන්නට පුළුවන්. ඒ වගේම මෙහි ඇති කැමරාව පොළව දෙසට හැරී තිබෙන අතර පොළවේ ඇති දේ හඳුනාගනෙ GPS සංඥා නොමැති විට පවා පහසුවෙන් යානය ස්ථායිව තබාගන්නට උපකාරීවනවා.
ඒ වගේම යානය සමඟ ලැබෙන කැමරාවට 4K විඩියෝ සහ මෙගා පික්සල් 12ක ඡායාරූප ලබාගන්නට හැකියාව තිබෙනවා. වෘත්තීය මට්ටමේ DJI Spreading Wings S1000 වල මෙන් දෙදෙනෙකු සහභාගී වී රූගත කීරීමේ කටයුතු කරන්නටත් හැකියාව තිබෙන අතර එවිට එක් පුද්ගලෙයකු යානය හසුරවන විට අනෙක් පුද්ගලයාට කැමරාව හසුරුවන්නට අවස්ථාව ලැබෙනවා.
කෙසේ නමුත් මේ යානයේ මිලනම් $2800ක් පමණ වනවා. ඒ නිසා සාමාන්‍ය  එදිනෙදා කටයුතු සඳහානම් මෙය ගැලපෙන්නේ නැහැ.  ඒත් වෘත්තීය මට්ටමේ කෙනෙකුට ලක්ෂ 8ක් 10ක් වගේ අධික මුදලක් වියදම් කර DJI Spreading Wings මිලදී ගන්නවාට වඩා මේ නව DJI Inspire One මිලදී ගැනීම වාසිදායකයි.
Update: ලංකාව තුලදී මේ අපූරු උපකරණය රු: 415000කට මිලදී ගැනීමට අවස්ථාව ඇති අතර ඒ සඳහා පිවිසෙන්නCamera Lk වෙත.


No comments:

Post a Comment