Thursday, December 25, 2014

ගුවන්යාන ගොඩබස්වන iPad App එකක්

ගුවන් යානයක් සාර්ථකව ගොඩබැස්සවිය හැකි ආකාරයට වැඩි දියුණු කළ, අයිපෑඩ් ඇප් වැඩසටහනක් පිළිබඳව තොරතුරක් පසුගියදා වාර්තා විය. ක්ෂේවියන් Xavion ලෙසින් නම් කර ඇති මෙම වැඩසටහන අමෙරිකාවේ ඔස්ටින් මේයර් නම් අයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.


එහිදී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක ස්වයංක්‍රීය නියමු හෙවත් Auto Pilot වෙත WiFi තාක්ෂණය හරහා සම්බන්ධවෙමින් ආසන්නයේම ඇති ගුවන් තොටුපොළක් හෝ තැනිතලා භූමියක් වෙක එය ගොඩබෑමේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව මෙම වැඩිදියුණු කල ඇප් සංස්කරණය හරහා කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව ගුවන් යානයක් සාර්ථකව ගොඩබෑම කළ හැකිය.


විශේෂයෙන්ම ගුවන් යානයක එන්ජිමක යම් දෝෂයක් ඇති වූ විට මෙය වඩාත් ප්‍රයෝජනවත් බව ඔස්ටින් මේයර් පවසයි. කෙසේ වෙතත් ඉදිරිදයේදී මෙම සංස්කරණය වැඩිදියුණු කර සත්‍යාසන්න Auto Pilot තාක්ෂණයකටත් එහා ගිය වඩා සාර්ථකම ක්‍රමයක් බවට පත් කිරීමටද ඔහුගේ බලාපොරොත්තුව වී තිබෙනවා. එහිදී ගුවන් ගමන සම්බන්ධ තොරතුරු සියල්ලම යොදා ගනිමින් මේ කටයුත්ත කිරීමට නියමිතයි.
ඒ අනුව මෙම වර්තමාන සංස්කරණය හරහා ගුවන් යානයේ ස්කන්ධය හා සමබරතාවය පිළිබඳව පරීක්ෂා කිරීමත්, ඉන්ධන දහනය වීම ඇස්තුමේන්තු කිරීම මෙන්ම විවධ උසස් මට්ටම්වලදී ගමනාන්තය වෙත යාමට ගතවන කාලය යනාදිත් සිදුකළ හැකි බව පැවසෙනවා. එහදී ආසන්නම ආරක්ෂිත ස්ථානයක් වෙත යානය ගොඩබැස්සවීම සඳහා යානය සතු ඉන්ධන ප්‍රමාණය පිළිබඳව නිවැරදිම දත්ත මෙමගින් ලබාදෙන බව සඳහන්ය.

දැනට මෙම Xavion ඇපල් අයිපෑඩ් ඇප් වැඩසටහන මඟින් සිදුකළ අත්හදා බැලීමේ කටයුතු සාර්ථකව සිදුව තිබෙන බව ඔස්ටීන් පවසනවා. එසේම GPS සංඥා ආධාරයෙන් ගුවන් යානය පිහිටි නියමිත ස්ථානය දැනගැනීමටත් මේ ඇප් වැඩසටහන හරහා හැකියාව ලැබෙනවා.



ඊට අමතරව භූමියේ හඳුනාගැනීම, භූමියේ වේගය, උස සහ සිරස් වේගය යනාදියත් වඩාත් පහසුවෙන්ම කියවාගැනීමටද මෙහි පහසුකම් සැලසෙනවා. මේ දත්ත සියල්ලමත් සමඟින් අප සිටින ස්ථානය අනුව කිසිසේත්ම ආසන්න ගුවන් තොටුපොළක් වෙත යාමට අප අපොහොසත්නම් එය ස්ථීරවම මෙම ඇප් වැඩසටහන හරහා ප්‍රකාශ කෙරෙනවා. ඒ අනුව ක්ෂණිකවම වෙනත් විකල්පයක් වෙත යොමුවීමට නියමුවාට හැකියාව ප්‍රකාශ කෙරෙනවා. ඒ අනුව ක්ෂණිකවම වෙනත් විකල්පයන් වෙත යොමුවීමට නියමුවාට හැකියාව ලැබීම මෙහි ඇති තවත් එක් වාසියක් බව ඔස්ටීන් පවසනවා.

මෙම Xavion ඇප් වැඩසටහන දැනටමත් ඇපල් ඇපස්ටෝර් වෙත ඇතුළත් කර ඇති අතර එය ඩොලර් 199 ක් එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් විසිහතක් දහසකට පමණ මිල කෙරී තිබෙනවා.
Xavion ඇප් වැඩසටහන යොදාගනිමින් ගුවන් යානයක් ගොඩබස්වන අයුරු පහතින් නරඹන්න



No comments:

Post a Comment