Friday, January 23, 2015

මොනවද මුත්තේ මොකද කරන්නේ?

මගේ පුංචි කලේ මම බොහොම ප්‍රිය කරපු ඇළුම් කරපු ගීතයක් තමයි අද ඔයාලට දෙන්න හිතුනේ.ගොඩක් අය මේ ගීතය පෙර රසවින්දනය කර ඇතුවාට සැකයක් නැ.කාලෙකට පස්සේ මෙවැනි ගීතයකින් අපේ පුංචි අවදිය වගේම අපේ ජිවිත වලට ආකල්පමය වෙනසක් සහ අමුතුම උත්තේජනය ලැබෙනවා.වර්තමානේ දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන්ගේ පුංචි මනසට ඇතුළු නොවුණු උසස් මානසික ගුණාංග කීපයක් පිළිබද මානව මේ ගීතයෙන් මානව විදහා දැක්වෙනවා.බලයෙන් වගේම නොයෙක් දේවල් වලින් ඇස් අන්ද වුවන්ට තම තමන්ගේ මට්ටම හා ඔබ කොහෙද සිටිනේ ද, බව පසක් වේවි මේ ගීතය ඇසෙන විට.





මොනවද මුත්තේ මොකද කරන්නේ?
මොකටද ඔබ ඔය බිම හාරන්නේ?

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි 
අඹ ඇටයක් සිටුවන්නට හැරමි.

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද?

මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි!

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට?!

පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස.

පෙර උන් අය සිට වූ අඹ ගස්වල 
ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්නට සැලසුම අපගේ යුතුකම!

ඒ යුතුකම හොද හැටි දැනගත්තෙමි 
ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි




No comments:

Post a Comment