Thursday, January 22, 2015

ප්ලේන් අතුරුදහන් වෙන්න පටන්ගත්තේ ගොඩක් ඉස්සර.

2014 අවුරුද්ද අහසේ යන ප්ලේන් වලට නම් ගොඩක් අමිහිරි අවුරුද්දක්. කාටත් විශ්වාස කරන්න බැරි විදිහට මගීන් සිය ගණන් ඉන්න ප්ලෙන් නිකම්ම අහසට බිලි වුනා. ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුවට ගිය එයාර් ඒශියා ප්ලෙන් එක මේ විදිහට අතුරුදහන් වුනේ පසුගිය ඉරිදා. ඒත් මේ ප්ලේන් අතුරුදහන් වෙන එක ගොඩක් ඉස්සරත් වෙලා තියනවා. ලෝක ඉතිහාසයේ අතුරුදහන් වෙච්ච ප්ලේන් කිහිපයක් ගැන තොරතුරු ටිකක් තමා මේ.

1. එයාර් ඒශියා ෆ්ලයිට් QZ8501.

flight-qz8501-airasia
පුද්ගලයන් 162ක් ගිය මේ ප්ලේන් එක ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුවට යන ගමනේදී ජාවා මුහුද ඉහළ ගුවනේදී අතුරුදහන් වුනා. ගුවන් ගමනාගමන පාලකයන් සමග සම්බන්ධතාවය නැති වීමට පෙර මේ ප්ලේන් එකේ එක නියමුවෙක් අහිතකර කාලගුණය නිසා වැඩි උසකින් පියාසර කිරීමට අවසර ඉල්ලුවා. ලැබුන තොරතුරු අනුව ප්ලේන් එකේ අන්තිම පිහිටීම සැලකිල්ලට අරගෙන සිදුකරපු අනුමානය තමයි ප්ලේන් එක කාලගුණික හේතුවක් නිසා මුහුදුබත් වෙලා කියලා. අවාසනාවන්ත ලෙස අද වෙනකොට ප්ලෙන් එකේ ගිය මගීනගේ සිරුරු සාගරයෙන් හොයාගන්න එක ආරම්භ වෙලා තියනවා.

2. මැලේසියානු එයාර්ලයින්ස් ෆ්ලයිට් MH370.

Boeing_777-200ER_Malaysia_AL_(MAS)_9M-MRO_-_MSN_28420_404_(9272090094)
මැලේසියාවේ සිට චීනය දක්වා යන ගමනේදී පුද්ගලයන් 239ක් ගිය මේ ප්ලේන් එක ගුවන්ගත වීමෙන් පැයකට අඩු කාලයකදී අතුරුදහන් වුනා. ඒත් ප්ලේන් එකෙන් කිසිම කාලගුණික හෝ තාක්ෂණික දෝෂ ගැන අනතුරු ඇගවීමක් සිදු කලේ නැහැ. තවමත් මේ අතුරුදහන් වුන ප්ලේන් එකේ සුන්බුන් සොයාගෙන නැතිවුනාට මැලේසියානු නිලධාරින්ගේ අවසාන ප්‍රකාශනයට අනුව ප්ලේන් එක දකුණු ඉන්දියානු සාගරයේ පතුලේ මුහුදුබත් වෙලා තියෙන්නේ.

3. හොරකම් කල බොයිං 727-233.

N6804_727_AAL_YYZ_nca_1280a
2003දී ඇන්ගෝලාවල ගුවන්තොටුපලක ධාවන පථයේ තිබ්බ ප්ලේන් එකක් සන්නිවේදන කුලුණත් සමග කිසිම සම්බන්ධතාවයකින් තොරව ගමන් කරන්න පටන් ගත්තා. පසුව අත්ලන්තික් සාගරය හරහා බටහිර දෙසට ගමන් ගත්ත ප්ලේන් එක ඔක්කොම ලයිට් විසන්දි කරලා කිසිම තොරතුරක් නොදී අතුරුදහන් වුනා. ප්ලේන් එකේ හිටියේ මගීන් දෙන්නයි. දෙන්නටම ප්ලේන් එලවන්න කිසිම අදහසක් තිබුනේ නැහැ. අද වෙනතුරු ඒ ප්ලේන් එකට සිදුවුන දේ ගැන ලෝකෙට කිසිම අදහසක් නැහැ.

4. ෆ්ල්යින් ටයිගර් ලයින් ෆ්ල්යිට් 739.

Flying-Tiger-Line-Flight-739-1962
1932දී ඇමරිකානු හමුදාවේ සාමාජිකයන් 90ක් එක්ක මේ ප්ලේන් එක ගුවාම් සිට ෆිලිපීනයට යන ගමනේදී අතුරුදහන් වුනා. මේ ප්ලේන් එකෙනුත් කිසිම අනතුරක් ගැන තොරතුරක් නිකුත් කලේ නැහැ. ලයිබීරියානු නැවක් අහසේ දීප්තිමත් ආලෝකයක් දැක්ක බව වාර්ථා කලා. මේ ප්ලෙන් එකේ පිපිරීම කියල සමහරු විශ්වාස කලත් ඇමරිකාව කියන්නේ අතුරුදහන් වීමට හරිම හේතුව තාම දන්නේ නැහැ කියලයි.

No comments:

Post a Comment