Thursday, January 22, 2015

ලෝකේ බුද්ධිමත්ම මිනිහා කතාකරන්නේ පුදුම හිතෙන කොම්පියුටරයකින්!

දැනට ජීවත්වෙලා ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා හැටියට පිළිගැනෙන්නේ ස්ටීවන් හෝකින්ස් කියන විද්‍යාඥයා. ස්ටීවන් ඉපදුනේ 1942 ගැලීලියෝ ගැලීලිගේ 300 වෙනි මරණ සංවත්සරය දවසේ. මොහු පොඩි කාලේ පාඩමට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. ගොඩක් අඩු ලකුණු ගත්තා. ඒත් වර්තමාන ලෝකයේ අභ්‍යවකාශය ගැන වාද විශාල ප්‍රමාණයකට ස්ටීවන් වගකියනවා.
 

 
ඔහුට අවුරුදු 21දී  ඒ.එල්.එස් කියන චාලක නියුරෝනය එක්ක සම්බන්ධ ලෙඩක් හැදුනා. ඩොක්ටර්ස්ලා කිව්වේ එයාට ජීවත්ව්න්න පුලුවන් තව අවුරුදු දෙකයි කියලා. ඒත් අද වෙනකොට ඔහුට අවුරුදු 73ක් වෙනවා. ඔහුගේ ලෙඩේ නිසා ඔහුට කිසිම වීදිහකින් හෙලවෙන්න බැහැ. 1985 දී ඔහුට නියුමෝනියාව හැදුන අවස්ථාවේදී කරපු ඔපරේශන් එකක් නිසා ඔහුට කතා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වුනා. ඒත් ස්ටීවන්ට කියන්න ගොඩක් දේවල් ඉතුරුවෙලා තිබ්බා. ඉස්සෙල්ලම එයා වචන සහිත කාඩ් වලින් කතා කරන්න උත්සහා කලා. ඊට පස්සේ කොම්පියුටරයක වචන ක්ලික් කරමින් ඔහුගේ අදහස් ලෝකෙට දෙන්න උත්සහා කලා. ඒත් කාලයක් යනකොට ඔහුගේ අත් වල නහර වැඩ කරන එක නැවතුනා.
 

 
එතකොට තමා ඔහුගේ කම්මුලට සවි කරපු උපකරණයකින් කතාකරන්න පටන්ගත්තේ. ඔහුගේ කම්මුලෙන් ඇතිවෙන සියුම් චලන ඔහුගේ කණ්නාඩි වල තියන සෙන්සර් එකකට සිග්නල් යවනවා. මේ සිග්නල් එක කොම්පියුටරයට ගිහින් හඬක් ඇතිවෙනවා. මේ ක්‍රමයෙන් ස්ටීවන්ට ඊමේල් යවන්න විතරක් නෙමෙයි කතා පවත්වන්නත් පුලුවන්. ඔහුට අවශ්‍යය විදිහට මේ කොම්පියුටරය දියුණු කරන්න ඔහුට උදව් කරන්නේ ඉන්ටෙල් සමාගම.
 
ස්ටීවන් කොම්පියුටරය හරහා කතාකරන වීඩියෝ එකක් තමා මේ.


No comments:

Post a Comment