Thursday, January 22, 2015

ආහාර අනුභව කලපසුව පානය කරන කූල් වතුර කෝප්පයෙන් ශරීරයට ඇතිවෙන බලපෑම!

ආහාර අනුභව කලපසුව පානය කරන කූල් වතුර කෝප්පයෙන් ශරීරයට ඇතිවෙන බලපෑම.




ආහාර අනුභව කරනු ලැබූ පසුව ශීතකළ ජලය පානය කිරීමට වැඩි දෙනෙක් පුරුදුව සිටින්නේ එමගින් ඇතිවෙන භයානක තත්වය පිලිබදව නොදැන සිටින නිසාවෙනි. ආහාර බැදීම සදහා භාවිතා කරනලද තෙල් සහිත බදුනකට ශීතකළ ජලය වත්කරොත් සිදුවන්නේ කුමක්ද ? ආහාර ජීරණ පද්ධතිය තුලද සිදුවන්නේ එම ක්‍රියාවලියමයි.



ශීතකළ ජලය පානය කල පසුව ශරීරගතව ඇති තෙල් කොටස් මිදෙනවා. මිදීම නිසා එක් රැස්වෙන එම ඝන කොටස් ජීරණය කිරීමට අපහසුයි. නිසිලෙස ජීරණය නොවීම නිසා බොහාමයක් හානිකර තත්වයන් ඇතිවීමට හැකියාව තිඛෙනවා . බඩවල් ආශ්‍රිත රෝගීතත්වයන්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකාවන් වැනි අහිතකර තත්වයන් උදාහරණයක් වශයෙන් හදුන්වන්නට පුළුවන්.


ශීතකළ ජලය වෙනුවට යම්කිසි උණුසුම් පානයක් භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. මොකද ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට උණුසුම් ජලයට හැකියාව තිඛෙනවා. තවද ඔබ අනුභව කරන ආහාර වල ඇති ශක්තිය සහ පෝෂණයන් හොදින් අවශෝෂණය කර ගැනීමටද උණුසුම් ජලය උපකාරී වෙනවා. 


ඔබගේ ශාරීරික සෞඛ්‍ය තත්වයට හානිකර වෙන මෙම අයහපත් පුරුද්ද නැවත සිදු නොකරන්නට මතක තබා ගන්න. මෙම හානිකර තත්වය පිලිබදව නොදැන සිටින ඔබගේ මිතුරන් දැනුවත් කරන්නටද අමතක කරන්න එපා. 

No comments:

Post a Comment