Showing posts with label කිරියේ කතා. Show all posts
Showing posts with label කිරියේ කතා. Show all posts

Thursday, October 23, 2014

-The World's First Real Hoverboard-

Hoverboards aren't just a figment of your imagination anymore, now they're real. This is the Hendo, the world's first ever hoverboard and the creators are currently running a kickstarter campaign so that they can mass produce this glorious creation. For the price of $10,000 you can own your very own hoverboard to go along with your self tying shoes.












Senior Member

Thursday, October 9, 2014

ලොවෙත් නැති ප්‍රශ්න

ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්  බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්  ටිකක් දිග වැඩියිඒත් ඉතාම රසවත් .

ප්‍රශ්න අංක 1:

අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා . ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා . ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි . දෙදෙනෙක් අන්ධයි . තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක් . ඒ විතරක් නෙමේඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා .
මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් දරුවකු මෙලොවට බිහිකරන්නටසමහරවිට ඇ ගැනත්නූපන් දරුවා ගැනත් සිතා ඔබ කියාවි නේද ඇය ගබ්සාවක් කළානම් හොඳ බව
මෙම ප්‍රශ්නයට මා නොවැරදීම පිළිතුරු දෙන්නම් . එහෙත් ඊට පෙර පහත දක්වා ඇති දෙවන ප්‍රශ්නයට සිත යොමුකරන්න.

ප්‍රශ්න අංක 2 :

මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ . ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.

1වැනි අපේක්ෂකයා:

ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි . හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි . නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු 8ත් 10ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි .

2වැනි අපේක්ෂකයා:

දෙවතාවක්ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත . පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි .

3වැනි අපේක්ෂකයා:

ඔහු කාගෙනුත් ගරු බුහුමන්ප්‍රශංසා ලද යුධ විරුවෙකි . මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි .

හොඳයි මින් කවුද ඔබේ මනාපයකවුද ඔබ තෝරාපත් කරනුයේ? පළමුව තීරණය කරන්න.

අනතුරුව පිළිතුර උදෙසා ලිපිය දිගටම කියවමින් පහළට යන්න 

1වන අපේක්ෂකයා නමින් ෆ්‍රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්

Image result for franklin d roosevelt 

2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය 

Image result for winston churchill

3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය


 


එපමණක් නොවේඅර මුලින් මා ඇසූ ගබ්සා ප්‍රශ්නයට පිළිතුර:
ඔබ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේදඑය එසේනම්

එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ බිතෝවන්” බව අමතක නොකරන්න



Hobs 
Senior Membe


London’s New Folding Bridge

British firm Knight Architects and structural engineers AKT have designed and completed a new moving footbridge in Paddington, London, that opens and closes like the blades of a traditional Japanese hand-held fan. The bridge consist of five steel beams, stabilized with counterweights, that rise and fall in sequence to create a fan-like effect. The first rises to 70 degrees, while the last lifts high enough to create a clearance space of two and a half meters over the surface of the canal over which it spans. The bridge is three meters across and straddles a 20-meter width of the Grand Union Canal in Paddington Basin, close to Thomas Heatherwick's Rolling Bridge that curls into a ball.

The architects, who specialize in bridge design, won a limited competition to design the crossing in 2012 with their plans for a "kinetic sculpture" that could rise to allow canal boats to pass along the waterway.




Other notable bridges that move… in a weird way: Gateshead Millennium Bridge – this bridge tilts; Submersible Bridges at Corinth Canal – these bridges sinks; Transporter Bridges – these bridges carry.

 





ELAKIRI - Wolverine GTR

                      Senior Member

ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු

බත් හා පාන් පමණක්‌ දිනකට ප්‍රමාණවත්ද?

අපගේ එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු අතර ආහාරවලට ඇත්තේ සුවිශේෂී තැනකි. අපට වැළඳෙන බොහෝ රෝගවලට ප්‍රධාන හේතු කාරකයා වන්නේද ආහාරය. මෙය මුළු ලෝකයටම බලපා ඇති ගැටලුවකි. එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජපානයේ පැවැති "ජීවන චර්යාවට බලපාන රෝගාබාධ වලක්‌වා ගැනීම" වෛද්‍ය වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතාය. මෙම ලිපි පෙළ සැකසෙන්නේ එම වැඩමුළුවේ වෛද්‍යවරයා ලබාගත් තොරතුරු ඇසුරිනි.
එදිනෙදා අපගේ ජීවිතයේ ජීවන චර්යාව අනුව වැළඳෙන බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක්‌ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් සහ ස්‌ථූලතාවය යන රෝගවලට හිමිවන බව අනාවරණය වී ඇත.
මෙම රෝග අපට වැළඳීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ වැරදි ජීවන රටාවය.
නිරෝගී ජීවිතයක්‌ සඳහා ළමා, තරුණ, වැඩිහිටි අප සියලු දෙනා දිනකට ආහාර වෙල් තුනක්‌ ගත යුතුය.
මෙම සෑම ආහාර වේලකම පිෂ්ඨය. ප්‍රොaටීන්, විටමින්, මේදය යන ප්‍රධාන පෝෂක කොටස්‌ තිබිය යුතුය.
මෙම ප්‍රධාන පෝෂක කොටස්‌ සහිත ආහාර වේලක්‌ සකසා ගැනීම එතරම් අපහසු නැත. නමුත් බොහෝ දෙනා තුළ පවතින වැරැදි ආකල්ප නිසා පෝෂණය සහිත ආහාර වේලක්‌ සකසා ගැනීමට නොහැකි වේ.
අපට උදේට කන්න වෙලාවක්‌ නැහැ. වෙලාවට කන්න විදිහක්‌ නැහැ. උයන්න වෙලාවක්‌ නැහැ. පිටින් කන එක ලාභයි. වැනි ආකල්ප නිසා බොහෝ දෙනා වෙළෙඳ පොළොන් ආහාර ගැනීමට හුරුවී සිටිති. මෙම ආහාර කිසියම් වට්‌ටෝරුවකට අනුව සකස්‌කර ඇත.
එනිසා එය සෑම පුද්ගලයකුටම ගැලපෙන්නේ නැත. විශේෂයෙන්ම මෙම ආහාරවල බහුලව ඇත්තේ පිෂ්ඨය සහ මේදය පමණි. එවැනි ආහාර නිතර නිතර ගැනීමෙන් සිරුරේ සීනි සහ මේදය අධික ලෙස තැන්පත් වේ. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් සහ ස්‌ථුලතාවය යන රෝග වැළඳීමය.
මෙම තත්ත්වයෙන් මිදීමට නම් අප අවබෝධයෙන් යුතුව දිනපතා ආහාර ගත යුතුය. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් අප උදේ ආහාර සඳහා ගත්තේ පාන් සමග සම්බෝල නම් එහි පිෂ්ඨය සහ මේදය බහුලව ඇත. ඉඳිආප්ප සමග පරිප්පු සහිත උදේ ආහාර වේලක්‌ ගතහොත් එහි පිෂ්ඨය සහ පෝටීන් අඩංගුය. තෝසේ සම්බෝල සහ තෝසේ සඳහා එළවළු මිශ්‍රකර සකස්‌ කළ හොදි සහිත උදේ ආහාර වේලක්‌ ගතහොත් එහි පිෂ්ඨය, මේදය සහ විටමින් අඩංගුය.
මෙවැනි කුමන වට්‌ටෝරුවක හෝ ආහාර වේලක්‌ උදෑසනට ගෙන දිවා ආහාරය සඳහා බත් ආහාරයට ගන්නේ නම් එහි මාළු, මස්‌ හෝ බිත්තරයක්‌ අඩංගුවීමෙන් සිරුරට අවශ්‍ය සෙසු විටමින් සහ ප්‍රොaටීන් ප්‍රමාණය ලබාගත හැකිය.
රාත්‍රි ආහාර වේලද ඉතා සැහැල්ලු විය යුතුය. එම ආහාර වේල රාත්‍රි 8.30 පමණ වනවිට ගෙන අවසන් කිරීමට අවධානය යොමු කළ යුතුය.
ආහාරවේල් අතර පැමිණෙන කුසගින්නට ඉතා සැහැල්ලු ආහාරයක්‌ හෝ පිරිසිදු ජලය වීදුරුවක්‌ පානය කිරීමට හුරු පුරුදු විය යුතුය.
ආහාර වේලකින් පසු පළතුරක්‌ ආහාරයට ගැනීමට හැකි වේනම් එය ඉතා අගනේය. පළතුරුවල ඇති විටමින් සී ගුණය නිසා අපගත් ආහාරයේ ඇති යකඩ විටමින් වර්ග සිරුරට උරාගැනීමට පහසු වේ.
අප දවසේ ආහාර වේල් තුන එකම වට්‌ටෝරුවකින් යුතුව සකස්‌කර ගතහොත් ඉන් අපට ලැබෙන්නේ සීමා සහිත පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ පමණි. එසේම අනවශ්‍ය ලෙස පෝෂණ ද්‍රව්‍ය කොටස්‌ ශරීරයට එක්‌වීම නිසා ඒවා ශරීරයේ අධික ලෙස තැන්පත් වේ.
මන්දයත් අප එදිනෙදා සකස්‌ කරන ආහාර වලදී තෙල් වැඩිපුර භාවිත කිරීම, පිෂ්ඨය සහිත ආහාර වර්ග බහුල වීම නිසා මෙහිදී බොහෝවිට සිදුවන්නේ සිරුරට තෙල් සහ සීනි අධික ලෙස ලැබීමය.

වෛද්‍ය සුරංග දොලමුල්ල
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ 
උතුරු කොළඹ (රාගම) ශික්‌ෂණ රෝහල