Showing posts with label සරණක් සොයා. Show all posts
Showing posts with label සරණක් සොයා. Show all posts

Monday, October 6, 2014

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි වැදගත් ලක්ෂණයක් වන්නේ පළමුවෙන් ම පුද්ගලයාගේ මෙලොව සමාජ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මඟ පෙන්වා තිබීමයි. පරලොව යහපත හා සුභසිද්ධිය පිළිබඳව අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව ය. එබැවින් මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය වැනි බොහෝ සූත්‍ර දේශනාවන්හි අඩංගු වන්නේ මෙලොව ජීවිතය දියුණු කරගත යුතු ආකාරයයි. වත්මන් සමාජය කෙරෙහි විමසිල්ලෙන් බලන විට පෙනීයන්නේ විවිධ දුෂ්චරිතවලට පෙළඹී, සමාජ පිළිල හැටියට ජීවත්වන්නගෙන් වැඩිම පිරිස ආගම දහම ප්‍රතික්ෂේප කරමින් සමාජ හා මානව ආචාර ධර්ම නොසලකා හරින්නන් වන බවයි.
ඉහත සඳහන් කළ ධර්ම සූත්‍ර දේශනා අතරින් සිඟාලෝවාද සූත්‍රය පමණක් හෝ මැනවින් ධාරණය කරගෙන ඊට අනුව වත්මන් සමාජය හැඬ ගැසෙන්නේ නම් පිරිහෙමින් පවතින සංකීර්ණ ගති ලක්ෂණ ඇති කවරම පුද්ගලයෙකු හෝ මානව සමාජයක් හෝ ඉතා උසස් මානසික දියුණුවකට පත්වන බවට කිසිදු සැකයක් නැත. ස්වකීය දියුණුව අභිවෘද්ධිය සඳහා පුද්ගලයෙකු විසින් අනුගමනය කළ යුතු මූලික ගුණාංග කීපයක් සූත්‍රයේ ආරම්භයේ දී ම විග්‍රහ කර ඇත. ඒ අනුව සමාජය දූෂිත වීමට බලපාන සතර කර්ම ක්ලේශ ඒවා මෙලොව හා පරලොව යන දෙලොවම ජය ගත හැකි කරුණු ලෙස ඉහත සූත්‍රයේ සඳහන් වේ. පරපණ නැසීමට හුරුවීම, සොරකම් කිරීමට යොමුවීම, කාමයෙහි වරදවා හැසිරීමට පෙළඹීම, බොරුකීම යන කරුණුවලින් වැළකීම පුද්ගලයකුගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස පෙන්වා දී ඇත.
ප්‍රාණ ඝාතය යන්න ගැන විමසීමේ දී වත්මන් සමාජය පරපණ නැසීම හෙවත් අන්‍යයන් ඝාතනය කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරන්නේ මිනිස් ඝාතනය පමණක් වරදක් ලෙස උපකල්පනය කරමිනි. කුඩා ශරීරයක් ඇති සතෙකු කපා කොටා ඝාතනය කිරීමේ දී ඇතිවන සිත කෙබඳු විය හැකි ද?. ලේ වගුරුවමින් මරණ වේදනාවෙන් දඟලන සතෙකු දුටු විට පුද්ගලයා තුළ පහළවන ආවේගකාරී මානසික තත්ත්වයකි. කුඩා සතෙකු ඝාතනය කිරීමට නැවත නැවත යොමු වූ තැනැත්තාට ඊට වඩා විශාල සතෙකු වුව ද ඝාතනය කිරීම දුෂ්කර කරුණක් නොවේ. එසේ ඝාතන සංස්කෘතියක් බිහි වූ සමාජයේ සුළු වරදකට වුවද මිනිසෙකු ඝාතනය කිරීමට පෙළඹෙන සිතිවිලි මාලාවක් ඔහුගේ යටි සිතෙහි තැන්පත් විය හැකිය.
3-1
එසේ මිනිසෙකු ඝාතනය කළ පුද්ගලයාට පවුල් පිටින් වුවද මිනිසුන් ඝාතනය කිරීම දුෂ්කර කාර්යයක් නොවෙයි. මිනිස් සිත තුළ සහජයෙන් පහළවන මෘදු බවෙන් මිනිසා දුරස්ථ වීම මීට ප්‍රධාන හේතුවයි. දරුණු සිතුම් පැතුම් ඇති පුද්ගලයන් සමාජය තුළ බිහිවන්නේ මෙබඳු පරිසර තුළින් බව අවධාරණය කළ හැකිය.
වත්මන් සමාජය සංකීර්ණ දූෂිත සමාජයක් වීමට තවත් ප්‍රබල සාධකයක් වන්නේ සොරකම් කිරීමයි. එය දෙවන කර්ම ක්ලේශය ලෙස සිඟාලෝවාද සූත්‍රයේ දැක් වේ. සොරකම හේතුවෙන් ඝාතනය සමාජයට හුරුවන ආකාරය මුලින් ප්‍රකාශ කර ඇත. සොරකමෙන් ඝාතනයත් ඝාතනයෙන් සොරකමත් සිදුවිය හැකි බැවින් මෙම ප්‍රබල මානව දුර්වලතා දෙක එකිනෙකට සමාන්තරව ව්‍යාප්ත වන බව පැවසිය හැකිය.
වත්මන් සමාජයේ පිරිහීම කෙරෙහි බලපා ඇති ඊළඟ ප්‍රබල සාධකය කුමක් ද? සිඟාලෝවාද සූත්‍රයේ තෙවැන කර්ම ක්ලේශය ලෙස දක්වා ඇති කාමයෙහි වරදවා හැසිරීම නමැති මිනිස් සමාජය කෙලෙසන ප්‍රබල වරදයි. පියාට දියණිය හඳුනාගත නොහැක. සහෝදරයාට සහෝදරිය හඳුනාගත නොහැකි සමාජයක් බිහිවෙමින් පවතින්නේ වත්මන් මානව සමාජය තුළ ආවේගකාරී කාම රැල්ලක් ව්‍යාප්ත වෙමින් පවතින බැවිනි. රාගය, කෝපය වැනි හැඟීම් පුද්ගල මනසක පොදු ධර්මතා විය හැකිය. එබැවින් ඒවා පාලනය කර ගැනීම සඳහා මිනිස් වර්ගයාට යම් උපක්‍රමයක් භාවිත කිරීමට සිදුවේ. එසේ නොවුණහොත් මිනිස් සමාජයම සහමුලින් ම තිරිසන් සමාජ ලක්ෂණ පෙන්නුම් කරන්නක් විය හැකිය. ආශාව, රාගය, කෝපය වැනි මිනිස් සමාජයට පිරිහීමට පත්කළ හැකි මෙම සහජ හැඟීම් පාලනය කිරීමට බුදු දහම හැර වෙනත් දහමක් ඇත්ද යන්න හොඳින් විමසා බැලිය යුතු අවස්ථාව දැන් එළඹ තිබේ.
සිඟාලෝවාද සූත්‍රයේ දී මිනිසා පිරිහීමට පත්වන සතරවන කර්ම ක්ලේශය ලෙස සඳහන් වන්නේ බොරු කීමයි. බොරු කීම ස්වභාවික අංගයක් බවට පත් වූ සමාජය රැවටීම් බහුල මිනිසුන් සහිත සමාජයකි. අනුන් මුලාවට පත්කර ස්වකීය අභිමතාර්ථ ඉටුකර ගැනීමට මාන බලන සමාජයක් කිසිදු දියුණුවකට පත් නොවේ. එහි වැදගත්කමක් ද නැත. සමස්ථයක් ලෙස ගතහොත් බුදුදහමේ දැක්වෙන මූලිකාංගය වූ පන්සිල් පද පහ හෝ රැකීමට සමාජයේ සියල්ලන් යොමු වන්නේ නම් එපමණකින්ම වත්මන් පිරිහෙන සමාජයට බුදු දහමින් මහඟු පිළිසරණක් ලැබෙන බව ඉඳුරාම ප්‍රකාශ කළ හැකිය. මේ කියවන ඔබ කවරෙකු හෝ වේවා සත්‍යය කුමක් ද? යන්න වටහා ගැනීමටත් අප විසින් කළ යුතු දේ කුමක් ද යන්න වටහා ගැනීමටත් වෑයම් කරන්න. එවිට ඔබත් ඔබ අවට සමාජයත් පිවිතුරු සැපතකින් හා සතුටින් පිරුණු සමාජයක් බවට පත්වනු නො අනුමානය. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට බුදු දහමේ බොහෝ දහම් කරුණු ඇතත් සිඟාලෝවාද සූත්‍රයේ තවත් කරුණු කීපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කළෙමි.
ඔබ අප වෙසෙන මේ සමාජය යහපත් කර ගැනීමට තවත් අවශ්‍යම කරුණක් වන්නේ සතර අගතියෙන් වෙන් වීමයි. එනම්; ඡන්දයෙන් අගතියට යෑම, ස්වකීය රුචිකත්වය කැමැත්ත අනුව අගතිගාමී තීන්දු තීරණ ගැනීම, ද්වේශයෙන් අගතියට යාම හෙවත් අනුන් කෙරෙහි ඇති වූ තරහ, ක්‍රෝධය, කෝපය, පළිගැනීම නිසා අගතිගාමී අසාධාරණ තීරණ ගැනීම, බයෙන් අගතියට යාම හෙවත් බලවතා කෙරෙහි බයෙන් හෝ තමාට අවාසියක් වේයැයි භයෙන් හෝ තමාගේ වරප්‍රසාද අහිමිවේ යැයි බයෙන් හෝ අගතිගාමී අසාධාරණ තීන්දු තීරණ ගැනීම, කිසිවක් වටහාගත නොහැකි තත්ත්වයක් වන මෝහයෙන් අගතිගාමී තීන්දු තීරණ ගැනීම යනාදී සමාජය පිරිහීමට ලක් කරන වැරැදිවලින් ඈත් වීමට වෑයම් කරන්න.
උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමට වෑයම් කිරීම, පරාර්ථකාමී හැඟීම් දියුණු කර ගැනීමට උත්සාහ කිරීම හා ප්‍රතිපත්ති ගරුක සමාජ රීතිවලින් බැහැර නොවී නීතිගරුකව ජීවිතය ගෙනයාමට හුරුවීම තුළින් වත්මන් සමාජය තුළ තිබෙන ගැටලු නිරාකරණය කර ගත හැකිය. ඉවසීමෙන් තොර පුද්ගලයා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දේශනා කර ඇත. ඉවසීම දියුණු කළ පුද්ගලයාගෙන් සමාජයට යහපත් වේ. සිඟාලෝවාද සුත්‍රයේ දක්වා ඇති සමාජ වගකීම් හා එකිනෙකා විසින් ඉටුකළ යුතු යුතුකම් හඳුනාගෙන ක්‍රියා කළහොත් මනුෂ්‍යා සන්තානය පමණක් නොව රටත් සමාජයත් මුළු ලෝකයත් අධ්‍යාත්මිකව දියුණුවට පත්වනු ඇත.
මඟ හොඳට තිබේනම්
යන්ට දෑසත් පෙනේ නම්
කිම බැදිවල යන්නේ
මං මුලාවූ වූවන් සේ

හීනටිකුඹුර පුරාණ විහාරවාසී,
ත්‍රිපිටකවේදී දර්ශනපති,
කඩුවෙල පහළ බෝමිරිය,
මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍යපාද නිරල්ගම බුද්ධවංස හිමි

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

aloko-46

බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.
ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.
එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක
මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.
බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා.
640px-Pipphali
සම්බුද්ධ පරිනිර්වාණය
මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා.
අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.
මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.
අජාසත් රජතුමා
ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා.
පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.
කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.
අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා.
පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා.
කුක්කුට සම්පාත පර්වත
අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා.
එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.
මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්
“පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය”
ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.
එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා
කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.
අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.
පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.
අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.
ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ.
කුක්කුට පාදගිරිය ඈතට දිස්වෙන අයුරු
වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා.
කුක්කුට පාදගිරියේ තිබෙන මහා කාශ්‍යප විහාරය
සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා.
බෙන්තර ගලපාත විහාර ස්ථූපය
දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා
තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.
ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.
එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක
මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.
බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා.
සම්බුද්ධ පරිනිර්වාණය
මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා.
අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.
මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.
අජාසත් රජතුමා
ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා.
පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.
කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.
අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා.
පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා.
කුක්කුට සම්පාත පර්වත
අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා.
එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.
මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්
“පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය”
ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.
එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා
කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.
අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.
පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.
අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.
ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ.
කුක්කුට පාදගිරිය ඈතට දිස්වෙන අයුරු
වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා.
කුක්කුට පාදගිරියේ තිබෙන මහා කාශ්‍යප විහාරය
සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා.
බෙන්තර ගලපාත විහාර ස්ථූපය
දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා

ගයාන් චානුක මහතා රචනා කරණ ලදී.

සරල දිවිපෙවෙත



තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යොදාගත යුතුයි. කොටස් දෙකක් තමන්ගේ වෙළ හෙළඳාම් ව්‍යපාරයෙහි යෙදවිය යුතුවනවා. ඉතිරි කොටස හදිස්සියේ ඇතිවන විපත් කරදර ආදිය සඳහා සුරැකිව තබා ගත යුතුවනවා
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ සරල ලෙස දිවි ගෙවිය යුතු බවයි. එහෙත් වර්තමානයේ ඇතැම් පිරිස් අධි පරිභෝජනයට හුරුවෙලා. කිසිවකින් සෑහීමකට පත් නොවී හැකි තරම් දේ තමන් වෙත ළං කර ගැනීමට උත්සාහ දරනවා. බොහෝ අය එය ‘පශ්චාද් නූතනවාදය’ කියා හඳුන්වනවා.
සමාජයේ ඇතැම්විට දක්නට ලැබෙන වර්ජන කුමන කරුණක් අරභයාද? වැඩි වැටුප් ඉල්ලන්නේ ඇයි?
ලෝකයේ නිෂ්පාදන කම්හල්වලින් දිනෙන් දිනම අලුත් වෙවී එළිදකින නවීන භාණ්ඩ ලබා ගැනීමට නව නිපැයුම් තම අවශ්‍යතා උදෙසා මිලදී ගැනීමට කිසිවකින් තෘප්තියට පත් නොවන සමාජයක් අද බිහිවෙලා.
අල්පේච්ඡ සරල දිවි පෙවෙතකට අපට ලැබෙන වැටුප බොහෝවිටම ප්‍රමාණවත්. එහෙත් රූපවාහිනි තිරයේ පෙන්වන නා නා ප්‍රකාර ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට අපට මුදල් ප්‍රමාණවත් නැහැ. අතීතයේ අපේ මුතුන්මිත්තන් පවුල නඩත්තු කර පින්දහම් කටයුතුවල යෙදුණේ බොහෝ විට ගොවිතැනෙන් ලද ආදායමෙන් ඔවුන්ට වෘත්තියේ නියැළීමට අමතරව සමාජයක් තිබුණා. ඒ සමාජය යහගුණ අගයන ලොවකට ඔවුන් ගෙන ගියා. නිතර එක්රැස්වීම සමඟිව රැස් වීම, සමඟිව සාකච්ඡා කිරීම වැනි සප්ත අපරිහානීය ධර්මයන් ඔවුන් විසින් ආරක්ෂා කළා. මේ නිසා ලද දෙයින් සතුටු වී මානසික තෘප්තිය උපරිම ලෙසින් ලබන්නට එදා ජනයාට හැකියාව තිබුණා. එහෙත් අද ඇතැම් දෙනා වර්ජන කරන්නේ වැඩි වැටුප් ඉල්ලන්නේ අධි පරිභෝජන රටාවේ ගමන් කරන්නයි. නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර, අත්‍යවශ්‍යම නොවන විදුලි උපකරණ මිලදී ගැනීමට අද බොහෝ මුදල් වැය කිරීමට ජනතාව පෙලඹිලා.
ඒ වගේම සීමාව ඉක්මවා යන සුවිසල් මැදුරු තම නිවාස කර ගැනීමට සමාජයේ බොහෝ දෙනා පාහේ උත්සාහ දරනවා. එහෙත් මදකට සිතා බලන්න. අප ඒ කරන්නේ මොන තරම් විනාශයක් ද? අනාගත පරපුරට අප ආදර්ශවත් විය යුත්තේ ඉදිරිය ගැන (අනාගතය) සිතන්නයි.
අපේ මුතුන් මිත්තන් එදා ඉදිකළ නිවාසවලට අද මොකද කරන්නෙ. තවත් අවුරුදු පනහක්, හැටක් සමහර විට අවුරුදු සියයක් විතර කිසිදු උපද්‍රවයක් නැතිව පවතින නිවාස කඩා දමා නව නිවාස ඉදිකරනවා.
අප අද බැංකුවලට ණය වී අනෙකුත් සියලු අවශ්‍යතා පසෙක ලා අධික වියදමක් දරා ඉදිකරනු ලබන නිවාසයන්ට තව අවුරුදු 25 කින් 30 කින් පමණ අත්වන ඉරණම ගැන සිතා ගැනීම අසීරු නැහැ.
අප අද නිවාස තැනීමේදි මූලිකත්වය දෙන්නේ වාසය කිරීමට නොව එහි අලංකාරය විශාලත්වය අන්‍යයන්ට පෙන්වීමටයි. අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේදීද අප මූලිකත්වය ලබා දෙන්නේද අන්‍යයන්ට පෙනෙන්නට කටයුතු කිරීමටයි.
“අණන සුඛය” හෙවත් ණය නොවී සිටීමේ සැපත අපට අහිමිව ගොස් තිබෙන්නේ මේ නිසයි. සමාජයේ මේ වැරැදි රැල්ලට හසුවී අපගේ සංස්කෘතිය විනාශ කළ යුතුද?
අතීතයේ මානසික සුවය ලැබූ ජනයාට එය අහිමි වුණේ ඇයි?
එදා තිබූ ‘අත්තම’ අද තිබෙනවාද? පිරිස එක තැනකට පැමිණ පොල්තෙල් ටික සිඳ ගැනීමක් අද දක්නට නැහැ. කුඹුරේ ගොයම් ටික සියලු දෙනා එක්ව නෙළා ගැනීමක් ඇතැම්විට අද දක්නට නැහැ. සියල්ලටම වඩා මුදල් අවශ්‍යතාව මුල් වෙලා.
නීතියම මුල් කරගත් සමාජයක් බිහිවී තිබෙන්නේ. එම නිසයි සංස්කෘතිය ,සමාජ පසුබිම, ආගම සියල්ලම පසෙකලමින් නීතියෙන් පමණක් සියල්ල කළ හැකිය යන්න සිතන්නෙ.
බුදුරජාණන් වහන්සේ කරුණාව, මෙත්තාව, මුදිතාව,උපේක්‍ඛාව උන්වහන්සේගේ ක්‍රමවේදයන් අතර මුල්තැන ගත්තා. මේ නිසා අද තරුණ පිරිසගේ මතය වී ඇත්තේ තමන් ඉක්මනින් යමක් ලබා ගැනීමේ ක්‍රමවේදයයි. ඒ සඳහා නීතිමය රාමුව පමණක් සකස් කර ගන්නවා. ගුණ ධර්ම නැහැ. එහෙත් බුදු දහමේ නොකළ යුතු වෙළෙදාම් පවා පැහැදිලව දක්වා තිබෙනවා.
නීතියම මුල් කරගත් සමාජයක් තුළ අපට එවැනි සමාජීය හිතවත් තරුණ පිරිසක් බිහිවේයැයි සිතන්න බැහැ. මේ නිසා පුරුෂ බන්ධනයෙන් කාන්තාව මිදීම සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම එය ශ්‍රී ලංකාව වැනි රටකට නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.
අද ජපානය තාක්ෂණයෙන් දියුණු වුවත් ජපානයේ ස්වාමි පුරුෂයා භාර්යාවට ආහාර පානවත් නොදෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ‘එයාලත් හම්බ කරනවනෙ, එයාලා ගැන එයාලම බලා ගනියි’. ස්වාමිභාර්යා සබඳතාව ඒ තුළින් රැකෙනවාද?
කාන්තාව හුදකලාවීමක් ඒ තුළින් සිදුවනවා. එමඟින් ඇයට හිමි විය යුතු ආරක්ෂාව පවා නොලැබී යන්නට පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වනුයේ
ඒකෙන භොගෙ භුඤ්ජ්‍යෙය
ද්වීහි කම්මං පයොජයෙ
චතුත්ථංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සති
මෙයින් අපට ඉතා පැහැදිලව පෙනී යන්නේ තමන් උපයන ධනය වැය කළ යුතු ආකාරයයි. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ වූ ආර්ථික න්‍යාය වසර 2600 කට පසු අදටත් අප සමාජයට සුදුසුම තත්ත්වයක පවතිනවා.
තමන් ධාර්මිකව උපයා ගන්නා ධනය පරිභෝග කළ යුතු ආකාරය දැක්වෙන උසස් ආර්ථික සංරක්ෂණ ක්‍රමයක් මෙමඟින් දැක්වෙනවා.
තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යොදාගත යුතුයි. කොටස් දෙකක් තමන්ගේ වෙළ හෙළඳාම් ව්‍යපාරයෙහි යෙදවිය යුතුවනවා. ඉතිරි කොටස හදිස්සියේ ඇතිවන විපත් කරදර ආදිය සඳහා සුරැකිව තබා ගත යුතුවනවා.
අද අපට වැටුප් මදිවී වර්ජන කරන්නේ තම යුතුකම් නිවැරැදිව ඉටු නොකරනවා මෙන්ම අධි පරිභෝජනය නිසාය.
ලද දෙයින් සතුටුවීමේ ගුණය අප කෙරෙන් දුරස්වී ගිහින්. කිසිම ආකාරයකින් අපට තෘප්තිමත් වන්න බැහැ. වාහනයක්, නිවසක් හෝ වෙනත් ඕනෑම දෙයක් නියමිත කාලයට පෙර භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට අලුත් දේ මිලදී ගැනීමට අප පෙලඹෙන්නේ අපගේ ආසාව නිමක් නොවන නිසයි. මේ නිසා සෑම විටම ලද දෙයින් සතුටු වී අධි පරිභෝජනයෙන් වැළකීමට අප සිතට ගත යුතුවනවා. එසේ නොවුණහොත් ජපානයේ මෙන් අපේ රටේත් පවුලේ අය තම තමන්ට හරි හම්බ කර ගන්නා තත්වයක් එන්න පුළුවන්. යහගුණ පිරි සමාජයක් ගොඩනැඟීමට අපට එය බාධාවක් වනවා.

මහා බෝසත් වරයෙක් නියත විවරන ලැබීමෙන් පසු සංසාරය තුල සැරිසරනවිට මෙවන් දේ වලට මුහුන නොදෙන බව ඔබ දන්නවාද?

1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.
2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.
3.උන්මත්තකයෙකු නොවීම.
4.ගොතගසමින් කථා කරන්නෙකු නොවීම.
5.අත් පා කොර වූවෙකු නොවීම.
6.ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම.
7.දාසියකගේ කුසෙහි නොඉපදීම.
8.මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයෙකු නොවීම.
9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)
10.පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම.
11.කුෂ්ඨ ‍රෝගියෙකු නොවීම.
12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම.
13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.
14.කාලකඤ්ජාදී අසුර නිකායයන්හි නොඉපදීම.
15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.
16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.
17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.
18.වෙනත් සක්වලකට නොයෑම.
අපදාන අටුවාවට අනුවයි..
(තලල්ලේ චන්දකිත්ති හිමි – සම්බුද්ධාපදාන)

*** අට මහා කුසල් ***

බෞද්ධ ජනතාව දෙලොව අභිවෘද්ධිය සළසාගැනීම සඳහා නිවන් දහම් පසක් කරගැනීම සඳහාත් විවිධ පින්කම් දහම්වල නිරතවෙති. ඒ අතර ප්‍රකටම පුණ්‍ය ක්‍රියාවන්නේ දාන සීල හා භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝය. එසේම දස පුණ්‍ය ක්‍රියා දසකුසල් ආදියෙද නිරතව පින් සිදුකරගනිත්. මේවා ඉතා ප්‍රකට පුණ්‍ය ක්‍රියාවන්ය. තවද දිවා රාත්‍රී පින් වැඩෙන පිංකම් පහක් පිළිබඳව වන රෝප සූත්‍රයෙහි සඳහන් වේ. ඒවා නම් මෙසේය.
1. ආරාම රෝපණය :- මෙහි ආරාම රෝපනය යනු මල් වතු පළතුරුවතු වැවීම අදහස් කෙරේ.
2.වන රෝපනය :- වන සංරක්ෂණය කිරීම හා වතු වගා කිරීම මින් අදහස් කෙරේ.
3.ඒ.ඒදඬු පාළම් කරවීම (සේකුකාරක)
4.පැන්හල් ළිං පොකුණු සෑදවීම (පපංච උදපානංච)
5.වාසස්ථාන කරවාදීම (උපස්සය දානය)
ඉහත දැක්වෙන පිංකම් සිදුකරන්නන්හට දිවා රාත්‍රී පින් වැඩෙන බව බණපොතෙහි සඳහන් වේ. තවද බුදුදහමේ අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. ඒ පිළිබඳව බොදු ජනතාවගේ මතකය අවදි කරවීමට දැනුවත් කිරීමට මෙම ලිපිය මගින් අවධානය යොමුකෙරේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති. එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ.
අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා.
අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.
අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.
සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය වේ. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්‍යවහාරයේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ නොහැකි අනුසස් ඇති නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිළි වේ.
“පඨවි රිව න ජාතු කම්පතෙ – නචලකි මේරු රිවාති වායුනා
වජිර මිව න හිජ්ජතේ ඝණං – තමිද මතො කඨිනන්ති වුච්චති” යන මේ ගාථාවේ අදහසට අනුව මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිෙඳන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහස වේ. මේ අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය ලබාගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්‍රසාද නැතහොත් අනුසස් පහක් හිමි වේ. කඨිනය පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වේ.
උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක්ව සමාජයේ ජීවත් වීමටත් සක්විති රාජ්‍ය ලබා ගැනීමටත් තේජස් හා කීර්තිමත් ව ජීවත් වීමටත් එසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නො ඉපදීමටත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස් වලින් කීපයකි.
කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්‍රකාශවන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයෙකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ. එසේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ.
මෙම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව “ආරපථෙ ආරපථෙ චක්කවත්ති සිරි ලාභෙ” යන ගාථාවන්ගෙන් එබව තහවුරු වේ. මෙම පිංකමේ අනුසස් ප්‍රකට කරන ප්‍රසිද්ධ කථා ප්‍රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානය වේ. අපේ රටේ අතීතයෙහි වාසය කළ රාජරාජ මහා මාත්‍යවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින් මෙම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවංශය ආදි ඉතිහාස ග්‍රන්ථවලින් මැනවින් තහවුරු වේ.
▬▬▬▬▬▬▬▬▬ අට පිරිකර පූජාව :- ▬▬▬▬▬▬▬▬▬
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච – වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ – යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්‍රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.
අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.
එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.
ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.
▬▬▬▬▬▬▬▬▬ ආවාස දානය ▬▬▬▬▬▬▬▬▬
බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම ශාක්‍ය රජදරුවෝ නිග්‍රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්‍රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්‍රමාණකළ නොහැකි බව ශාක්‍ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්‍රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.
ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්‍රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්‍යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්‍යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්‍යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්‍ර පාඨයෙන් ප්‍රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.
▬▬▬▬▬▬▬▬▬ සංඝික දානය ▬▬▬▬▬▬▬▬▬
අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්‍ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්‍යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.
බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්‍ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්‍යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්‍රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්‍යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.
බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදී ඒවා යින් කීපයකි.
මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්‍ය ක්‍රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්‍යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්‍යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්‍යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි.
මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් වේ.
පෞද්ගලික දාන 14 මෙසේය.
1.බුදුරජාණන් වහන්සේට දෙන දානය
2.පසේ බුදුවරයන්ට දෙන දානය
3.රහතන් වහන්සේලාට දෙන දානය
4. රහත් මඟට පිළිපන් අයට දෙන දානය
5.අනාගාමී පුද්ගලයන්ට දෙන දානය
6.අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය
7. සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය
8.සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය
9.සෝවාන් පුද්ගලයාට දෙන දානය
10.සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය
11. ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය
12.පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය
13.පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය
14. තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ.
සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම්
1.බුද්ධ ප්‍රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය
2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය
3.භික්ෂු සංඝයාට පමණක් දෙන දානය
4.භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය
5. මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය
6.මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය.
7.මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්‍රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ.
▬▬▬▬▬▬▬▬▬ ධර්මය ලියවීම ▬▬▬▬▬▬▬▬▬
අටමහා කුසලයන්ගේ පස්වන පිංකම වන්නේ ධර්මය ලියවීම වේ.
පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයක් හඳුන්වා දී ඇත. මෙහි පරියත්ති ශාසනය නම් ත්‍රිපිටක බුද්ධ වචනයයි. ප්‍රතිපත්ති ශාසනය නම් බුද්ධ දේශිත ධර්මයට අනුව පිළිපැදීමයි. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමයි එම ගුණධර්ම වඩා වර්ධනය කිරීම තුළින් ලබාගන්නා ඵලය ප්‍රතිවේධ නම්වේ.
බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ සියලුම ධර්මය මේ පරියක්ති ශාසනයට ඇතුළත් වේ. ධර්ම විනය වශයෙන් සඳහන් ඒ බුද්ධ වචනය මුල් අවස්ථාවේ වාචනා මාර්ගයෙන් හෙවත් කටපාඩමෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකරගෙන ආහ.
විවිධ ආයතන සමිති සමාගම් මගින් ධර්ම ග්‍රන්ථ ලියවීම ලිවීම මුද්‍රණය කිරීම පැසසිය යුතු කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්‍යාග ශීලීන් විසින් ද ධර්ම ග්‍රන්ථ ලිවීම ධර්ම පත්‍රිකා ලිවීම මුද්‍රණය කර බෙදා හැරීම සිදුකරනු ලබන අතර ධර්මය ඉගෙන ගන්න උපකාර කිරීම උතුම් කටයුත්තකි. “සබ්බදානං ධම්ම දානං ජිනාති” යන බුදු වදනට අනුගතව ධර්මය ප්‍රචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුග්‍රහය දැක්වීම අටමහා කුසලයන්ගේ එක් පිංකමකි.
▬▬▬▬▬▬▬▬▬ කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම) ▬▬▬▬▬▬▬▬▬
භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.
අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.
▬▬▬▬▬▬▬▬▬ බුදුපිළිම කරවීම ▬▬▬▬▬▬▬▬▬
බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්‍රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.
නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.
කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්‍ර නාට්‍ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ.
අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.
▬▬▬▬▬▬▬▬▬ වැසිකිළි කරවීම ▬▬▬▬▬▬▬▬▬
අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.
එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි.
▬▬▬▬▬පොල්ගහවෙල වෙහෙරපිටිය
කු / විද්‍යාර්ථෝදය මහ පිරිවෙණේ පරිවේණාධිපති පොතුහැර
දෙගලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරාධිපති මාබෝපිටියේ
විමලඤාණ හිමි.▬▬▬▬▬

ආර්ය සත්‍යය සිහි කරමු

පාපී අකුසලයන් එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිතන්ට එපා. ඒව හිත හිත ඉන්ට එපා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉදීම අර්ථ සහිත නෑ. පිරිසිදු ජීවිතයක් උපදවන්ට උදව් වෙන්නෙ නෑ. අවබෝධයෙන් කළකිරීම ඇතිකරවන්නෙ නෑ. රාගය සංසිදුවන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධවෙන්නෙ නෑ. හිත සංසිදෙන්නෙ නෑ. විශේෂ ඥානය උපදවන්නෙත් නෑ. ආර්ය සත්‍යය අවබෝධය ඇතිකරවන්නෙත් නෑ. නිවන අවබෝධ කරන්ට උදව් වෙන්නෙත් නෑ.
බලන්න මේ සා මහත් අනර්ථයක් ඇතිකරන, අපගේ ජීවිත මුලුමනින්ම විනාශයට පමුණුවන අකුසල විතර්ක ගැනයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, හිතනව නම් හිතන්න, “මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය ගැන හිතන්ට” කියල, “මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන හිතන්ට” කියනව.
“මේ තමයි දුකේ නැතිවීම කියල, “දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට” කියනව. “මේ තමයි දුක නැති කරන මග කියල, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපÞ ආර්ය සත්‍යය ගැන හිතන්ට” කියනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, “අන්න ඒ විදිහට මේ ආර්ය සත්‍යය ගැන යමෙක් හිතනව නම්, අන්න ඒ හිතන සිතුවිලි එසේ සිතීම අර්ථ සහිතයි” කියල. අර්ථ සහිතයි කියල කියන්නෙ තමාටත් අනුන්ටත් හිත සුව පිණිස පවතිනව. යහපත උපදවල දෙනව. දුකේ නිදහස්වීම උපදවල දෙනව. නිවන අවබෝධ කිරීම උපදවල දෙනව.
ඒක තමයි අර්ථ සහිතයි කියල කියන්නෙ. ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක පිරිසිදු බඹසර ජීවිතය උපදව ගන්න හේතුවෙනව. උදව් වෙනව කියල. ඒ කියන්නෙ ශීල, සමාධි, ප්‍රඥා කියන අංගයන්ගෙන් යුක්ත නිවන් මග පාදවගන්ට අපිට උදව්වෙනව ආර්ය සත්‍යය ගැන හිතන එක.
ඊලගට භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව අවබෝධයෙන් කළකිරවන්ටත් ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක හේතුවෙනව. විරාගය ඇතිකරන්ට හේතුවෙනව. රාගය නිරුද්ධ කරන්ටත් හේතුවෙනව. බලන්න යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවුනොත් ඒ කළකිරුණු දේ ගැන ආශාව දුරුවෙනව.
නමුත් යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීමක් ඇති නොවුනොත් එයා තුළ ආශාව දුරුවෙන්නෙ නෑ. යමෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් ආර්ය සත්‍යය ගැන නැවත නැවත හිතුවොත් එයා තුල අවබෝධයෙන් කළකිරීම ඉපදෙනව. අවබෝධයෙන් කළකිරෙනව කියල කියන්නෙ යමක අර්ථය ඇති සැටියෙන් දැනගන්නව. අන්න එතකොටයි අවබෝධය ඇතිවෙන්නෙ. අවබෝධය ඇතිවුනාම ඒ කෙරෙහි තිබෙන කැමැත්ත අඩුවෙන විදිහට හිත සකස්වෙනව. අවබෝධයෙන් කළකිරෙනවා කියන්නෙ ඒකට.
යමෙක් දැනගත්තොත් යමක ආස්වාදය වගේම ආදීනවය, ඒ වගේම යමක ආස්වාදය ටිකයි තියෙන්නෙ ආදීනවය ගොඩාක් තියෙනව කියල දැනගත්තොත් අන්න ඒක අවබෝධයෙක්. එතකොට යමෙක් කාම සිතුවිලි සිත සිතා හිටියොත් ඒ අවබෝධය උපදවාගන්ට බෑ. නමුත් යමෙක් චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පටන් ගත්තොත් එයාට ආස්වාදය වගේම ආදීනවය තේරුම් ගන්ට පුළුවන්. යමක ආස්වාදය ටිකයි ආදීනවය ගොඩයි කියල එයාට තේරෙනව. අන්න එතකොට අවබෝධයෙන් කළකිරීම කියන එක ඇතිවෙනව.
අවබෝධයෙන් කළකිරීම ඇතිවුනහම අන්න එයාගේ සිතේ යමක් කෙරෙහි තිබෙන ආසාව දුරුවෙනව. ආසාව නැතිවෙනව. ආසාව නැතිවුනායින් පස්සෙ ඒ කෙරෙහි තිබෙන ඇල්ම නිරුද්ධවෙනව. ඇල්ම නිරුද්ධ වුනාට පස්සෙ ඒ ගැන හිත හිතා ඉන්න ස්වභාවය නැතිවෙනව. හිත හිතා ඉන්න ස්වභාවය නැතිවුනායින් පස්සෙ සිත සංසිදිල, හිත නිෂ්චලයි, සිත සංසුන්. ඒකට කියනව උපසමාය කියල.
සිත සංසිදුනට පස්සෙ, එක එක අරමුණු ඔස්සේ දුවන ස්වභාවය නැතිවුනාට පස්සේ, ඒ සංසිදුන සිතින් විශේෂ ඥානයන් උපදවගන්ට පුළුවන්. ඒකට කියනව අභිංඥාය කියල. අන්න ඒ වගේ සංසිඳූනු සිතක් සහිතව වාසය කරන කෙනාට මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ අවබෝධය උපදවගන්ට පුළුවන්. මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය පිළිබදව පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධය කියල, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය කියල, ඒ ආර්ය සත්‍යය පිළිබදවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. අන්න ඒකට කියනව සම්බෝධාය කියල.
ඒ විදිහට ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනා ආශ්‍රව ශය කරගන්නව. එයාගේ සිතේ ආශ්‍රව ශය වෙනව. ඒ විදිහට ආශ්‍රව ශය වුන කෙනා පිරිනිවන් පානව. නිවන අවබෝධ කරනව. එතකොට බලන්න ඒ මට්ටමට යම් කෙනෙක් ජීවිතය දියුණු කරගත්තොත් එයා පරිපූර්ණ දියුණුවක් උපදවගත්ත කෙනා. මේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගත්ත කෙනා.
මොකක්ද ඒ නෙලාගත්ත ඵලය? නැවත උපදින්නෙ නැති ස්වභාවයට පත්වීම. සියලු දුකින් නිදහස් වීම, පිරිණිවන් පෑම. ඒ සා මහත් වූ ප්‍රතිලාභායක් අත්කරගන්ට පුළුවන් වුනේ කොහොම කෙනෙකුටද? ඒ ලාමක පාපී අකුසල සිතුවිලි බැහැර කරමින්. චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පෙළඹුන කෙනා. අන්න එයාටයි මහත් වූ ලාභය අත්කරගනට පුළුවන් කම තිබෙන්නෙ.
නාවලපිටියේ අරියවංශ හිමි.