Showing posts with label Telecom. Show all posts
Showing posts with label Telecom. Show all posts

Thursday, October 23, 2014

මොකක්ද මේ OpenDNS ?

ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ?

ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ.
මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.

OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්. බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.

           OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම.

OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව. මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google search කරන කොට එකේ Search result එකක් විදිහට.

මේ සේවාව ක්‍රියාත්මක කරන්න හරි ලේසි. නමුත් ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් තියනව. ඒ මේ සේවාව අප පරිගණකයේ ක්‍රියාත්මක කලාට පමණක් එය Active වෙන්නේ නැ. අප අපේ දැනට භාවිතා වන IP එක ඔවුන්ගේ Site එකේ Register කල යුතුයි. එවිටයි මේ සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙන්නේ.

මේ සේවාව පරිගණකයේ ක්‍රියාත්මක කරන එක හරි පහසුයි.

මුලින්ම කරන්න තියෙන්නේ Control Panel එකට යන එක. එකේ Network and Sharing Center එකට යන්න.



එතනින් change adapter settings එක උඩ click කරන්න.



ඊට පස්සේ තමන් ගේ Network Adaptor එක මත right click කරලා Properties Click කරන්න.


දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක මත Double click කරන්න.



දැන් එතනින් කරන්න තියෙන්නේ එතන use the following DNS Addresses කියන තැන tick කරලා එතනට මෙන්න මේ IP Address 2ක දෙන්න.

Preferred DNS server : 208.67.222.222
Alternative DNS server : 208.67.220.220



දැන් හරි. ඔන්න දැන් පරිගණකයේ වැඩ කටයුතු ඉවරයි. එත් තව කරන්න ලොකු වැඩක් තියනව. බොහෝ දෙනා මෙතනින් නවත්තල යනවා. නමුත් මේ සේවාව Active නැහැ. මේ සේවාව active කරගන්න OpenDNS Site එකේ Account එකක් හදාගන්න ඕනේ.

මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න : මෙතන ඔබන්න ( බැරිනම් Click කරන්න )

හරි දැන් Account එකත් හදා ගත්තනම් දැන් කරන්න තියෙන්නේ පොඩි Tool එකක් තියනව. මේ Tool එකත් හදල තියෙන්නේ මේ Umbrella සමාගමෙන් මයි. මේක හදල තියෙන්නේ User ට පහසු වෙන්න. හේතුව අපි හැම වෙලේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොට අපේ IP එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පාරට පාරට මේ site එකේ IP එක update කරන්න ඕනේ. නැත්තම් OpenDNS සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැ.

ඒ tool එක මෙතනින් බාගන්න : ඔව් ඔව් මෙතන තමා. ඔබන්න.

හරි දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පරිගණකය Restart කරන්න. Restart වෙලා ඕන උනාම අපි දාපු IP address දෙක add වෙලාද කියල බලන්න ඕනේ. එක බලන්න හරි ලේසි කරන්න තියෙන්නේ CMD ( Command Prompt ) එකට ගිහින් එකේ ipconfig /all කියල type කරලා Enter කරන්න. ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා. එතන හෙමිට Scroll කරලා යටට යන්නේ එතන ඇති DNS Servers කියල එකක් එකේ කෙලින්ම බලන්න එතන අපි කලින් දාපු IP දෙක Update වෙලානම් වැඩේ හරි.



ඒවගේම අර අපි බාපු Tool එක open කරලා බලන්න එකේ Using OpenDns කියන එක YES කියල තියනවද කියල.



මේ ඔක්කොම හරිනම් ඉතින් වැඩේ ගොඩම තමා. දැන් OpenDNS භාවිතා කරලා වේගවත් මෙන්ම ආරක්ෂාකාරී අන්තර්ජාප පහසුකම් ලබන එකයි තියෙන්නේ. මං ගියා.. සුබ දවසක් !!

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු





Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි.

Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.



Broadband යනු කුමක්ද?


Broadband යන වචනයෙන් අර්ථවත් වන්නේ “පුළුල් කළාපයක්” යන්නයි. එනම් මෙම තාක්ෂණය මගින් එක් දත්ත සන්නිවේදන මාධ්‍‍යක් තුල පුළුල් කළාපයක් (band) ඔස්සේ දත්ත සන්නිවේදනය කරනු ලබයි. විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් විද්‍යුත් තරංග එකිනෙක මිශ්‍ර නොවී එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනය කිරීම broadband තාක්ෂණය ලෙස සරළව හඳුන්වාදිය හැක. මෙහිදී විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් දත්ත පථ (data channels) කිහිපයක් භාවිතා කරන අතර එක් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් එම මාධ්‍යයේම වෙනත් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් සමග මිශ්‍ර නොවේ. සම-අක්ෂක රැහැන් (coaxial cable), ඇඹරුනූ කම්බි යුගල (twisted pair cable), ප්‍රකාශ තන්තු (fiber optic cables) මෙන්ම රැහැන් රහිත විද්‍යුත් චුම්භක තරංග මාද්‍යයක් ඔස්සේ වුවද මෙම ක්‍රමයට දත්ත සන්නිවේදනය කලහැක.

ඔබගේ නිවසට දුරකතන සබඳතාවය, රූපවාහිනී සබඳතාවය සහ අන්තර්ජාල සබඳතාවය වැනි විවිධ සබඳතා කිහිපයක්ම එකම රැහැනක් ඔස්සේ එකවර ලබාගතහැකි වන්නේ මෙම broadband තාක්ෂණයේ බල මහිමයෙනි.



දත්ත සන්නිවේදන වේගය


විශේෂයෙන් අන්තර්ජාල සබඳතා පිළිබඳව කතා කිරීමේදී දත්ත සන්නිවේදන වේගය අනිවාර්‍යයෙන්ම සැලකිය යුතු කරුණකි. ඕනෑම අන්තර්ජාල සේවා සපයන ආයතනයක (Internet Service Provider / ISP) වෙළඳ දැන්වීමක් හෝ වෙනත් ප්‍රචාරන කටයුත්තකදී ඔවුන් ලබාදෙන සබඳතාවයේ වේගය පිළිබඳව සඳහන් කරයි. නමුත් බොහෝ පරිශීලකයින්ට ඇති ගැටළුව වන්නේ ඔවුන් එම සබඳතාවය මිලදී ගත් පසු දැන්වීමේ තිබූ වේගය ඔවුන්ට සැබවින්ම නොලැබීමයි. මෙම ගැටළුව ඇතිවන බොහෝ අවථාවන් වලදී සැබවින්ම අදාල සමාගම සතුව කිසිදු වැරැද්දක් නොමැති අතර ගැටළුව ඇත්තේ පරිශීලකයා වෙළඳ දැන්වීම නිසි ලෙස තේරුම් නොගැනීම තුලයි.


bits සහ Bytes හඳුනාගනිමු


 1 Byte = 8 bits 


පරිගනක තුල දත්ත වල විශාලතවය මැනීම සඳහා සම්මත ඒකකය ලෙස “Byte” භාවිතා කරයි මෙය කැපිටල් B අක්ෂරයෙන් සංකේතවත් කරනු ලැබේ. Byte 1024ක් එක් වීමෙන් Kilobyte එකක් (KB) සෑදෙන අතර KB 1024ක් එක් වීමෙන් Megabyte (MB) එකක් සෑදේ. මෙය සරළ පරිගනක දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙක් හොඳින් දන්නා කරුණකි.

නමුත් බොහෝ විට ඔබ නොදන්නා කරුණ වන්නේ දත්ත සන්නිවේදන වේගය මැනීමට යොදාගන්නා සම්මත ඒකකය Byte නොව bit යන්නයි. bit එකක් යනු Byte එකකින් අටෙන් පංගුවකි. එනම් එක් Byte එකක් සෑදීමට bit අටක් අවශ්‍ය වේ. Megabyte එකක් යනු Megabit 8 කි. bit එකක් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් b අක්ෂරයෙන් නිරූපණය කරනු ලබයි.

ඔබේ අන්තර්ජාල සේවා සපයන ආයතනය (ISP) විසින් ඔබට ප්‍රකාශ කරනු ලබන වේගය සඳහන් වන්නේ මෙම bit වලිනි. එනම් ඔබේ අන්තර්ජාල සබඳතාවය 1Mbps නම් එයින් අදහස් වන්නේ තත්පරයකට “Megabit” එකක වේගයක් ඇති බවයි. මෙම සබඳතාවය තුලින් 1 Megabyte දත්ත ගොනුවක් භාගත කිරීමට ඔබට තත්පර 8ක කාලයක් ගතවේ.      

මෙම bit වලින් සඳහන් වන වේගය Byte ලෙස වරදවා වටහාගැනීම බොහෝ පාරිභෝගිකයින් විසින් සිදුකරන අතපසු කිරීමක වන අතර bit සහ Byte අතර වෙනස නිසි ලෙස හඳුනාගැනීමෙන් මෙම ගැටළුව සාර්ථකව නිරාකරණය කරගතහැක.



Latency හෙවත් ගුප්තතාවය


ඔබ broadband සබඳතාවයක් මිලදී ගැනීමේදී බොහෝවිට සැලකිලිමත් වන්නේ එහි වේගය ගැන පමණි. නමුත් ගුප්තතාවය හෙවත් Latency යනු ඔබේ broadband සබඳතාවයේ සලකා බැලියයුතු තවත් ඉතා වැදගත් ගුනාංගයකි.

ඔබ broadband සබඳතාවය ඔස්සේ යම්කිසි පණිවිඩයක් (signal) යැවූ විට එය ග්‍රාහක අග්‍රය වෙත ප්‍රවේශ වීමට ගතවන කාලය latency ලෙස හඳූන්වයි. ජාලය ඔස්සේ තත්කාලීන සන්නිවේදනයන් (real-time communication) සිදුකිරීමේදී මෙම ගුප්තතාවය (latency) ඉතමත වැදගත් වන අතර සාමාන්‍යයෙන් හොඳ තත්වයේ real-time connection එකක් පවත්වාගැනීම සඳහා ඔබේ සබඳතාවයෙ latency අගය මිලි තත්පර 250ක් පමණ (250ms) හෝ ඊට අඩු විය යුතුය.

ඔබේ සබඳතාවයේ latency අගය මිලි තත්පර 500ක් පමණ හෝ ඊට වඩා විශාල අගයක් ගන්නේ නම් එය කිසිසේත්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දුරකතන සංවාද වැනි කටයුතු සඳහා සුදුසු නොවේ. ඔබ නිතර skype හෝ වෙනත් එවැනි දුරකතන, video call සේවාවන් භාවිතා කරන අයෙක් නම් ඉතා අඩු latency අගයකින් යුත් broadband සබඳතාවයක් මිලදී ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.


Dynamic සහ Static IP address හඳුනාගනිමු


IP ලිපිනය යනු පරිගනක ජාලයක් හෝ අන්තර්ජාලය තුල ඔබේ පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන විශේෂ වූ ලිපිනයකි. ඔබ broadband සබඳතාවයක් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේදී ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) විසින් ඔබට IP ලිපිනයක් ලබා දේ. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ එම IP ලිපිනය ඔස්සේ ය. නමුත් ශ්‍රී ලංකාවේ නම් බොහෝවිට ඔබේ ISP විසින් ලබාදෙන මෙම IP ලිපිනය ගතික (Dynamic) IP ලිපිනයකි. එනම් ඔබ අන්තර්ජාලයට සම්බන්ද වන අවස්ථාවේ ඔවුන්ගේ ජාලය තුල නිදහස්ව ඇති IP ලිපිනයක් ඔබට ලබා දේ. නමුත් ඔබ සම්බන්ධතාවය විසන්ධි කර (disconnect) නැවත සම්බන්ධ වීමේදී යලිත් ඔබට ලැබෙන්නේ පෙර ලිපිනයම නොවියහැක. නමුත් අන්තර්ජාල තුල වෙබ් පිටු වලට පිවිසෙන සාමාන්‍ය පරිශීලකයෙකුට මෙය එතරම් ගැටළුව නොවේ. ඔවුන්ගේ IP ලිපිනය කුමක්ද කියා දැනගැනීමට තරම් වත් ඔවුනට අවශ්‍යතාවයක් නැත.

නමුත් ඔබ සතුව අන්තර්ජාලයට සම්බන්ධිත සේවා දායක පරිගනකයක් (server) තිබේ නම් Dynamic IP address එකක් ඔබට විවිධ ගැටළු මතු කරනු නිසැකය. වෙනත් පරිගනක පරිශීලකයින් ඔබේ server පරිගනකයට පිවිසෙන්නේ එහි IP ලිපිනය ඔස්සේ බැවින් IP ලිපිනය නිතර නිතර වෙනස් වීම නිසා එම පරිශීලකයින් හට ඔබේ server එක හඳුනාගත නොහැකි වේ.
මීට අමතරව ඇතැම් e-mail server මගින් dynamic IP ලිපින සහිත පරිගනක  වලින් එවන ලද e-mail පණිවිඩ spam ලෙස හඳුනාගැනීම නිසා ද විවිධ ගැටළු ඇතිවිය හැක.

මේ ඔබ ව්‍යාපාරික කටයුතු සඳහා broadband සබඳතාවයක් මිලදී ගන්නේ නම්  dynamic IP ලිපිනයකට වඩා Static IP ලිපිනයක් ඔබට යෝග්‍ය වේ. Static IP ලිපිනයක් ලබාගැනීමට ඔබට ඔබේ ISP වෙත යම් ගෙවීමක් කිරීමට සිදු වන අතර එමගින් ඔබටම අනන්‍ය වූ ස්ථිර IP ලිපිනයක් ලැබේ. එය කිසි විටෙකත් වෙනස් නොවන බැවින් web server, database server වැනි සේවාදායකයන් පවත්වාගෙන යාමට ඉතාමත් පහසු වේ.

එබැවින් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔබට අවශ්‍යනම් Static IP ලිපිනයක් සමග ඔබේ  broadband සබඳතාවය මිලදී ගැනීම සැලකිලිඅත් වන්න.

(IP ලිපින සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න)

ඔබේ IP ලිපිනය, broadband සබඳතාවයේ වේගය සහ latency අගය පිළිබඳ ස්වයං පරීක්ෂාවක් සිදුකරගැනීමට පහත වෙබ් අඩවියොදාගතහැක.

Broadband Internet


වර්ථමානය වනවිට අන්තර්ජාල සබඳතාවයක් යනු සෑම පුද්ගලයෙකු ම සතු පහසුකමක් බවට පත්වී හමාරය. විවිධ අන්තර්ජාල සේවා සපයන සමාගම් (ISP) විසින් විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වූ අන්තර්ජාල සබඳතා වෙළඳපොලට ලබාදේ. මෙම එක් එක් වර්ගයේ සබඳතා තුල භාවිතා වන තාක්ෂණයන් සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම තාක්ෂණය හඳුනාගන්නා ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් සලකා බලමු.


Mobile Broadband


අද වනවිට බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය අන්තර්ජාල සබඳතාවයක් ලෙස mobile broadband හඳුන්වාදිය හැක. විශේෂයෙන් ජංගම දුරකතන සඳහා අද වනවිට මෙම තාක්ෂණය බෙහෙවින් භාවිතා කරන අතර Laptop පරිගනක, tablet පරිගනක සහ වෙනත් විවිධ ජංගම උපාංග වෙත ඉතා පහසුවෙන් අන්තර්ජාල සබඳතාවය ලබාගැනීමට භාවිතා කරයි. මෙහිදී ජංගම දුරකතන ජාල ඔස්සේ දත්ත සම්ප්‍රේශණය සිදු කරණ අතර දුරකතන සබඳතාවයට භාවිතා කරන තරංග සංඛ්‍යාත පරාසයට වඩා පුළුල් සහ ඉහල සංඛ්‍යාත පරාසයන් භාවිතා කරයි.

EDGE, 3G, 4G, WiMax වැනි විවිධ ආකාරයන්ගෙන් ඔබට mobile broadband සබඳතාවයක් ලබාගතහැකි අතර EDGE සබඳතාවයකින් ලබාගතහැකි උපරිම දත්ත සම්ප්‍රේශණ වේගය 236Kbps (Kilobits per second) පමණ වේ. 3G සබඳතාවයක් හරහා තත්පරයකට Megabits කිහිපයක වේගයකින් යුත් සබඳතාවයක් ලබාගතහැකි වන අතර නවතම 4G දත්ත සබඳතාවයක් ඔස්සේ ඔබට මේ සියල්ලට ම වඩා ඉහල වේග වලින් යුත් අන්තර්ජාල ප්‍රවේශයක් ලබාගතහැකි වේ.

ඔබට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ද වීම ඉතා පහසු වීම mobile broadband සබඳතාවයක ඇති සුවිශේෂීම ලක්ෂණය ලෙස දැක්විය හැකි අතර mobile broadband modem (internet dongle) එකක් භාවිතා කර අවශ්‍ය ඕනෑම පරිගනකයක් හරහා ඉතා පහසුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගතහැකි වීම ද තවත් එක් වාසියකි.

කෙසේ වෙතත් මෙවන් mobile broadband සබඳතාවයක් ලබාගැනීමට නම් මුලින්ම ඔබ සිටින ප්‍රදේශයට අදාල ජංගම දුරකතන ජාලයේ ආවරණය (coverage) තිබීම අනිවාර්ය කරුණකි. ඔබට ලැබෙන signal ප්‍රභලතාවය (strength) මත ඔබේ mobile broadband සබඳතාවයේ වේගය හා ස්ථාවරත්වය රඳා පවතින අතර වර්ෂාව, ඝණ මීදුම වැනි පාරිසරික සාධක ද ඔබේ signal strength එක අඩු වීම කෙරෙහි හේතු විය හැක.


DSL internet



DSL යන්නෙන් නිරූපනය වන්නේ Digital Subscriber Line යන්නයි. නමුත් අපට වඩාත් හුරු පුරුදු වචයන වන්නේ DSL නොව ADSL ය. ADSL යනු DSL තාක්ෂණයේම එක්තරා ප්‍රවර්ගයක් (category) වන අතර මෙහි A අක්ෂරයෙන් Asymmetric යන්න නිරූපනය කරයි.

Asymmetric යන වචනයෙන් “අසමමිතික” යන අර්ථය නිරූපනය කරන අතර ADSL යනු සැබැවින්ම අසමමිතික DSL සබඳතාවයකි. එනම් DSL සබඳතා තුල දත්ත download වෙගයත් upload වේගයත්  සමාන අගයක පැවතුනත් ADSL සබඳතාවයක දත්ත download සහ upload වේගයන් අතර විශාල පරතරයක් ඇත. බොහෝ විට ADSL සබඳතාවයක දත්ත download වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතර upload වේගය සාපේක්ෂව පහල මට්ටමක පවතී. නමුත් විවිධ සේවාවන් ලබාගැනීමට පමණක් අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයෙකුට (end user) වඩා වැදගත් වන්නේ download speed එක බැවින් upload speed එක අඩු වීම එවන් පරිශීලකයෙකුට එතරම් වැදගත් නොවේ.

නමුත් ඔබ අන්තර්ජාලය තුලින් විවිධ සේවා සැපයීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් නම් ඔබේ අන්තර්ජාල සබඳතාවයේ upload speed එක ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. උදාහරනයක් ලෙස ඔබ ADSL සබඳතාවයක් ඔස්සේ වෙබ් සේවාදායකයක් (web server) , දත්ත පාදක සේවා දායකයක් (database server) හෝ වෙනත් එවන් සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට download speed එක කෙතරම් ඉහල අගයක තිබෙන ADSL සබඳතාවයක් වුවත් කිසිසේත්ම නොගැලපේ.

ADSL අන්තර්ජාල සබඳතාවයක් මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් වියයුතු තවත් කරුණක් වන්නේ ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගමේ (ISP) ADSL centrel office එකේ සිට ඇති දුරයි. සාමාණ්යයෙන් ADSL සබඳතාවයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නේ central office එකේ සිට 5km දක්වා දුර සීමාවක් තුල පමණි. එම සීමාවෙන් පිටතට යත්ම සබඳතාවයේ වේගය සහ ස්ථාවරත්වය ක්‍රමයෙන් අඩුවේ.
ADSL සබඳතාවය සමග ඔබට “සේවාව සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ද නොලැබෙන බැවින් ඔබ සබඳතාවයක් මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතුය. එසේ නොකිරීමෙන් ඔබට ලැබෙන සබඳතාවයේ සඳහන් කරනලද වේගයන් නොලැබුනොත් සමාගම ඒ වෙනුවෙන් කිසිදු වගකීමක් නොදැරීමටද ඉඩ ඇත.  

කෙසේ වෙතත් පෙර සඳහන් කල mobile broadband වලට වඩා ADSL සබඳතාවයක සුවිශේෂී ගුනාංග කිහිපයකුත් දැකගත හැක. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ ඔබේ ADSL සබඳතාවය ඔබට ලැබෙන්නේ ඔබටම අනන්‍ය වූ රැහැනකින් වීමයි. එනම් සෑම ADSL පාරිබෝගිකයෙකු ම වෙන් වෙන් වූ රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) වෙත සම්බන්ද වේ. මේ නිසා කොපමන පරිශීලකයින් පිරිසක් එකවර සම්බන්ධ වුවත් ඔබේ සබඳතාවයේ වේගය අඩු වීමක් සිදු නොවේ.

ජංගම දුරකතන ජාල තුලත් මේ වනවිට ඉතා විශාල පරිශීලකයින් පිරිසකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබාදී තිබුනත් න්‍යායාත්මකව පරිශීලකයින් ක්‍රමයෙන් වැඩි වනවිට එම ජාල අකාර්‍යක්ෂම වීමට ඉඩ ඇත. ඔබට ඕනෑම මොහොතක ඉතාමත් ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය නම් මෙම ගැටළුවට ADSL ඔස්සේ සාර්ථකව පිළියම් යෙදිය හැක.

වර්ෂාව, මීදුම වැනි පාරිසරික හේතු නිසා සබඳතාවය අකර්මන්‍ය නොවීමම, ඉතාමත් පහසුවෙන් විශාල පරිගනක ප්‍රමාණයකට වුවත් එකවර සබඳතාවය ලබාදීමේ හැකියාවම, ස්ථාවරත්වය, mobile broadband සබඳතාවයකට වඩා වැඩි සහ ස්‍ථාවර සන්නිවේදන වේගයක් පවත්වාගැනීම වැනි කරුණු ADSL සබඳතාවයක ඇති විශේෂතා ලෙස හඳුන්වා දිය හැක.


වෙනත් broadband internet සබඳතා වර්ග

T1 Connection


T1 යනු ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් broadband ක්‍රමයට අන්තර්ජාල සබඳතාවයක් ලබාගතහැකි තාක්ෂණික ක්‍රමවේදයකි. එක T1 line එකක් තුල 64kbps වේගයක් සහිත channels 24ක් ඇති අතර මෙම සියළුම channels එක්ව භාවිතා කරන විට 1.5Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් ලබාගතහැක. නමුත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව මෙම channels වලින් අවශ්‍ය ප්‍රමාණයක් දුරකතන වෙහ්ත සහ තවස් තෝරාගත් ප්‍රමාණයක් අන්තර්ජාල සබඳතාවය වෙත වෙන් වෙන්ව ලබාගතහැක.

මෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ මෙය Asymmetric සබඳතාවයක් නොවීමයි.  එනම් T1 සබඳතාවයක් තුල upload සහ download යන දෙ දිශාවටම දත්ත සම්ප්‍රේශණ වේගයන් සමාන වේ. මීට අමතරව T1 සඳහා “සේවා සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ලබාගතහැකි අතර එහි වේගයේ ස්ථාවරත්වය වෙනුවෙන් ISP විසින් 99.99%ක වගකීම් සහතිකයක් ලබා දේ.

කෙසේ වෙතත් මේවා ADSL සහ mobile broadband වලට වඩා බොහෝ මිල අධික ය. ආයතනික කටයුතු සඳහා වඩා සුදුසු වේ.


Satellite Internet


මෙයත් ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත ක්‍රමවේදයක් නොවේ. නමුත් මුහුදු යාත්‍රා, කාන්තාර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වැනි ADSL, mobile broadband හෝ T1 සබඳතාවයක් ලබාගැනීමට නොහැකි ප්‍රදේශ වෙත අන්තර්ජාල පහසුකම ලබාගැනීමට satellite internet ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් හොඳ දත්ත සම්ප්‍රේෂණ වේගයක් පවත්වාගතහැකි වුවත් satellite internet සබඳතාවයක ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ සබඳතාවයේ ගුප්තතාවය (latency) සාපේක්ෂව ඉහල අගයක් ගැනීමයි. පොළව මතුපිට සිට 35,786km පමණ වූ ඉතා දුරින් කක්ෂගතව ඇති  චන්ද්‍රිකාවක් සමග දත්ත හුවමාරු කිරීමට සිදුවීම මෙයට හේතුවයි. විද්‍යුත් චුම්භක තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කලත් මෙතරම් විශාල දුරක් ගමන් කිරීමේදී 500ms පමණ වූ latency අගයක් ඇතිවේ. මේ නිසා satellite internet සබඳතා real-time communication සඳහා එතරම් යෝග්‍ය නොවේ.


මෙම T1 සහ satellite internet සබඳතා ADSL සහ mobile broadband වලට වඩා තරමක් මිල අධික බවද මෙහිදී ඔබට සිහිපත් කළයුතුය.
මීට අමතරව තවත් විවිධ වර්ගයේ broadband සබඳතා ලොව පුරා සුවහසක් පරිගනක පරිශීලකයින්ගේ කාර්‍යයන් පහසු කිරීමෙහි ලා ක්‍රියාත්මක වුවත් broadband තාක්ෂණය හඳූනාගැනීමට මෙම කරුණු කිහිපය ඔබට බෙහෙවින් ප්‍රමාණවත් වනු ඇත.

ඔබ අළුතින් broadband සබඳතාවයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙක් නම් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඊට වඩාත් සුදුසු සබඳතාවය තෝරාගන්න.

Sunday, October 12, 2014

GSM Tutorial P3

GSM - Useful Resources

  • GSM World - Official Website of GSM Association. Find all the latest news, inventions and standards available at this site.
  • GSM @ Wikipedia - A very useful article on GSM technology and further more links to useful sites.
  • GPRS @ Wikipedia - A very useful article on GPRS technology and further more links to useful sites.
  • Introduction to GSM - A small article on GSM from Performance Technologies.

Useful Books on GSM

From GSM to LTE: An Introduction to Mobile Networks and Mobile BroadbandGSM Networks: Protocols, Terminology and Implementation (Artech House Mobile Communications)The GSM System for Mobile Communications
GSM - Architecture, Protocols and ServiceAn Introduction to GSM (Artech House Mobile Communication Series)GSM Switching, Services, and Protocols

GSM Tutorial P2

GSM - Architecture

A GSM network consists of several functional entities, whose functions and interfaces are defined. The GSM network can be divided into following broad parts.
Following is the simple architecture diagram of GSM Network:
GSM Architecture
The added components of the GSM architecture include the functions of the databases and messaging systems:
  • Home Location Register (HLR)
  • Visitor Location Register (VLR)
  • Equipment Identity Register (EIR)
  • Authentication Center (AuC)
  • SMS Serving Center (SMS SC)
  • Gateway MSC (GMSC)
  • Chargeback Center (CBC)
  • Transcoder and Adaptation Unit (TRAU)
Following is the diagram of GSM Netwrok along with added elements:
GSM Elements
The MS and the BSS communicate across the Um interface, also known as the air interface or radio link. The BSS communicates with the Network Service Switching center across the A interface.

GSM network areas:

In a GSM network, the following areas are defined:
  • Cell: Cell is the basic service area: one BTS covers one cell. Each cell is given a Cell Global Identity (CGI), a number that uniquely identifies the cell.
  • Location Area: A group of cells form a Location Area. This is the area that is paged when a subscriber gets an incoming call. Each Location Area is assigned a Location Area Identity (LAI). Each Location Area is served by one or more BSCs.
  • MSC/VLR Service Area: The area covered by one MSC is called the MSC/VLR service area.
  • PLMN: The area covered by one network operator is called PLMN. A PLMN can contain one or more MSCs.



GSM - Specification

Specifications for different Personal Communication Services (PCS) systems vary among the different PCS networks. The GSM specification is listed below with important characteristics.

Modulation:

Modulation is a form of change process where we change the input information into a suitable format for the transmission medium. We also changed the information by demodulating the signal at the receiving end.
The GSM uses Gaussian Minimum Shift Keying (GMSK) modulation method.

Access Methods:

Because radio spectrum is a limited resource shared by all users, a method must be devised to divide up the bandwidth among as many users as possible.
GSM chose a combination of TDMA/FDMA as its method. The FDMA part involves the division by frequency of the total 25 MHz bandwidth into 124 carrier frequencies of 200 kHz bandwidth.
One or more carrier frequencies are then assigned to each BS. Each of these carrier frequencies is then divided in time, using a TDMA scheme, into eight time slots. One time slot is used for transmission by the mobile and one for reception. They are separated in time so that the mobile unit does not receive and transmit at the same time.

Transmission Rate:

The total symbol rate for GSM at 1 bit per symbol in GMSK produces 270.833 K symbols/second. The gross transmission rate of the time slot is 22.8 Kbps.
GSM is a digital system with an over-the-air bit rate of 270 kbps.

Frequency Band:

The uplink frequency range specified for GSM is 933 - 960 MHz (basic 900 MHz band only). Thedownlink frequency band 890 - 915 MHz (basic 900 MHz band only).

Channel Spacing:

This indicates separation between adjacent carrier frequencies. In GSM, this is 200 kHz.

Speech Coding:

GSM uses linear predictive coding (LPC). The purpose of LPC is to reduce the bit rate. The LPC provides parameters for a filter that mimics the vocal tract. The signal passes through this filter, leaving behind a residual signal. Speech is encoded at 13 kbps.

Duplex Distance:

The duplex distance is 80 MHz. Duplex distance is the distance between the uplink and downlink frequencies. A channel has two frequencies, 80 MHz apart.

Misc:

  • Frame duration: 4.615 mS
  • Duplex Technique: Frequency Division Duplexing (FDD) access mode previously known as WCDMA.
  • Speech channels per RF channel: 8.

GSM Tutorial P1

GSM - Overview

What is GSM?

If you are in Europe, Asia or Japan and using a mobile phone, then most probably you must be using GSM technology in your mobile phone.
  • GSM stands for Global System for Mobile Communication and is an open, digital cellular technology used for transmitting mobile voice and data services.
  • The GSM emerged from the idea of cell-based mobile radio systems at Bell Laboratories in the early 1970s.
  • The GSM is the name of a standardization group established in 1982 to create a common European mobile telephone standard.
  • The GSM standard is the most widely accepted standard and is implemented globally.
  • The GSM is a circuit-switched system that divides each 200kHz channel into eight 25kHz time-slots. GSM operates in the 900MHz and 1.8GHz bands in Europe and the 1.9GHz and 850MHz bands in the US.
  • The GSM is owning a market share of more than 70 percent of the world's digital cellular subscribers.
  • The GSM makes use of narrowband Time Division Multiple Access (TDMA) technique for transmitting signals.
  • The GSM was developed using digital technology. It has an ability to carry 64 kbps to 120 Mbps of data rates.
  • Presently GSM supports more than one billion mobile subscribers in more than 210 countries throughout the world.
  • The GSM provides basic to advanced voice and data services including Roaming service. Roaming is the ability to use your GSM phone number in another GSM network.
A GSM digitizes and compresses data, then sends it down through a channel with two other streams of user data, each in its own time slot. It operates at either the 900 MHz or 1,800 MHz frequency band.

Why GSM?

The GSM study group aimed to provide the followings through the GSM:
  • Improved spectrum efficiency.
  • International roaming.
  • Low-cost mobile sets and base stations (BSs).
  • High-quality speech.
  • Compatibility with Integrated Services Digital Network (ISDN) and other telephone company services.
  • Support for new services.

GSM Brief History:

Following table shows many of the important events in the rollout of the GSM system; other events were introduced, but had less significant impact on the overall systems.
YearsEvents
1982CEPT establishes a GSM group in order to develop the standards for a pan-European cellular mobile system.
1985A list of recommendations to be generated by the group is accepted.
1986Field tests are performed to test the different radio techniques proposed for the air interface.
1987Time Division Multiple Access (TDMA) is chosen as the access method (with Frequency Division Multiple Access [FDMA]). The initial Memorandum of Understanding (MoU) is signed by telecommunication operators representing 12 countries.
1988GSM system is validated.
1989The responsibility of the GSM specifications is passed to the European Telecommunications Standards Institute (ETSI).
1990Phase 1 of the GSM specifications is delivered.
1991Commercial launch of the GSM service occurs. The DCS1800 specifications are finalized.
1992The addition of the countries that signed the GSM Memorandum of Understanding takes place. Coverage spreads to larger cities and airports.
1993Coverage of main roads' GSM services starts outside Europe.
1994Data transmission capabilities launched. The number of networks rises to 69 in 43 countries by the end of 1994.
1995Phase 2 of the GSM specifications occurs. Coverage is extended to rural areas.
1996June: 133 network in 81 countries operational.
1997July: 200 network in 109 countries operational, around 44 million subscribers worldwide.
1999Wireless Application Protocol came into existence and 130 countries operational with 260 million subscribers.
2000General Packet Radio Service(GPRS) came into existence.
2001As of May 2001, over 550 million people were subscribers to mobile telecommunications.