Diary of PoojiMalli

Pages

  • විදැස
  • ගගන දැණුම
  • ඔබේ අදහස්
  • සරණක් සොයා
  • GADGET
  • DONATE
  • කිරියේ කතා
  • BHS
  • Telecom
  • iTravel
Showing posts with label විදැස. Show all posts
Showing posts with label විදැස. Show all posts

Tuesday, October 21, 2014

How to Create Successful Cv





සියලු දෙනාම දන්නා කරුණකි බොහෝ අවස්ථා වලදී අඩු පාඩු වැඩියෙන් ඇති බව. රැකියාවකට ඉල්ලුම් පතක් යොමු කිරීමේදී වඩාත් විස්තරාත්මකව රැකියා ඉල්ලුම් පත්‍රය සකස් කර යැවීම  රැකියා අපේක්ෂකයෙකු තමාටම කරගන්නා හානියකි.

සේවායෝජකයින්ට අනවශ්‍ය , විස්තරාත්මක ව්‍යාජ තොරතුරු කියවීමට තරම් කාලයක් හෝ ඉවසීමක් නොමැත.හුදෙක් මුලික සහ වැදගත් කරුණු පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්වේ.

පහත දැක්වෙන්නේ රැකියා ඉල්ලුම් පත්‍රයකින්  බැහැර කල යුතු කරුණු සහ හේතු 10කි.



1.අපැහැදිලි ජායාරූප

රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගෙන් ජායාරූපයක් සමග ඉදිරිපත් කරන්නයි ඉල්ලා සිටින අවස්ථාවක කරුණා කර පැහැදිලි ජායාරූපයක් සමගම ඉදිරිපත් කල යුතුය. (රැකියා අතරින් ඉතාමත් අතලොස්සක් මෙය ඉල්ලාසිටි)



2.අභිරුචිය සහ විනෝදාංශය

ඔබ ඉල්ලුම් කරන රැකියාවට  ඔබගේ අභිරුචියන් සහ විනෝදාංශ අතර කිසිම සම්බන්ධයක් නැතිනම් ඒවා අන්තර්ගත කිරීම  අවශ්‍ය නොවේ.රැකියා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන ලිපියේ පොදුවේ ඔබ ඉල්ලුම් කරන රැකියාව හා ඔබගේ විනෝදාංශ අතර සම්බන්ධයක් ඇති අයුරින්  අන්තර්ගත කරන්න. එසේත් නැතිනම් සම්මුඛ  පරීක්ෂණයේදී ඔබගෙන් රැකියාවට අමතරව  කුමක් කිරීමට කැමතක් ඇත්දැයි විමසුවොත් ඔබට ඔබගේ විනෝදාංශ පිලිබදව විස්තර ඉදිරිපත් කිරීමද කල හැකිය.



3. වැරදි අක්ෂර වින්‍යාසය සහ වැරදි ව්‍යාකරණය

ඔබ විසින් පිළියෙළ කර යවන රැකියා ඉල්ලුම් පත්‍රයේ වැරදි ලෙස කරුණු දක්වා සිටීම , වැරදි අක්ෂර වින්‍යාසය වැනි දේ වලින්  සේවායෝජකයා එළබෙන මතය වන්නේ, ඔබව ඔහුගේ ආයතනයේ සේවා නියුක්ත කිරීමෙන්ද  මෙවන් වැරදි ,අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම් වැනි දැ එම ආයතනය තුළද ඔබ විසින් සිදු විය හැකිය යන්නය.ඔබගේ අක්ෂර වින්‍යාසය පිලිබදව  සැලකිලිමත් වීමෙන් බොහෝ අඩු පාඩු ,වැරදි දැකගත හැකිවේ, එමගින්  වැදගත් යමක් මගහැරී යාමටද හැකිය.-- ඔබ  විසින් රාත්‍රි වැඩ මුරය කරන ලද්දේද?-- මෙහිදී ඔබට "මු" සහ "ය " අතරට "ර" ඇතුලත් කිරීම මගහැරුනොත්? එමනිසා ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය සේවායෝජකයාට ඉදිරිපත් කිරීමට ප්‍රථම නැවත නැවතත් හොදින් පරික්ෂා කර බලා  එය සේවායෝජකයාට ඉදිරිපත් කල යුතුය.



4.පෞද්ගලික ලක්ෂණ

රැකියා ඉල්ලුම්පතක් සමග ජායාරූපයක් ඉදිරිපත් කරනවා මෙන්ම , ඔබගේ උස,බර, වයස, ජාතිය හෝ ආගම යනාදී විස්තර සේවායෝජකට අනවශ්‍ය තොරතුරුවේ.නීති විරෝධී වුවත් මේ තොරතුරු මත පදනම්ව සමහරක් සේවයෝජකයෝ රැකියා ඉල්ලුම් කරුවන්ට  වෙනස්කම්ද සිදු කරයි.ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ රැකියාවට අදාල තොරතුරු පමණක්ම ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.



5.සාරාංශගත විස්තර

කළමනාකරුවකු රැකියාවකට බදවා ගැනීමේදී මෙතෙක් ඔහු කල රැකියාවන්හි සිදු කල සියලුම කාර්යයන් පිළිබද විස්තර දැනගැනීම අවශ්‍ය නොවේ.එය හුදෙක් තොරතුරු ගොනුවක් පමණක් වන අතර එයින් භාගයක් පමණ තොරතුරු අනවශයවේ. ඔබගේ රැකියා ඉල්ලුම්පත දුටු   සැනින්ම ඔබ වැදගත් රැකියා අපේක්ෂකයකු බව සේවයෝජකයකුට හැගිය යුතුය.එමනිසා ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල කරුණු පමණක් රැකියා ඉල්ලුම් පත්‍රයක ඇතුලත් කල යුතු අතර අනෙකුත් අනවශ්‍ය දීර්ඝ  විස්තර බැහැර කල යුතුය.



6.ව්‍යාජ තොරතුරු

කිසිවෙකුටත් බොරුකාරයකු බදවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත.ඔබට උපාධියක් ඇති තැන  විශේෂ උපාධියක් ඇති බවට නොපවසන්න,ඔබව රැකියාවෙන් නෙරපා  හැරපු ස්ථානයක තවමත් රැකියාවේ නියැලෙන බවට නොපවසන්න,ඔබ ලැබූ වේතනය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමේදී ලැබූ වේතනයට වඩා 20% වැඩියෙන්  ලැබූ බවට නොපෙන්වන්න.ඔබ පවසන සියලු දේම සේවායෝජකයාට තහවුරු කරගත හැකිවේ.එමනිසා ප්‍රවේසම්කාරී මෙන්ම අවංකද විය යුතුය.



7.නොගැලපෙන වර්ණ සහ මුද්‍රිත අකුරු වර්ග

නොගැලපෙන මුද්‍රිත අක්ෂර හා නොයෙකුත් ලක්ෂණ ආදිය ඇතුලත් කර සකස් කරන ලද ප්‍රතිදීප්ත රැකියා ඉල්ලුම් පත්‍රයක්  දැක බලා ගැනීමට  කිසිවෙකුටත් අවශ්‍ය නොවේ.පැහැදිලි සහ කියවීමට පහසු කළු වර්ණයෙන් අක්ෂර වර්ගයක් භාවිතා කරන්න. ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය කියවීමට අපහසු කරන යම් කිසි දෙයක් ඇත්නම් එය කියවීමෙන් බැහැරවීමට ඇති අවස්ථාව බහුලය.



8.පෞද්ගලික තොරතුරු

ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිසීමේ ලිපිනයන්, ඔබගේ ජයාරූප ඇති ජාලයන් වල ලිපිනයන් , හෝ අමුතු ආකාරයට සැකසු විද්‍යුත් තැපැල් ලිපිනයන් ආදිය ඇතුලත් කිරීමෙන් වැළකිය යුතුය.DMiller@email.com හා Likes2party@email.com යන විද්‍යුත් තැපැල් ලිපිනයන් අතරින්  Likes2party@email.com යන විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දැක්වීමට සේවායෝජකයින්  මදක් පසුබටවේ.



9.ඍණාත්මකභාවය

ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ ඍණාත්මක දේවල්  ඇතුලත් කිරීමෙන් වලකින්න.සේවය අතහැර යාමේ හේතුන් වැනිදේ ඇතුලත් කිරීමෙන් වලකින්න.ඔබ නියැලී සිටි තනතුරෙන් ඔබව නවත්වා හෝ නෙරපාහැර ඇත්නම්  ඒ පිලිබදව විමසුවොත් පමණක් කරුණු දක්වන්න.කිසිවිටකත් පෙර රැකියාවේ සේවායෝජකයා පිළිබද දොස් ඉදිරිපත් කිරීමෙන් වලකින්න.රැකියා ඉල්ලුම් පතක ඇති හිඩැසක් අවුරුදු 10ක් සිරගතව සිටියා  කියා කිසිවිටකත් පැහැදිලි කිරීමට උත්සහ නොකළ යුතුය.නිතරම ඔබගේ රැකියා ඉල්ලුම් පත ධනාත්මකවම සකස් කරන්න.



10.සරල යම් දෙයක්

ඔබ ආයතනයට සුදුසු ගැලපෙන පුද්ගලයකුදැයි නිගමනයකට එලබීමට සේවයෝජකයෝ උත්සහකරයි.එමනිසා රැකියා ඉල්ලුම් පතේ ඉදිරිපත් කරන සැම කරුණක්ම ඔබේ පළපුරුද්ද විදහාපාන අයුරින් ඉදිරිපත් කල යුතුය."මුල්‍ය ආයතනයක පුර්ණ කාලීන තනතුරක් ලබා ගැනීම සදහා" වැනි සාමාන්‍ය ප්‍රකාශනයකට වඩා ඔබ ලබා ඇති සුදුසුකම් වල සාරාංශයක්, ඔබ ලබා ඇති නිපුණත්වයන්, හා ඔබගේ පසුබිම වැනි දෑ  කෙරෙහි සේවායෝජකයන් අවධානය යොමු කිරීමට පෙලබෙයි.
Posted by Poojitha Weerasingha at 11:37 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

CV එකක් පිළියෙළ කිරීමේදී බැහැර කල යුතු කරුණු 10ක්

කල යුතු දේවල්:




• හොඳට ඇද පැළද , ප්‍රභාන්විත පෙනුමෙන් යුතුව සහ සැලකිලිමත්ව පෙනී සිටිය යුතු අතර, කතා කිරීමේදී ඉතා පැහැදිලිව සහ විශ්වාසවන්තව කතා කල යුතුය.අවධානයෙන් හොඳින් මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ, ඔබ පිළිබඳව 7% පමණ ප්‍රමාණයක්ම සම්මුඛ පරීක්ෂකවරයා  මතයකට එළබෙන්නේ,ඔබ කියනා දේවල් තුලිනි, ඉන් ඔබ්බට ඔබ පිළිබඳව විනිශ්චයකට එළබෙන්නේ ඔබගේ පෙනුමෙන්,ඔබගේ හැසිරීම් රටාවෙන් සහ ඔබෙන් අදහස් විමසීමෙනි.

• ඔබ යා යුතු ස්ථානය යෑමට පෙරටුවම සොයා දැන ගත යුතුය,එනම්, කෙසේ යා  යුතුද, කොතරම් වේලාවක්  ගත වේද යනාදී කරුණු.

• පෙර දින රාත්‍රියේම ඇදීමට නියමිත ඇදුම් කට්ටලය ලෑස්ති කල තිබිය යුතුය.

• සම්මුඛ පරීක්ෂණයට  මුහුණ දීමට ප්‍රථම එය කුමන ආකාරයක සම්මුඛ පරීක්ෂණයක් දැයි සොයා දැන ගන්න, එසේ දැන ගැනීමෙන් ඔබට ඒ සඳහා පෙර සුදානමකින් යා හැකිය.

• පුද්ගල නියමාවලිය සහ ඔබගේ ජීව දත්ත පත්‍රිකාව/ රැකියා ඉල්ලුම් පත්‍රය හොඳින් අධ්‍යනය කර, කුමන ආකාරයේ ප්‍රශ්ණ ඔවුන් ඔබ වෙත ඉදිරිපත් කරයි දැයි සුදානමින් සිටින්න.

• මූලික ප්‍රශ්ණ සඳහා පිළිතුරු සමඟින් පෙර සුදානමින් සිටින්න. උදාහරණක්  ලෙස,ඔබට රැකියාවක් අවශ්‍ය වන්නේ ඇයි, ඔබගේ ශක්තින් හා දුර්වලතා  කුමක්ද, රැකියාවේ ඇති මූලික  කාර්යයන් කුමක්ද?

• සෑම පිළිතුරක් සඳහාම කරුණු තුන හතරක් ඉදිරිපත් කරන්න.

• හුදෙක් ඔබට හැකියාවක්  තිබේ යැයි ප්‍රකාශ කර සිටිනවා වෙනුවට ඔබ ඔබගේ හැකියාවන් භාවිතා කර ඇති බව කීමේදී එය සනාථ කිරීමට සැබෑ  උදාහරණ ඉදිරිපත් කරන්න.

• ප්‍රශ්ණ  සඳහා පිළිතුරු දීමේදී ඒ සඳහා වේලාවක් ගත කර පිළිතුරු ලබා දෙන්න, ඔබ හොඳින් ප්‍රශ්ණය වටහා ගත්තේ දැයි තහවුරු කර ගන්න, එසේ නැතිනම් සිතා පිළිතුරු ලබා දීමට කාලය ලබා ගන්න.

• ඔබ පිළිබඳව අලෙවිකරණයේ නියැලෙන්න : මෙය ඔබ හැර වෙනත් කිසිවෙක් නොකරයි. ඔබ පිළිබඳව සහ ඔබේ අත්දැකීම් පිළිබඳව ධනාත්මකව සිටින්න.

• සම්මුඛ පරීක්ෂණය අවසානයේදී  අසා සිටීම සඳහා ප්‍රශ්ණ කිහිපයක් සුදානම් කර ගන්න. එම අවස්ථාව රැකියාව පිළිබඳව මෙන්ම එම සමාගම  පිළිබඳවද තව දුරටත් දැන ගැනීමට අවස්ථාවක්  කර ගන්න.(එහිදී  මුදල් හෝ වැටුප පිළිබඳව අසා නොසිටින්න.)

• ඔබට වැටුප පිළිබඳව කතා කිරීමට සිදු වුවහොත් , වර්තමාන වෙළදපල තුල ඔබේ රැකියාවට ඇති මුල්‍යමය වටිනාකම දැන ගෙන ඊට මදක් පමණ වැඩියෙන් ඉල්ලා සිටින්න.

• කාර්ය සාධනය පිළිබඳව ප්‍රතිපෝෂණය ලබා ගන්න, එනම් සාර්ථක වුයේද, නැද්ද යන්න.

• ජංගම දුරකථනය නිවා පසකින් තබන්න. සම්මුඛ පරීක්ෂකවරු වෙත සම්පුර්ණ අවධානය සහ ගරුත්වය ලබා දෙන්න.

• ඔබ ලබා දෙන පිළිතුරු සියල්ලක්ම ඔබෙන් කුමක්  සේවා යෝජක වෙත ඉටු කල හැකි දේවල් දැයි විය යුතු අතර සේවා යෝජක ඔබ වෙනුවෙන් කුමක් ඉටු කරයිද යන්න නෙවේ,


නොකළ යුතු දේවල් :





• පමා නොවිය යුතුය.

• දිව්රා සිටීම් හෝ අපභාශාවන් භාවිතය නොකළ යුතුය.

• ඔබගේ හිස සහ උරහිස් එල්ලා වැටෙන සේ වාඩිවී නොසිටින්න,එමෙන්ම ඔබගේ උනන්දුව නැති කරන දේවල් කිරීමෙන් වැලකි සිටින්න.

• දුම් පානය නොකරන්න.

• බොරු කීමෙන් වලකින්න: එය ඔබ තුලින් සම්මුඛ පරික්ෂකවරයාට දැක ගත හැකි වේ. ඔබට රැකියාව ලැබුනත්, ඔබ වංක පුද්ගලයකු බව සේවා යෝජකයාට හැගුනොත් ඔබව රැකියාවෙන් පහ කිරීමටද අවස්ථාව ඇත.

• ඔබ පීඩනයකින් සිටින බව නොපෙන්වන්න; සමහරක් පීඩනයන් සමන්‍යවේ, නමුත් අධික ලෙස පීඩිත වීම ඔබගේ කාර්ය සාධනයට බලපෑම් කරයි. මෙවැනි අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රම භාවිතා කරන්න, එමෙන්ම මෙය ජීවිතයත් මරණයත් අතර තත්ත්වක් නොවන අතර රැකියා අවස්ථාවන් බොහොමයක් තිබෙන බවද මතක තබා ගන්න.

• ඔබට රැකියාව ලැබුණා යැයි උපකල්පනය කර ගෙන උද්දච්ච කම් නොපෙන්වන්න.අවිනීත බව සහ තමන් පිළිබඳ උවමනාවට වඩා ඇති විශ්වාසය වැනි දැ සේවා යෝජකයන් කෝපයට පත් කරන කාරණා වේ.

• විවාදාත්මක මාතෘකා පිළිබඳව සාකච්චා කිරීමෙන් වලකින්න, එනම්, ආගම  වැනි දැ , දේශපාලනය  පිළිබඳව, සහ ලිංගික සම්බන්ධකම් වැනි දැ.

• රැකියා ඉල්ලුම් පත්‍රය හෝ එහි ඇති කරුණු කියවීමෙන් වලකින්න - ඔබ ඔබගේ ඉතිහාසය පිළිබඳව හොඳින් දැන  සිටිය යුතු  අතර ඒ පිළිබඳව කතා කිරීමේදී ඔබට ඉක්මනින් තොරතුරු ලබා දීමට හැකි විය යුතුය.

• පෙර සේවා යෝජකව හෝ ඔබ සමඟ සේවා කල අය පිළිබඳව විවේචනය නොකරන්න.සම්මුඛ පරික්ෂකවරයා ඔබ කරදරකාරයකු ලෙස හෝ ඕපා දුප කතා කරන්නෙකු ලෙස සටහන් කර ගනී.

• සම්මුඛ පරීක්ෂකවරයා සමඟ වාද විවාද සඳහා නොයන්න.කුමක් සිදු වූ වත් සියලුම දේවල් පිළිබඳව  ධනාත්මකව කටයුතු කිරීමට වග බලා ගත යුතු වේ.

මෙම නීති බොහෝ රැකියාවන් සඳහා අදාළ වේ.කෙසේ වෙතත් සමහරක් ක්ෂේත්‍ර වල සේවා යෝජකයින් ඉතා සැහැල්ලු සහ අවිධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රම විධි භාවිතා කරයි. සමහරක් කලාත්මක ක්ෂේත්‍ර වල ( උදාහරණයක් ලෙස මාධ්‍ය සහ නිර්මාණ)

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඔබ සාමාන්‍ය ඇදුමෙන් සැරසී එයට මුහුණ දේ යැයි  ඔවුන් අපේක්ෂා කෙරේ, එනම් එය එම කාර්යාලයේ විලාසය වන බැවින්. සාමාන්‍ය ලෙසින් හොඳින් ඇද  පැළද යාම ඉතාමත්ම සාමාන්‍ය ලෙස ඇද පැළද යාමට වඩා  උචිතවේ. ඔබට කිසියම් විදියකින් සැකයක් ඇත්නම් , ඔබහේ ක්ෂේත්‍රයේ කෙරෙන සම්මුඛ පරීක්ෂණ වල ක්‍රම විධි පිළිබඳව සමීක්ෂණයක නියැලෙන්න.

ඉහත කි කරුණු සියල්ලෙහිම, සාර්ථක ලෙස සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා වැදගත් වන කරුණ වන්නේ පෙර සුදානම්යි.රැකියාව පිළිබඳව සහ ආයතනය පිළිබඳව සමීක්ෂණයක යෙදෙන්න, එමෙන්ම ඔබ සතු හැකියාවන් සහ නිපුණත්වයන් සඳහා සාධක සහ උදාහරණ සුදානම්ව තබා ගන්න.


Posted by Poojitha Weerasingha at 11:31 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

Monday, October 6, 2014

මුදල් නෝට්ටු විකෘති කරන්න එපා

මානව ශිෂ්ඨාචාරයේ මුල් කාල වල මිනිසා‍ගේ අවශ්‍යතා ඉතාමත් සීමිත වූ අතර තමාගේ අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා ලදී. නමුත් මානව ශිෂ්ඨාචාරය් විකාශණය වීමේදී ඇතිවූ විවිධ අවශ්‍යතා මත මිනිසා තමා නිර්මාණය කල භාණ්ඩ අත්‍යවශ්‍ය වෙනත් භාණ්ඩ සමඟ හුවමාරු කර ගැනීමට පටන් ගෙන ඇත. එහෙත් එහිදී භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ අවශ්‍යතාවයන්ගේ ස්වාභාවය අනුව එම භාණ්ඩ වල වටිනාකම එකිනෙකට නොගැලපීමට පටන්ගෙන ඇත.
ඒ අනුව එම භාණ්ඩ හුවමාරු කිරීමේදී එම භාණ්ඩ වෙනුවට කිසියම් නිෂ්චිත ද්‍රවයක් ඔවුන් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. උදාහරණ වශයෙන් ගල් කැබලි, බෙලි කටු, සහ විවිධ ලොහමය කොටස් භාවිතා කර ඇත. එහෙත් එම ක්‍රමයද අසාර්ථක වුයේ එම හුවමාරු මධ්‍ය එක් ප්‍රදේශයක අසීමිතවත් තවත් ප්‍රදේශයක සීමිතවත් පැවතීම නිසාය. එයට පිලියමක් ලෙස එවකට එම මානවයන් පාලනය කල රජූන් විසින් අප අප දැනට භාවිතා කරන මුදල් වල ආරම්භය සනිටුහන් කරන ලැබින.
එහෙත් කල් යාමේදී එසේ හඳුන්වා දුන් මුදල් වල වටිනාකම ඉහල යාම නිසා සොරසතුරු කරදර ඇති වූ අතර එයට පිලියමක් ලෙස මෑත කාලයේදී විවිධ අප භාවිතා කරන Credit Cards, Debit Cards, ATM Cards සහ E-Money වැනි පහසුකම් හඳුන්වා දෙන ලදි.
ශ්‍රී ලංකාව තුල රුපියල් සත ක්‍රමය ආරම්භ වුයේ 1872 ‍ජනවාරි 01 වැනි දින සිටය. ඉන් වසර තුනකට පමණ පසු එනම් 1875 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකාවේ ද මුදල් නෝට්ටුවක් නිකුත් කරන ඇත. 1950 අගෝස්තු මස 28 ‍වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීමත් සමඟම ව්‍යවහාර මුදල් නොට්ටු සහ කාසි නිකුත් කිරීම එම බැංකුව විසින් සිදුකරණු ලැබූ එක කාර්යක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාල තුල දී මුදල් නෝට්ටු කාණ්ඩ කිහිපයක් මුද්‍රණය කර ඇති අතර එවා මහත පරිදි දැක්විය හැකිය.
#. VI වැනි ජෝර්ජ් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු
#. II වැනි එළිසබෙත් රැජිනගේ රුව සහිත මුදල් නෝට්ටු
#. I වැනි පරාක්‍රමබාහු රජුගේ රුව සහිත මුදල් නෝට්ටු
#. බණ්ඩාරණායක රුව සහිත මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහිත මුදල් නෝට්ටු
#. වන සත්ත්ව හා වෘක්ෂලතා පිළිබිඹු වන මුදල් නෝට්ටු
#. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා රැගත් මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකාවේ පැරණි උරුමයන් විදහා දැක්වෙන මුදල් නෝට්ටු
#. ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු
වර්ථමානය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නොට්ටු කාණ්ඩය වන්නේ මා අවසානයේ සඳහන් කල ශ්‍රී ලංකාවේ නර්තනාංග සහ විවිධ නව නිපැයුම් විදහා දැක්වෙන මුදල් නෝට්ටු කාණ්ඩය වන අතර එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමාණට නිර්මාණය කර ඇත. නව මුදල් නොට්ටු කාණ්ඩය පෙර පැවති ප්‍රමාණයට වඩා කුඩා ලෙස නිකුත් කිරීමේ නිසා එම නෝට්ටු භාවිතය පහසු වන අතර නෝට්ටුවේ ආයු කාලය වැඩි වේ.
එහෙත් මෙම මුදල් නොට්ටු අපගේ අපරික්ෂාකරී භාවිතය නිසා නිරායෂයෙන්ම හෝ හිතාමතාම නොයෙකුත් විකෘති විම වලට ලක්වීමට ඉඩ ඇත. අප එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රන් රිදී මුතු මැණික්, යාන වාහන අප කෙතරම් ආරක්ෂා කරනවාද ? රත්‍රන් ආභරණ පැලද ගෙදරින් එලියට යන දියණියට තමන්ගේ මව නිතරම කියන්නේ රත්‍රන් බඩු ටික පරිස්සම් කර ගන්න, හූර ගන්න එහෙම එපා, ගෙදරි එලියට අරගෙන යන වාහනය ඔබ මොනතරම් පරිස්සමින්ද පාවිච්චි කරන්නේ. එහෙත් ඔබ අතේ ඇති මුදල් නොට්ටු වලට ඔබ නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද ? ඉහතින් සඳන කල රත්‍රන් බඩු යාන වාහන ඔබ මිලදී ගත්තේ මේ මුදල් වලින් නොවෙද ?
ඇයි අපිට බැරි ඒ මුදල් නොට්ටු හරියාකාරයෙන් භාවිතා කරන්න, ඉරෙන්න පොඩි වෙන්න දෙන්නේ නැතුව භාවිතා කරන්න, සමහර මිනිස්සු මුදල් නොට්ටු වල නෙයෙකුත් දේ ලියනවා, සමහර මිනිස්සු මුදල් නොට්ටු හංගගෙන යන්නෙ තමන්ගේ යට ඇඳුමේ, මාකට්වල ඉන්න වෙළෙදමහතුන් මුදල් නොට්ටු ගුලිකරලා සාක්කුවේ දාගන්නවා එහෙම නැත්තන්, සමහර මාළු වෙළෙන්දන්, මස්කඩ වෙළෙන්දන් අතේ තියෙන මස් මාළු වල ලේ පිටින්ම මුදල් ගුලිකරලා පෙට්ටියේ දාගන්නවා, එහෙම නැත්තන් සාක්කුවේ දාගන්නවා. මේ වගේ අපිරිසිඳු ආකාරයට මුදල් නොට්ටු භාවිතය ඔබ අනන්තවත් දැක ඇති. බස් රථවල කොන්දොස්තරමහතුන් එකතු කරන ලැබෙන මුදල් නොට්ටු පටියක් ආකාරයට දෙකට නවා ඇගිලි අතර රඳවාගෙන ඉන්නවා ඔබ අනන්තවත් දැක ඇති.මේ වාගේ ක්‍රියාවන් නිසා මුදල් නොට්ටු ඉතා ඉක්මනින් විකෘති වෙනවා.
පළුදු වීම් සහ විකෘති වීම් නිසා මසකට ‍මුදල් නෝට්ටු ටොන් ගනනක් භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ඔබ දන්න්නවාද ?
භාවිතයෙන් ඉවත්කර විනාශ කරන මුදල් නෝට්ටු වෙනුවෙන් අළුතින් නෝට්ටු නිකුත් කිරීම සඳහා විශාල අමතර වියදමක් වැය කිරීමට සිදුවන බවද ඔබ තරයේ දැන ගත යුතුය.
විකෘති නෝට්ටුවක් යනු කුමක් ද ?
ව්‍යවහාර මුදල් නෝට්ටුවක තත්වය එහි වටිනාකම, තීරණය කිරීමෙහිලා විශේෂ පරීක්ෂාවකට ලක්කල යුතු මට්ටමක පවතින විටෙක එවැන්නක් විකෘති නෝට්ටුවක් ලෙස සැලකේ. පිලිස්‍සීමෙන්, ගෙවීයාමෙන්, පලුදුවීමෙන්, ඉරීයාමෙන් හෝ අපවිත්‍රවීමෙන් විකල වු මුදල් නෝට්ටු, පලුදු වු මුදල් නෝට්ටු බවට පත්වේ. තවද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, මුද්‍රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්‍රාවක් හෝ සලකුණක තැබීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කර නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු ජනතාව විසින් පරිහරණයේදී එම නෝට්ටු වලට හානි නොවන ආකාරයට භාවිතා නොකරන අන්දම අප කොතෙකුත් දැක ඇත. නොවැලැක්විය හැකි හේතු නිසා පමණක් නොව හිතාමතාම විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන අතර එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා සහ විකෘති වූ පසු එවා විනාශ කර නැවත නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ඔබ තර්යේ මතක තබා ගත් යුතුය.
විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය . . .
පළපුරුදු නිලධාරීන්ගේ මාර්ගයෙන් විකෘති වු නෝට්ටු පිළිබඳව විමසා බලා නොමිලේ ඒ වෙනුවට වටිනාකම ලබාදීමේ සේවාවක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. විකෘති වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය මුදල් නීති පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.
ඔබ සතුව විකෘති වු නෝට්ටුවක් ඇත්නම් කළයුත්තේ කුමක් ද ?
විකෘති වු විකල වු නෝට්ටු, ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එවීමට හෝ මහ බැංකු මුදල් කවුළුවට භාරදීමට ඔබට හැකියාව ඇත. විකෘති වු නෝට්ටු, බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.00 පැයේ සිට 12.00 පැය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මුදල් කවුළු වෙත බාරගනු ලැබේ.
විකෘති වූ මුදල් නෝට්ටු ඉදිරිපත් කිරීම සඳහා සහ ව්‍යවහාර මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ලිපිනය සහ දුරකථන අංකයන් . . .
ව්‍යවහාර මුදල් අධිකාරී
ශ්‍රී ලංකා මහ බැංකුව
තැ.පෙ. 590
ජනාධිපති මාවත
කොළඹ 01
දුරකථන අංක – 94 11 2477351, 94 11 2477014, 94 11 2477355
මුදල් නෝට්ටු භාවිතයේදී අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් අපට විකෘති නෝට්ටුවක් ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට අපිට හැකියාවක් ඇත.
නොදැනුවත්ව අප මුදල් නෝට්ටු භාවිතයේදී යම් යම් විකෘති වීම් සිදු වුනද දැන දැන එවැනි දේ සිදු කිරීමට පෙර මොහොතක් සිතා බලන්න.
Posted by Poojitha Weerasingha at 2:25 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

ගණන් බැරිනම් වරද අම්මාගේ

දරුවන්ට ගණිත ගැටළු විසඳීම සම්බන්ධයෙන් අර්බුදකාරි තත්වයක් ඇත්නම් එහි වගකීම තම මව වෙත පැවරීමට  හැකිවන ආකාරයේ සොයාගැනීමක් කළ බව විද්‍යාඥයෝ කියති.
ඇත්තේ ගර්භනී කාලයේ ස්ත්‍රීන්ගේ හෝර්මෝන මට්ටම වයස අවුරුදු පහක් වූ දරුවාගේ ගණිත දක්ෂතාව හා සම්බන්ධතාවයක් පවතින බව ද ඔවුහු කියති.
මවුවරුන්ගේ තයිරොක්සින් මට්ටම පහළ වැටුණු විට තම උපදින දරුවන්ගේ ගණිත හැකියාව දෙගුණයකින් පහළ යන බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දී තිබේ.
ගර්භාෂයේ සිටින කළලයට තම මවගෙන් ලැබෙන තයිරොක්සින් දරුවාගේ මොලය වර්ධනයට ඉතාමත් තීරණාත්මක සාධකයකි. නමුත් බොහෝ ගර්භනී මව්වරුන්ගේ මෙම හෝර්මෝනය ඉතාමත් අඩු මට්ටමක පවතී.
පර්යේෂණ ප්‍රධානි මාර්ටිජන් ෆින්කන් මව්කුසයේ සිට දරුවන් පාසල් යාම දක්වා පාසැල් ගමන ආරම්භ  වනතුරු ළමුන් 1200 ක් ගැන අධ්‍යනය කර තිබේ.

මවගේ දරු ගැබට  සති 12 සිට තයිරොක්සින් මට්ටම මැනබලා ඇති අතර එම ළමයින් වයස අවුරුදු පහේ දී ගණිතයට සහ භාෂා පරික්ෂණවලට දක්වන කුසලතාවය හා සැසඳීය.
මෙයින් තයිරොක්සින් මට්ටම ඉතාමත් අඩුව පැවති මව්වරුන්ගේ ගර්භාෂයේ  වැඩුනු දරුවන් ගණිතයට දක්වා ඇත්තේ ඉතාමත් අල්ප දක්ෂතාවයක් බව සොයාගෙන තිබේ.
හෝර්මෝන මට්ටම දරුවන්ගේ වචන ප්‍රමාණය සහ භාෂා හැකියාව අතර සම්බන්ධයක් නොමැති බව ද සොයාගෙන ඇත.
ආචාර්ය ෆින්කෙන් පවසන්නේ මෙයට හේතුව විය හැක්කේ භාෂා හැකියාව අපගේ ශික්ෂණය කෙරෙහි බලපෑම බවයි.
අපේ ගණිත හැකියාව අනෙක් අතින් සෘජුවම නැවතත් මොලයේ වර්ධනය ප්‍රකාශ කරණ බව පෙනීයයි.
ළමා අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ ඇම්ස්ටර්ඩෑම්හි වීයු විශ්ව විද්‍යාලීය වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂක තවදුරටත් ළමයින්ගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් පාසැල් කාලය තුලදීද සොයා බැලීම් කර තිබේ.
මෙම තත්වය වලක්වා ගැනීමට ගර්භනී සමයේදී ස්ත්‍රීන්ගේ හෝර්මෝන තත්වය ගැන  පරික්ෂණ කර මෙම හෝර්මෝන අඩු අයට ඒවා කෘතිමව ලබා දිය යුතුයැයි ද පර්යේෂකයෝ නිර්දේශ කරති.
බ්‍රිතාන්‍ය මහාචාර්ය ජෝන් ලැසරස් පවසන්නේ ගර්භනී පූර්ව සමයේ නූපන් ළදරුවන්ට තයිරොක්සින් නිපදවිමට නොහැකි බවයි.ඔහු පවසන්නේ ගර්භනී මවුවරුන් දිනකට අයඩීන්  මයික්‍රො ග්‍රෑම් 100 – 150 ක් ලබා ගැනීම ආරක්ෂාකාරි බවයි.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පවසන්නේ බොහෝ තරුණ ගැහැනු ළමයින්ගේ අයඩින් ඌනතාවක් තිබෙන බවයි. එය ඉතා අන්තරාදායක ලෙස අඩු ප්‍රමාණයක් බව ද ඔවුහු පෙන්වාදෙති. 2011  පාසැල් යන ගැහැණු ලමුන් 700 ක් යොදා කරණ ලද අධ්‍යනයකදී හෙලිවූයේ එයින් සියයට 70 ක් ඛනිජ ඌනතාවයන්ගෙන් පෙලෙන බවයි.

ලංකාදීප ඇසුරින්
Posted by Poojitha Weerasingha at 2:22 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

ටයිටැනික් හා බ’ර්නුලි

සුප්‍රකට ටයිටනික් නෞකාව Southampton වරායෙන් තම මංගල මුහුදු ගමන පිටත් වීමට මොහොතකට පෙර දී, එනම් මහා ඛේදවාචකයට පෙර තවත් එක් අභාග්‍ය සම්පන්න සිදුවීමකින් යන්තමින් බේරුන බව සමහරෙකු නොදන්නවා විය හැක.සමහර විට එම පළමු අභාගය සම්පන්න සිදුවීමට මුහුණ දීමට මේ සුන්දර නෞකාවට ඉඩ ලැබුනේ නම් දෙවැනි ඛේදවාචකදී සිදුවූ ඇතිශය බිහිසුණු සිදුවීම් හා සැසදීමේදී එක ඉතා සුළු මට්ටමේ එකක් වන්නට ඉඩ තිබුණි.
වාරයේ නැංගුරම් ලා තිබු ටයිටනික් නෞකාව ”New-York ” නැවට ආසන්නව ගමන් කිරීම ඇරබා තිබු අතර නැවු දෙකෙහි නෞකා තලයන් (keels) එකිනෙකට සමාන්තරව පිහිටා තිබුණි.ටයිටනික් නෞකාව New-York නෞකාව පසුකරගෙන යාමේදී එක වරම New-York නෞකාවේ කබයන් ක්ෂණිකව කඩි නෞකාව වේගයෙන් පැද්දෙමින් ටයිටනික් නෞකාව දෙසට ගමන් ගත්තේය.මෙහිදී ක්ෂණිකව තීරණයක් ගත් ටයිටනික් නෞකාවේ කපිතාන්වරයා නෞකාවේ එංජිම ප්‍රතිවර්ත කරමින් නාවේ වේගය අඩුකර New-York නෞකාවට ආරක්‍ෂිතව යාමට ඉඩකඩ ලබාදුන්නේ නෞකා දෙක ගැටීම අවසන් මොහොතේ වලක්වමිනි.
titanic-maiden-voyage-3
මෙහිදී මෙම ගැටුම වලක්වා ගත්තේ අඩි කීපයක් තරම් ඉතා සුළු දුර ප්‍රමාණයකින් වීම විශේෂත්වයයි.මෙනිසා ට්යිටනික් නෞකාව තම මංගල චාරිකා ගමන පැයකින් පමණ ප්‍රමාද වූ අතර එම ගැටුමට අසන්න මොහොතේ නෞකාවේ රැදිසිටි ජායාරුප ශිල්පිය තම කාචයේ සටහන් කරගත්තේ අමරණිය දුක්මුසු සිහිවටනයක් ලොවට දායාද කරමිනි.එනම් එම මංගල චාරිකාවේදීම මේ අපුරු යාත්‍රව තම අවසන් චාරිකාව ලෙසින් එම ගමන සටහන් කර ජිඉවිත දහස් ගණනාවක් සමඟ මහා සයුරු පතුලෙහි සැඟව ගිය බැවිනි.
සැබැවීමම මෙවැනි සිදු වීමක් සිදුවුයේ කෙසේද?? එම පිළිතුර තුල ඇති ප්‍රධාන සංසිධිය නම් බ’ර්නුලි මුලධර්මයයි.ජලය මත නෞකා ගමන් කිරීමේදී ඒවා මගීන් ජලය, ඒවා ගමන් ගන්නා මාර්ගයෙන් ඉවතට තල්ලු කරනු ලබන අතර එම ජලය නෞකාවේ පැති වටා ගමන් කරයි.ට්යිටනික් වැනි නෞකාවක් New-York වැනි කුඩා නෞකාවක් පසු කිරීමේදී ඒවායේ තලයෙන් (නැවක පැති බඳ) එකී නෙකට සමාන්තරව ඇතැයි සිතමු.මෙහිදී නැවු වටා වූ ජලය නැවු දෙක අතර පටු කෘතීම ඇලක් (channel) නිර්මාණය කරයි.ජලය අසම්පිඩය නිසා පටු ඇලක් ආකාරයට පත් වීමේදී එහි පරිමාව නියතව පවතී.සම්පිඩක ජලයේ කැමැත්ත වනුයේ නැව් දෙක අතරින් වාතයට පැනීම වන  අතර ඊට හේතුව වන්නේ ජලයට ඉහලින් වූ වාතය මඟින් සම්පිඩක වීම සඳහා කුඩා ප්‍රතිරෝදකයක් පිරිනමන බැවිනි.නැව් දෙක අතර ජාල මට්ටම ඉහල යන විගසම නැව් තලවල දිශාවට සමාන්තර දිශාවට ජලය ගලායාම සිදුවන අතර නැව් දෙක අතර වූ ජලය ඉහල ව්ගයෙන් ගමන් ගන්න අතර එම වේගය නැව්වල දෙපස විරුද්ද දිශාවල වේගයට වඩා වැඩිය .බ’ර්නුලි මුලධර්මයට අනුව මේ වේගයෙන් ගමන් ගන්න ජලය නැව් වල පැතිවලට පහල පීඩනයක් යොදන අතර මෙම පීඩන වෙනස නිසා සිදුවන ප්‍රථිපලය වනුයේ සම්ප්‍රයුක්ත බලයක් මගින් නැව් දෙක එකිනෙක දෙසට තල්ලු කිරීමයි.
http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

Posted by Poojitha Weerasingha at 2:21 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

රැහැන් රහිත ආරෝපනය හෙවත් wireless charging



නව තාක‍ෂණය දියුණුවීමත් සමග අප රැහැන් රහිත ලොවක් කරා ගමන් කරමින් සිටින්නෙමු. රැහැන් රහිත දුරකථන, රැහැන් රහිත දත්ත හුවමාරුව, රැහැන් රහිත අන්තර්ජාලය රැහැන් රහිත රෑපවාහිනිය මේ රැහැන් රහිත කිරීමේ විප්ලවයේ කොටස්කරුවන්ය. රැහැන් රහිත ලොවේ නවතම විකාශනය වන්නේ රැහැන් රහිත බලශක්තියයි.
nokia සමාගම සිය nokia 920 දුරකථනය g මෙම තාක්ෂණය එක් කර තිබෙන අතර එය සාමාන්‍ය රැහැන් සහිත චාජරයකට සම්බන්ධ කිිරීමකින් තොරව Charge කප හැකිය. ඒ ස‍්හා කල යුත්තේ සමග එන Charger Pad එක විදුලියට සම්බන්ධ කර, දුරකථනය ඒ මතින් තැබීම පමණි.
මෙම Wireless Charging තාක‍ෂණය QI ලෙස හඳුන්වන අතර මෙය චීන වදනකි. මෙහි අර්ථය නම් “ශක්ති කදම්භය” යන්නයි. විදුලිය හා චුම්භකත්වය එක්කොට විද්‍යුත් චුම්භක කලාප පිහිටුවීම මගින් විදුලි ධාරාවක් රැහැන් රහිතව එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේශණය කිරීම QI තාක‍්ෂණයේ පදනමයි.Qi යනු තාක‍ෂණික මූලධර්මයකටත් වඩා තාක‍ෂණික තත්ත්ව පදනමක් වීම වැදගත් කරුණකි. එනම් මෙම තාක‍ෂණය භාවිතා කිරීමට නම් එකම ආකාරයක Hardware Componant දුරකථනවල තිබිය යුතුය. මේ නිසා අනාගතයේ සියලූම රැහැන් රහිතව චාජ් කරවන දුරකථනයක් QI චාජර් පෑඩ් එකක් මගින් ආරොපනය කළ හැකි වනු ඇත. දැනටමත් Nokia, LG, Motorola, HTC, Huawei, Sony සහ Samsung යන සමාගම්‍ මෙම තාක‍ෂණය ඔවුනගේ නව දුරකථන වලට ක්‍රම ක්‍රමයෙන් ඇතුළත් කිරීමෙහි උනන්දුවක් පෙන්නුම් කරති.
qi_charging
මෙම තාක‍ෂණය ක්‍රියා කරන ආකාරය භෞතික විද්‍යාත්මකව නම් එතරමි සංකීර්ණ නොවුනත්, එය වටහා ගැනීම සාමාන්‍ය විද්‍යාත්මක දැනුමක් ඇති අයට තරමක් අපහසු බැවින් මෙය හැකි තරම් සරළ ලෙස විස්තර කරන්නම්.
සාමාන්‍යයෙන් විද්‍යුත් ධාරාවක් නිපදවීමට නම් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් තුළ චලනය වන සන්නායකයක් තිබිය යුතුයි. බයිසිකල් ඩයිනමෝවේ සිට මහා විදුලි උත්පාදක ටර්බයිනයන් දක්වා වන විදුලි ජනනයේ මූලික සිද්ධාන්තය මෙයයි. මෙම සන්නායකය බොහෝ විට තඹ හෝ ඇලූමිනියම් කොයිල් එකක් හෙවත් දඟරයක් වීමට අඩ ඇත.
QI තාක‍ෂණය නියමයන්ට අනුව රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැක්කේ අවම බලයක් සහිත 0 සිට 5w දක්වා වූ විද්‍යුත් ධාරාවකි. විදුලිය සම්ප්‍රේෂණය කිරීමට එක් Transmeter Coil එකක් ද, සම්ප්‍රේෂණය ලබා ගැනීමට Recever Coil එකක් ද, අවශ්‍ය වේ. QI යටතේ විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි දුර මිලි මීටර 5 සිට 40 දක්වා ප්‍රමාණයකි. මෙම Transmeter Coil එක ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධිත Charging Pad එක තුළද, Receiver Coil එක දුරකථනය තුළද පිහිටා තිබේ.
චාජර් පෑඩ් එක විදුලියට සම්බන්ධ කළ විට එහි ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් ධාරාව විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් බවට පත් කරයි. මෙම ක්ෂේත්‍රයේ විශාලත්වය උපරිම වශයෙන් මිලි මීටර 40 ක් (අඟල් 1.6 ක්) පමණ වේ. මෙම චුම්භක ක්ෂේත්‍රය තුළට, සරළව කියතොත් ට්‍රාන්ස්මීටර් කොයලය සහිත අදාල චාජර් පෑඩ් එක උඩින් රිසීවර් කොයල් එකක් සමගම නිපදවා ඇති උපාංගය හෝ දුරකථනය තැබූ විට මෙම කොයිල් දෙක එකිනෙක සම්භන්ධ වේ. ඉන්පසු දුරකථනයේ ඇති රිසීවර් කොයිලයෙන් ඉල්ලා සිටින ප්‍රමානයට චාජර් පෑඩ් එකේ ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් විද්‍යුත් චුම්භක ධාරාව විදුලි ධාරාවක් බවට හරවා දුරකථනයේබැටරියට ආරෝපණය කරනු ලබයි.
බොහෝ දෙනා නොදැන සිටිය ද Qi සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ 2009 තරම් ඈතකදී බව ඔබ දැන ගත යුතුය. එබැවින් මෙය අළුත් තාක‍ෂණයක්වත්, නුපුරුදු දෙයක් හෝ නොව කලක් අතහැර දමා තිබූ තාක‍්ෂණයක් පමණි. නමුත් මෙය ඉදිරියේදී දුරකථන ස‍ඳහා බහුල වශයෙන් භාවිතයට පැමිනීමට ඉඩ ඇත. එසේ වුවහොත් ‍ෆෝන් එක චාජ් කරන්නට ගොස් චාජරයේ පින් චුරකථනයේ චාජර් පෝට් එකට නිසිලෙස සම්භන්ධ නොවීම නිසා වි‍ඳින්නට සිදුවන කරදරයන් නම් නිමා වනු නිසැකය.
Posted by Poojitha Weerasingha at 2:20 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

NFC තාක්ෂණය

ෆෝන් එකෙන් මුදල් යවන්න හා ගෙවන්න අපේ රටේ උදවිය මුලදී නම් ටිකක් ඈලි මෑලි වුනා. නමුත් මේ වන විට නම් ක්‍රම ක්‍රමයෙන් ජනතාව මනි ඕඩර් වලට සමුදෙමින් ෆෝන් එකෙන් මුදල් යවන්නටත් ගෙන්වා ගැනීමටත් හුරුවෙමින් පවතී. කෙසේ වුවත් මෙමගින් මුදල් යැවීම ඉතාමත් සුන්දර අත්දැකීමක් වුවත්, ලබන්නාට මුදල් ලබාගැනීමට නම් කමියුනිකේෂන් කඩ දහයකටවත් ගොඩ වැදීමට සිදුවේ. එයට හේතුව අපේ රටේ වෙළ‍ඳ ප්‍රජාව ස්වභාවයෙන්ම මුදල් ගැනීමට මිස දීමට එතරම් උනන්දුවක් නොදක්වන නිසායි.
කෙසේ වුවද අදාල සමාගමේ ශාඛා කාර්යාලයකට ගියොත් නම් ‘එන්න සර්… මෙන්න සල්ලි‘ කියා ඉක්මනින්ම මුදල් ලබාගත හැකිය. කෙසේ වුවද දුරකථනය හරහා මුදල් ගනුදෙනු වලට මේ වන විට අපේ රටේ ජනතාව ටිකෙන් ටික හුරුවෙමින් පවතී. අප මේ සටහන ලියන්නට හිතුවේ දුරකථනයෙන් මුදල් යැවීම නම් සරල කාර්යයෙන් ඔබ්බට ගිය නූතන මොබයිල් වාණිජකරණය ගැන ටිකක් කථා කරන්නටයි…
මිනිසුන්ට සීමිත සම්පත් හා අසීමිත වුවමනා ඇත. මෙම වුවමනාවන් මිළ දී ගැනීමට ඈත අතීතයේ සිට මිනිසා යොමු වී සිටියේය. පළමුව සිදුවූයේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීමයි. ඉන්පසුව පොදුවේ වටිනා යැයි පිළිගත් රන් හා රිදී වැනි දේට භාණ්ඩ හුවමාරු කිරීමට මිනිසා පෙළඹුනි. පසුව පැමිණියේ රන් හෝ රිදී කාසි වලින් ගණුදෙනු කිරීමේ යුගයයි. මුදලේ මෑත කාලීන පරිවර්තනය නම් කාසි හා නෝට්ටු හෙවත් ‘‘නිමිති මුදල්ය’’. මේවායේ ඇත්තේ ආරෝපිත වටිනාකමකි.
නිමිති මුදල් වලට පසුව පැමිණියේ ඉලෙක්ට්‍රොනික මුදල්ය. Credit හා Debit කාඞ්පත් මෙයට අයත් වේ. මුදලේ නවතම විකාශනය වන්නේ Mobile Cash ය. ‍මෙහි ආගමනයත් සමග පෙර පැවති නිමිති මුදල් හා ඉලෙක්ට්‍රොනික මුදල් අභාවයට යන ලකුණුත් Mobile ආර්ථිකයක් හෙවත් M-Commerse ඇති වීමේ ලකුණුත් දැන් පහළ වී ඇත. M-Commerce ය යනු ඔබේ ජංගම දුරකථනයේ ඇති Credit හෙවත් ඔබ විසින් දුරකථනයට ඇතුලත් කල හෝ ඔබේ බැංකු ගිණුම ගිණුම දුරකථනයට සම්බන්ධ කර තිබීම වැනි ක්‍රමවේදයක් මගින් යම් ගණුදෙනුවක් සඳහා මුදල් ගෙවීමේ ක‍්‍රමයයි.
මෑතකදී එක්සත් රාජධානියට හඳුන්වාදුන් NFC Mobile Wallet යනු ජංගම දුරකථනය Credit Card කියවනයක් ආසන්නයට ගෙන යාමෙන් පමණක් මුදල් ගෙවීමට හැකි ක‍්‍රමවේදයකි. NFC යනු Near Field Communication හෙවත් එක් උපකරණයක් ආසන්නයට තවත් උපකරණයක් ගෙන යාමෙන් පමණක් එම උපකරණ රැහැන් රහිතව සම්බන්ධ කළ හැකි තාක්‍ෂණයකි. ගූගල් සමාගම ද Google Wallet ලෙස Smart Phone සඳහා මෙම තාක්‍ෂණය හඳුන්වාදීමට උත්සුක වී සිටියි. දැන් නිකුත් වන නවීන Credit හා Debit Card තුළ ද NFC චිප් අන්තර්ගත කර ඇති බැවින් ක්‍රෙඩිට් කාඩ් කියවනයට සෙන්ටිමීටර කිහිපයක් කාඞ් එක ලං කොට ගෙවීම් කළ හැකිය.
NFC ක‍්‍රියාත්මක වන ආකාරය සරළය. ඔබට අවශ්‍ය වන්නේ NFC පහසුකම ඇතුළත් දුරකථනයක් සහ NFC මගින් ගෙවීම් කල හැකි සාප්පුවක් සොයා ගැනීම පමණි. අදාළ මිළදී ගැනීම කරන විට NFC තාක්ෂණයට අනුකූල කාඩ් කියවන උපකරණය අසලට දුරකථනය ගෙන යාමෙන් ගෙවීම් කිරීම කළ හැකිය. මෙහිදී සිදුවන්නේ දුරකථනයට සම්බන්ධ කරන ලද බැංකු ගිණුමකින් හෝ දුරකථනයේ සිම් පත තුළ ඇති ක්‍රෙඩිට් මගින් මුදල් ගෙවීමයි.
NFC තාක්‍ෂණය සුරක්‍ෂිතය, පහසුය. ඔබට දරුවන් අතට මුදල් දීමට අවශ්‍ය නම් හා ඔවුන් පාලනයක් සහිතව එම මුදල් වියදම් කරනු සැලසුම් කිරීමට අවශ්‍ය නම් එයට හොඳම විසඳුම Mobile Wallet එකයි. ඔබට දරුවාගේ ජංගම දුරකථනයට මුදල් යවා, ඔවුන්ට එම මුදලින් මිළට ගැනීමට හැකි භාණ්ඩ තීරණය කිරීමට හැකියි. එසේම මුදල් කොහේදී ද, කුමන වේලාවට ද, කුමක් සඳහා වියදම් කළේ දැයි සවිස්තරාත්මක වාර්තාවක් ද ලබා ගැනීමට හැකිය. කෙසේ වුවද, NFC Mobile Wallet හි තවත් විසඳිය යුතු අඩු පාඩු රාශියක් ඇත. උදාහරණයක් ලෙස යම් පුද්ගලයකු තම කෝට් සාක්කුවේ NFC Reader එකක් දමාගෙන බසයක හෝ මාර්ගයක ගමන් කරද්දී ඔහු අසලින් යන තවත් පුද්ගලයකුගේ NFC දුරකථනයක් හා ස්වයංක‍්‍රීයව සම්බන්ධ වීමට ඉඩ ඇති බැවින් අතපය නොසල්වා පික් පොකට් ගැසීමේ කලාවක් බිහිවනු ඇත. එසේම යම් අයෙකුගේ දුරකථනය නැතිවුවහොත් හෝ සොරකම් කළහොත් එම දුරකථනයෙන් වෙනත් අයෙකුට මුදල් ලබා ගැනීමට හැකි වනු ඇත.
මේ සඳහා විසඳුම් බොහොමයක් ඉදිරිපත් ඇති අතර වඩාත් සිත් ගන්නා සුළු පිළියම නම් ගෙවීමක් කරන විට අන්ත දෙකෙන්ම එනම් පාරිභෝගිකයාගේ දුරකථනයෙන් හා වෙලෙන්දාගේ රීඩරයෙන්ද පාස්වර්ඩ් එකක් ඇතුලත්කල යුතු වීමයි. මෙය වෙනත් තුන්වන උපකරණයකින් විටින් විට ලබා ගත හැකි Top up, හෙවත් ‘One time‘ key එකකි. ලංකාවේ HSBC බැංකුවෙන් පාරිභෝගිකයන්ට තම ගිණුමේ ශේෂය අන්තර්ජාලයෙන් පරික්ෂා කිරීමට මෙවන් තාක්‍ෂණයක් හඳුන්වා දී ඇති අතර එහිදී සිදුවන්නේ බැංකුව මගින් පාරිභෝගිකයන්ට ලබා දී ඇති Key Tag එකක බොත්තමක් එබීමෙන් ඒ වේලාවට පමණක් භාවිතා කළ හැකි මුරපද Password එකක් ලබා ගැනීමයි. මෙම තාක්‍ෂණය ද සහිතව දියුණු කරන ලද NFC පහසුකම සහිත ජංගම දුරකථන නුදුරේදීම වෙළඳපලට පිවිසෙනු ඇති අතර නිසි වානිජ්‍යමය හා ආර්ථිකමය දියුණුවීම් ඇති වුවහොත් ලංකාව පුරා ද මෙම තාක්‍ෂණය ඉක්මනින් ජනප‍්‍රිය වනු ඇත. පහසු හා සුරක්‍ෂිත මුදල් ගෙවීමේ මාධ්‍යයක් වන බැවින් Mobile Wallet තාක්‍ෂණය වසර 2030 වන විට ලෝකයේ සියළුම සංවර්ධිත රටවල ප‍්‍රධාන ගෙවුම් මාධ්‍යය වීමට ඉඩ ඇති අතර කාසි, නෝට්ටු හා අනෙතුත් ඉලෙක්ට්‍රොනික මුදල් කෞතුකාගාර වලට සීමාවීමට ද ඉඩ ඇත
Posted by Poojitha Weerasingha at 2:19 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

පියයුරු පිළිකා හදුනාගන්නේ මෙහෙමයි

breast cancer
Srilankamirror – කාන්තාවන්ට වැළදෙන රෝග අතුරින් මුල් තැනක් ගන්නා රෝගයක් ලෙස පියයුරු පිළිකාව හඳුනා ගත හැකිය. මෙය බටහිර රටවල කාන්තාවන් 12කුගෙන් එක් අයකුට වැළඳීමේ ප‍්‍රවණතාවයක් ඇත.
ශරීරයේ සෛලය කි‍්‍රයාකි‍්‍රයාකාරීත්වය පාලනය කරන ජානවල විකෘතිතාවයක් ඇති වීම පිළිකාවක් ලෙස හඳුනා ගත හැකිය. කාන්තාවන්ට ආවේණික වූ හෝමෝනයක් වන ඊස්ට‍්‍රජන් හෝමෝනය පියයුරු පිළිකා කෙරෙහි බලපාන බැවින් මෙය වැළදීමේ 99%ක ප‍්‍රවණතාවයක් ඇත්තේ කාන්තාවන්ටය.
පිළිකාව යන්න ඇසූ පමණින් එය සමාවක් නැතිව ජීවිතය බිලිගන්න පැමිණි මාරාන්තික රෝගයක් ලෙස බොහෝ දෙනා දකී. පියයුරු පිළිකාව කෙරෙහිද මෙවැනිම භීතියක් පවතී. පිළිකාවක් කල්තියා හඳුනාගැනීමෙන්  එය කෙටි කාලයක් තුළ සුවකර ගත හැකිය. නමුත් කාන්තාවක් තමන්ට පියයුරු පිළිකාවක් සෑදී ඇත්නම් එය කලින් හඳුනා ගන්නේ කෙසේද?
breast-rash-cancerපියයුරු පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම සඳහා ගතහැකි සරල පියවර වන්නේ ස්වයං පියයුරු පරීක්ෂාවයි. තන පුඩුවෙන් ලේ ගැලීම, පැත්තට හෝ ඇතුළට නෙරීම් ඇතිවී තිබීම, කිහිල්ලේ ගැට ඒම, පියයුරුවල වේදනාව මෙහිදී රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය. සතියකට වරක්වත් මෙම ස්වයං පරික්ෂාව සිදුකළ යුතු අතර යම් සැකයක් ඇතිවන්නේ නම් වෛiවරයකු වෙත යොමු වීම වැදගත්වේ.
යම් අයෙකුට පියයුරු පිළිකාවක් වැළඳී ඇත්දැයි යන්න තහවුරු කරගත හැකි පරීක්ෂණ කිහිපයක් තිබේ. ස්කෑන් පරීක්ෂාව, මැමෝග‍්‍රෑම් පරීක්ෂාව සහ වෙනත් පරීක්ෂණවලට යොමුවිය හැකිය. සැකසහිත ලක්ෂණ තිබේ නම් FNA පරීක්ෂාවක් මගින් පිළිකා ෙසෙල හඳුනා ගත හැකිය. මැමෝග‍්‍රෑම් පරීක්ෂාවේදී  එක්ස්රේ පරීක්ෂාවට සමාන පරීක්ෂාවක් මගින් පියයුරුවල එක්ස්රේ රූපය ලබාගන්නා අතර මෙම රූප මගින් පියයුරුවල මිලිමීටර් 5ක් වැනි කුඩා ගැටිත්තක් වුවද හඳුනා ගත හැකිය.
පියයුරු පිළිකා මැඩලීම සඳහා නවීන තාක්ෂණය මහෝපකාරී වේ. ලොව ප‍්‍රමුඛ පෙළේ සියලූම වෛi උපකරණ නිපදවන සමාගම් මේ සඳහා විශාල මුදලක් වැය කරමින් පර්යේෂණ සඳහා නිතිපතා යොමුවේ. මෙවැනි උත්සාහයන්හි ප‍්‍රතිපලයක් ලෙස සොයාගෙන ඇති පියයුරු පිළිකා ඉතාම කුඩා අවදියේදී හඳුනා ගත හැකි අතිධ්වනී පරීක්ෂණ නම් කළ හැකිය. මෙය Breast Elastography නම් වූ පරිගණක මෘදුකාංග මගින් සිදුකරන අතර ඉතා කුඩා  ගැටිත්තක් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට මෙහි දී අවස්ථාව ඇත.
කිසිදු වේදනාවකින් තොරව මෙම පරීක්ෂා මිනිත්තු 15 ත් 20ත් අතර කාලයක් තුළ සිදු කළ හැකි අතර අදාළ පරීක්ෂණ වාර්තාවද එම මොහොතේම ලබාගත හැකිවීම විශේෂ වේ.
මෙය රෝග කලින් හඳුනාගැනීමේ පරීක්ෂණයක් ලෙස බටහිර රටවල ප‍්‍රචලිතව ඇති අතර ලංකාවේද ජනප‍්‍රිය වෙමින් පවතී.
how to identify breast cancerපියයුරු පිළිකාව නොසැලකිලිමත් ලෙස මඟ හැරියහොත් අත්වන ඉරණම භයානකය. එවැනි අවස්ථාවල සිදුකළ යුතු ශල්‍යකර්ම සංකීර්ණ ඒවා වන අතර පිළිකාව අවට ඉන්ද්‍රියන් වෙතද පැතිර ගොස් තිබුණොත් ශල්‍යකර්මයේ ප‍්‍රතිඵලද එතරම් සුභදායක නොවනු ඇත. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයාට ඇති එකම පිළියම වනුයේ රෝගියාට විකිරණ ප‍්‍රතිකාර සහ කීමෝ තෙරපි ප‍්‍රතිකාර සිදුකිරිමයි.
පියයුරු පිළිකාව බැරූරුම් තත්ත්වයක පවතින්නේ නම් එය ඉවත් කිරීම සිදු කරයි. සමහර අවස්ථාවලදී පියයුරුවෙන් කොටසක් ඉවත් කරෙන අතර තවත් අවස්ථාවලදී සම්පූර්ණ පියයුරුව ඉවත් කෙරේ. කෙසේ වෙතත් මෙය  නැවත නිර්මාණය කළ හැකි බැවින් කනගාටුවට පත් විය යුතු නොවේ. මෙලෙස පියයුරු හැදීමට සිදුවුවහොත් හෝ පිළිකාව පැතිර ගොස් තිබුණොත් ශල්‍යකර්මයෙන් පසු රසායනික ඖෂධ ලබා දෙන අතර ඒවායේ යම් බලපෑමක් ඇතිවිය හැකිය.
පියයුරු පිළිකාවක් ඇතිවීමට හේතුව හඳුනාගෙන නොමැතිනම් එය ඇතිවීම වැළැක්විය නොහැකිය. පියයුරු පිළිකා සඳහා මුල් වන්නේ ඊස්ට‍්‍රජන් හෝමෝනය වන අතර  උපත්පාලන පෙති, අධික තෙල් සහිත ආහාර, රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර, නිතර ගැනීමත්, මීට බලපෑ හැකිය. ඉක්මනින් වැඩිවියට පත්වීම ඔසප් චක‍්‍රය අවසන් වීම, පමාවීම වැනි කරුණුද මීට හේතුවන අතර දරුවන් ප‍්‍රසූත නොකළ කාන්තාවන්ට මෙය වැලදීමේ ඉහළ ප‍්‍රවණතාවයක් ඇත. මීට අමතරව මෙය පරම්පරාවෙන් පරම්පරාවට ද වැළදිය හැකිය.
පියයුරු පිළිකාව කාන්තාවන්ට අතර බහුලව දැකිය හැකි රෝගයක් නිසා අවදානය මෙහි අවධානමට  යොමු කිරීම එයින් අත්මිදිය හැකි නිවැරදිම මාර්ගය වේ.
ස්තුතිය – වෛද්‍ය විභාශ් විජේරත්න
සටහන – ශිරන්තනී මානවඩු
Posted by Poojitha Weerasingha at 2:18 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

National flag of Sri Lanka

Sri-Lanka-flag
The flag of Sri Lanka’s distinguishing mark is the golden lion with its right fore paw holding a sword, thereby making the flag also known as the Lion Flag. The lion is set on a crimson background with one golden bo (sacred fig) leaf at every corner. To its left are two vertical stripes of the same width and length in green and saffron, the green stripe closer to the hoist. Between the stripes and the lion, and around them are borders in yellow.
The lion has played a significant role in Sri Lanka’s history. Vijaya, Sri Lanka’s first king, brought with him a banner with a lion when he first arrived at the island in 486 BCE.
The lion, in general, represents bravery, but there are distinctive meanings to every design within the golden lion.
The curly hair of the lion represents religious observance, meditation, and wisdom. Its beard represents purity of words; the nose, intelligence; the fore paws, purity in handling wealth. The sword that the lion holds represents the sovereignty of the nation. The handle of the sword stands for the elements: water, earth, air, and fire.
All together, the lion and the maroon background represent Sinhalese ethnicity as well as strength of the nation.
The bo leaves represents Buddhism and its bearing on the Sri Lankan nation. The leaves also represent the four Buddhist virtues meththa (friendliness), karuna (kindness), muditha (happiness), and uppekha (equanimity).
The green stripe represents the Muslim faith and the Sri Lankan Moors, while the saffron stripe represents the Sri Lankan Tamils. The crimson background also represents other minor religions and groups, including the European Burghers. It also alludes to the country’s rich colonial heritage. The yellow border represents other ethnic groups in Sri Lanka, the Sri Lankan Malays, for example.
Incorporating the minority groups with the majority race, the flag of Sri Lanka is indeed a rallying tool for all Sri Lankan groups and a great representation of the nation and its heritage.
Posted by Poojitha Weerasingha at 2:18 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

ඇල්බට් අයින්ස්ටයින්

albet
“ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප‍්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා.කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැයි කියලා එදා ඒ ගුරුතුමා එහෙම අනාවැකියක් පළ කළාට ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු මහා ප‍්‍රාඥායා බවට පත් වන්නට මොහුට පුළුවන් වුණා. ඒ අන් කවරකුවත් නොව ඇල්බට් අයින්ස්ටයින්ය.
ඉගෙනීමට දස්කම් නොපෙන් වූ ළමා විය ජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ අය බොහෝම අල්පේච්ච ජීවිතයක් ගත කළ ඇත්තන්. ඒ පවුලේ ප‍්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.ඇල්බට් කුඩා කල සිටම දුර්වල ළමයෙක්. අවුරුදු තුනක් පමණ ගතවනතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුත‍්‍රයා උපන් ගෙයි ගොළුවෙක් කියලයි.ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියන කොට මව්පියන් ඔහුව ලූයිපෝල් පාසලට ඇතුළත් කළා. ඒ කාලේ ඉගැන්නුවේ කටපාඩම් කරන්නටයි. ළමයින් ගිරව් වගේ කට පාඩම් කළා. මේ ක‍්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බට් අයින්ස්ටයින්ටන් මේ ඉගැන්වීමේ ක‍්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරළි කරන්න ගත්තා. ඇල්බට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරු වන බව ඔවුන්ට අවබොධ වුණා. ඒ නිසා මහත් පෙරැත්ත කරමින් ඇල්බට්ව පාසලට රැගෙන යන්න ඔවුන් උත්සාහ ගත්තා.
උපාධිය ලබා ගනියිදවසක් ඇල්බට්ගේ තාත්තා පුතාට කොම්පාසුවක් ගෙනැවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටුව යොමුවුණේ උතුරටයි. ඇල්බට්ට මෙය මහත් ප‍්‍රහේළිකාවක් වුණා. ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඉගෙනීම කෙරෙහි ක‍්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා.මේ අතරතුරේ දී ඇල්බට්ගේ පියාගේ ව්‍යාපාර බංකොළොත් වුණා. ව්‍යාපාර ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප‍්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මේ නිසා ලූයිපෝල් පාසලින් අස්වෙන්න ඇල්බට්ට සිද්ධ වුණා. මේ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බට්ට එපා වී තිබීම ඊට හේතුවයි.ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බට් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්‍ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. මින් අධෛර්යමත් නොවුණු අයින්ස්ටයින් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. මහන්සි වී ඉගෙන ගත් හෙතෙම එවර ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නට අයින්ස්ටයින් සමත් වුණා.1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේ ද 1911 සිට 1913 දක්වා පැරගුවේ සරසවියේ ද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ලෙසින් ද කටයුතු කළා.
භෞතික විද්‍යාව නව මඟකට යොමු වෙයිආලෝකය, ශක්තිය, චලිතය, ගුරුත්වය, අභ්‍යවකාශය හා කාලය පිළිබඳ අවබෝධයක් ලෝකයට ලබා දුන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය. පදාර්ථය යනු ශක්තිය රැස්කොට ඇති තටාකයක් යැයි ඔහු ප‍්‍රකාශ කළා. ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව දක්වන සුප‍්‍රකට සමීකරණය ඔහුගේ බුද්ධි බලයෙන් තර්කානුකූලව ඉදිරිපත් කරවූවක් මෙම සමීකරණය පසුව පරීක්‍ෂණාත්මකව ඔප්පු කරනු ලැබුවා.ජලකර හා පරමාණු බොම්බ, න්‍යෂ්ටික බලය, මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදා ගැනීමට මුල් වූ පර්යේෂණ ආරම්භ කරන්නට පුළුවන් වූයේත් ඔහුගේ ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව හෙළි කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම මුළු භෞතික විද්‍යාවේම අන්තර්ගත කරුණු පැහැදිලි කරන්නට අයින්ස්ටයින් සමත් වුණා.1916 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ කුඩා පර්යේෂණ පති‍්‍රකාවකට මුළු ලෝකයම උඩු යටිකුරු කරන්නට හැකියාව ලැබුණා. පිටු 12 කින් සමන්විත මේ පති‍්‍රකාව 20 වැනි සියවසේ විශිෂ්ටතම විද්‍යාත්මක නිබන්ධනය බවට ද පත් වූයේ නිතැනින්මයි. ඉන් හෙළි වූ සාපේක්‍ෂතාවාදය පිළිබඳ මතය එතෙක් පැවැති මත වලට වඩා සහමුලින්ම වෙනස් වුණා. මෙලෙස නවතම සංකල්පයක් බිහි කළ අයින්ස්ටයින් කිසිම විද්‍යාගාරයක, පර්යේෂණාගාරයක පර්යේෂණ පැවැත් වූ කෙනෙක් නෙමෙයි. ඔහුට පර්යේෂණාගාරය වූයේ ඔහුගේම මොළයයි.ලොව තතු සොයන යන්ත‍්‍රයක් සේ හිස් කඩදාසි මිටියක් හා පෑනක් අතින් ගෙන කල්පනාවේ නිමග්න වූ අයින්ස්ටයින් ගැඹුරු විද්‍යාත්මක න්‍යායන් හා ගණිත සූත‍්‍ර රාශියක් ලොවට හෙළි කළේ ඔහු සතු අසමසම බුද්ධි මහිමයෙන්. භෞතික විද්‍යාවට මේසා මෙහෙයක් කළ අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වුණා.යුදෙව් ජාතිකයකු වුණු අයින්ස්ටයින්ට හිට්ලර්ගේ හමුදාවෙන් කරදරවලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔහුගේ දේපළ පවා ගිනිබත් කරන්නට තරම් ඔවුන් දරුණු වුණා. උපන් රට අතහැර දමා ඇමෙරිකාවට යන්නට අයින්ස්ටයින් තීරණය කළේ මේ නිසයි. 1940 දී ඔහුට ඇමරිකාවේ පුරවැසි බවද හිමි වුණා.ඉලක්කම්වලින් පිරි විද්‍යාත්මක ලෝකයක ජීවත් වූවද ඇල්බට් අයින්ස්ටයින් මානව පෙ‍්‍ර්මය උතුරා ගිය කුළුණු ගුණයෙන් පිරි හදවතක් ඇත්තෙක්. 1945 දී හිරෝෂිමා හා නාගසාකියට බෝම්බ දැමූ වෙලාවේ ඔහු බලවත් සේ කම්පාවට පත් වුණු බවයි වාර්තා වෙන්නේ. භෞතික විද්‍යාවට අමිල සේවයක් කළ මේ මහා විද්‍යාඥයා 1955 අපෙ‍්‍ර්ල් 18 වැනි දා සදහටම මෙළොවින් සමුගත්තා.
Posted by Poojitha Weerasingha at 2:17 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

නොමියෙන කථා 5

දෙවියන්ගෙන් ස්ටාට් එක අවසානය මගෙන්
ග්‍රැමෆෝනය, විදුලි බල්බය ආදී වශයෙන් නූතන ලෝකයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් සිදුකළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ අමෙරිකානු ජාතික තෝමස් අල්වා එඩිසන් ය. දිලිඳු පවුලක උපත ලද නිසාම කුඩා කල පටන්ම අමතර රැකියාවල යෙදීමට ඔහුට සිදු විය. දුම්රිය තුළ රසකැවිලි හා පුවත්පත් විකිණීම ට ඔහු පුරුදු වූයේ ඒ නිසා ය. කල්යත්ම විද්‍යාවට තිබූ ආශාව නිසා ඔහු දුම්රිය මැදිරිය තුළ හොර රහසේ විද්‍යාත්මක පර්යේෂණවල නියැළුණේ ය.
දුම්රිය පොළක දුම්රිය නතර කළ වහාම වෙළෙඳාමේ යෙදුණේ ය. එපමණක් නොව කල්යත්ම පැරැණි මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන දුම්රියේ ගමන් කරන අතරතුර පුවත්පතක් ද මුද්‍රණය කර විකුණුවේ ය. එහි නම ග්‍රැන්ඩ් ට්‍රන්ක් හෙරල්ඩ් ය. තෝමස් අල්වා එඩිසන් බිහිරි තත්ත්වයට පත් වූයේ ද දුම්රියේ ගමන් කරන විට සිදු වූ අනතුරක් නිසා බව කියැ වේ. දුම්රිය සමඟ තිබූ මේ සමීප සම්බන්ධය නිසා ඔහුව දුම්රියෙන් දොට්ට දැමූ අවස්ථා ද වාර්තා වේ.
බොහෝ විට මෙවැනි අකරතැබ්බ සිදු වූයේ දුම්රිය තුළ ඔහු විසින් පවත්වාගෙන ගිය ජංගම පරීක්ෂණාගාරය නිසා ය. වරක් පොස්පරස් යොදාගෙන ඔහු කළ එවැනි පරීක්ෂණයක් කෙළවර වුණේ මුළු දුම්රිය මැදිරියම ගිනි ගැනීමෙනි.
පසුකාලීනව විද්‍යාඥයෙකු වශයෙන් ජීවිතයේ ඉහළ සාර්ථකත්වයකට පත් එඩිසන් ඉහළ සමාජයේ බුහුමනට පාත්‍ර විය. වරක් ඔහුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ඇරැයුම් ලැබිණ. පැමිණ සිටි පිරිසට ඔහුව හඳුන්වා දෙමින් කථිකයා මෙසේ කීවේ ය.
“නෝනා මහත්වරුනි, මේ තමයි කතා කරන මැෂිම හැදූ එඩිසන් මහත්තයා”
එවිට තෝමස් අල්වා එඩිසන් නැගී සිට මෙසේ කීවේ ය.
“එවිට ළමයට බොහොම ස්තූ®තියි. ඒත් ඔහේගෙ කතාවෙ පොඩි අඩුවක් තිබුණා. කතා කරන මැෂිම නම් හැදුවෙ මම නෙවෙයි. දෙවියන් වහන්සේ. මම හැදුවෙ උවමනා වෙලාවට කතාව නතර කරන මැෂිම විතරයි.

පොඩි වෙනස
ස්වාමි විවේකානන්ද තුමා ඉන්දියාවේ විසූ සුප්‍රකට දාර්ශනිකයෙකි. තරුණ වියේ දී ම සිය ජීවිතය දුප්පතුන් හා කොන්වූවන් වෙනුවෙන් කැප කළ අයෙකි. 1902 වර්ෂයේ එනම් අවුරුදු 39ක් වැනි තරුණ වියේදී ජීවිතය හැරයන විට යෝගාවචරයෙක් වශයෙන් එතුමා අන්තර්ජාතික කීර්තියක් දිනා සිටියේ ය.
දිනක් ස්වාමි විවේකානන්ද තුමා රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියේය. එතුමාට ගෞරවයෙන් සලකන අනුගාමිකයන් රැසක් එහි වූහ. සිය දර්ශනය පිළිබඳ ද මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳ ද එතුමා සාමිචියේ යෙදෙන අතර පිරිසට පැහැදිලි කර දුන්නේ ය.
ස්වාමි විවේකානන්ද තුමාට ඉක්මනින්ම වැටහී ගියේ තමන් ඉදිරිපිටම සිටින එක් පුද්ගලයෙක් තමන්ව හෙළා දැකීම සඳහා මහත් අභිරුචියකින් පසුවන බවයි.
එතුමා වෙත ප්‍රශ්න යොමු කරමින් එතුමාව අපහසුතාවට පත් කිරීම සඳහා ඒ පුද්ගලයා අවස්ථාවක් සොයමින් සිටියේ ය. එනිසා කතා බහ ඉදිරියට ඇදී යන අතර ඔහු මෙබඳු ප්‍රශ්නයක් ඇසීය. “ස්වාමි ජී. වදුරෙකුගෙයි, ශ්‍රමණයෙකුගෙයි අතර තියෙන වෙනස මොකක් ද ?
එවිට ස්වාමි විවේකා නන්ද තුමා මෙසේ කීය “ඇත්තෙන්ම ඉතාම සුළු වෙනසයි තියෙන්නේ මේ වෙලාවෙ ඉන්නෙ එකම මේසෙ දෙපැත්තෙ.. “
Posted by Poojitha Weerasingha at 1:19 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

නොමියෙන කථා 4

වෙනසක මහත
ක්‍රිස්තු පූර්ව 31 දී රෝමයේ අධිරාජ්‍යයා බවට පත්වූ ඔගස්ටස් සීසර් රෝමය ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය බවට පත් කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කළේය.
එහෙත්, ඔහු වැඩිම අවධානයක් යොමු කළේ රාජධානියට අලුතෙන් රටවල් ඈඳා ගැනීම කෙරෙහි නොව රාජධානිය ප්‍රශස්ත ආකාරයෙන් පවත්වාගෙන යාම ගැනය.
එනිසා ඔහු රාජධානිය දියුණු කිරීමටත් සෙනෙට් සභාවේ බලතල අබිබව කටයුතු කරමින් නිසි පාලන ක්‍රමවේදයක් බිහි කිරීමටත් කටයුතු කළේය.
යුද්ධය ජීවිතය කරගත් ජුලියස් සීසර්ට වඩා රෝමයේ ප්‍රථම අධිරාජ්‍යයා බවට පත් වූ ඔගස්ටස් සීසර් හට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවන්නේ එනිසාය.
මහජන සුබ සාධනය ද ඔගස්ටස් ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිණි. ජනතාවගේ සුව පහසුව කෙරෙහි ඔහු විශාල අවධානයක් යොමු කළේය.
මංමාවත්, පාලම්, ක්‍රීඩා උයන් ආදිය ඉදි කරමින් ඔහු ඇති කළ ජනතා ප්‍රබෝධය හොරෙස්, වර්ජිල්, ලිවි වැනි ලේඛකයන් විසින් මහත් සේ වර්ණනා කර තිබේ.
ක්‍රිස්තුවර්ෂ 14 දී ඔගස්ටස් අධිරාජ්‍යයා දෑස් පියා ගත්තේ රෝම ජනතාවට මෙසේ පවසමින් බව වාර්තා වේ.
“මා උපන්නේ ගඩොලින් තැනුණු නුවරකයි. එහෙත්,
මා හැරයන්නේ කිරිගරුඬින් තැනූ නුවරක් !”

“දැක්කත් අඳුනන්න බෑ”
පොත් 24 කින් යුත් ‘ටාසන්’ කතා පෙළ නිර්මාණය කළේ අමෙරිකානු ලේඛක එඩ්ගා රයිස් බරෝස් විසිනි. ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ එසේම චිත්‍රපට රාශියකට ද නැගුණු ටාසන් කතා පෙළට වස්තු බීජ වූයේ අප්‍රිකානු වැසි වනාන්තරයක ජීවත් වන සුදු හම ඇත්තා වන ටාසන් සහ ඔහුගේ මිතුරන්ගේ වනගත වික්‍රමයන් ය.
එඩ්ගා රයිස් බරෝස් පුවත්පත් හා සඟරාවලට කතාන්දර ලියා අමතර ආදායමක් උපයා ගැනීමට කල්පනා කළේ ඔහු මුහුණ දී සිටි දැඩි ආර්ථික දුෂ්කරතා නිසාම ය. ඔහු කතා ලියන බව මුලින් බිරිය හෝ දැන සිටියේ නැත.
‘අන්ඩර් ද මූන් ඔෆ් මාර්ස්’ ආදි කතාන්දර ලියූ ඔහු ටාසන් පොත් පෙළ ලිවීම අරඹා තිබෙන්නේ හැකි නම් වනගත කතාවක් ලියන්නැයි මිතුරෙක් කළ අභියෝගයක් නිසාය. ඒ අනුව අමෙරිකාවේ චිකාගෝ පුස්තකාලයේදී රඩ්යාඩ් කිප්ලිං ගේ ‘ද ජංගල් බුක්’ සහ ‘ද ඩාකස්ට් ඇෆ‍්‍රිකා’ වැනි පොත් කියවීය.
මේ සියලු දේ එක් කළ ඔහු වානරයන් අතර ටාසන් යන සංකල්පය බිහි කර ගත්තේය. කතා ගෙතීමේ ස්වයං සහජ දක්ෂතාවක් ඔහුට විය. ඕනෑම නවකතාවක් සති හයක් පමණ ඇතුළත ලියා අවසන් කිරීමටද ඔහුට හැකියාව තිබිණ.
ටාසන් සහ ඔහු ජීවත් වූ අඳුරු මහද්වීපයේ වනාන්තරය මනසින් මවාගෙන ලේඛනකරණයේ යෙදුණු එඩ්ගා රයිස් බරෝස් කිසි විටෙක අප්‍රිකාව වෙත ගියේ නැත. එයට හේතුව කුමක්දැයි වරක් මිතුරෙක් ඇසූ විට ඔහු කීවේ මෙයයි.
‘මම අප්‍රිකාව දැක්කේ පුහුණු වූ නිරීක්ෂකයන් ලියූ සටහන් වලින්. අප්‍රිකාවට ගියත් මට ඒ දේවල් හඳුනගන්න බැරි වෙයි. මොකද මම පුහුණු නිරීක්ෂකයෙක් නොවෙයි’
Posted by Poojitha Weerasingha at 1:18 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

නොමියෙන කථා 3

නැපෝලියන්ටත් වඩා ශූරයෙක්
වරක් නැපෝලියන් හංගේරියානු යුද්ධයේ කර්නල්වරයකු සමඟ සංවාදයකට පැටලී සිටියේය. ඔහු අතීතයේ ඉතාලි සිරකරුවකු ව සිටි අයෙකි.
තමන් මරියා තෙරේසා හමුදාවේ සේවය කළ බව කර්නල්වරයා කීවේය. “එහෙම නම් ඔබේ ජීවිතයේ අවුරුදු ගණනාවක් ම එයට ගත වෙන්න ඇති” නැපෝලියන් කීය. “ඔව්. ඇත්තෙන් ම අවුරුදු හැට හැත්තෑවක් විතර….” කර්නල්වරයා කීය. “මොනවා…? ඔබ මුලු ජීවිත කාලෙම ගණන් කරල වගෙයි…” නැපෝලියන් එවිට පුදුමයෙන් කීය.
කර්නල්වරයා එය ට ලබාදුන් පිළිතුර ඊටත් වඩා පුදුමාකාරය. “මේ බලන්න මහත්මයා…මම මට තියෙන සල්ලි ප්‍රමාණය ගණන් කරනවා. මට තියෙන කමිස ප්‍රමාණය ගණන් කරනවා.
මට ඉන්න අශ්වයෝ ප්‍රමාණය ගණන් කරනවා. ඒත් මම කවදාවත් ජීවිතේ අවුරුදු ප්‍රමාණය ගණන් කරන්නෙ නෑ….මොකද මම දන්නව මගේ ජීවිතයෙන් අවුරුදු හොරකම් කරන්න කවුරුත් නෑ කියලා.”
නැපෝලියන් ඒ අසා නිරුත්තර විය.
මහා නැපෝලියන් හෙවත් නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා මුළු මහත් යුරෝපයේ ම සිය අණසක පතුරුවා හරිමින් ප්‍රංශය යුරෝපයේ ප්‍රබලයා කිරීම ට මුළු හදින් ම කැප වූ අයෙකි. එහෙත් ඔහු පවා මේ නිර්භීත කර්නල්වරයා ඉදිරියේ සසල වූ බව පැවසේ.

නිකම් හිතනවා විතරයි
වරක් හෙන්රි ෆෝඩ් සිය සමාගමේ කාර්යක්ෂමතාව උපරිමයක් දක්වා වැඩි කිරීම ට සිතීය. ඒ වෙනුවෙන් ම ඔහු ඵලදායිතාව පිළිබඳ විශේෂඥයෙක් ව කැඳවීය. “ඔබ මට හොයල දෙන්න, මේකෙ ඉන්න වැඩ නොකරන, නිකම් ඉන්න කෙනෙක් ව, මම මේ මොහොතෙ ම මිනිහව අස් කරල දානවා.”යැයි ෆෝඩ් ඔහුට කීය.
විශේෂඥයා ක්ලිප් බෝඩයක් ද රැගෙන කර්මාන්තශාලාව පුරා ම කරක් ගසා පැය කිහිපයක් ඇතුළත ආපසු පැමිණියේය. සේවකයන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ වාර්තාව එය විය.
“මහත්මයා , ඔබේ පරිපාලක අංශයේ එක් කෙනෙකුගේ ප්‍රශ්නයක් මට පෙනෙනවා. මම එතැනින් ඇවිදගෙන යන හැම වෙලාවකම මිනිහ කකුල් දෙක මේසේ උඩ තියාගෙන හිටිය මිසක් කිසිම වෙලාවක වැඩක් කළේ නැහැ. මම අනිවාර්යයෙන් ම හිතනවා, ඔබතුමා මේ පුද්ගලයව නම් අනිවාර්යයෙන් ම අස්කර දැමිය යුතු යි…මේ කරදරකාරයාගෙන් නිදහසක් වෙන තරමට ඒක ඔබතුªමා ට අස්වැසිල්ලක්”.
හෙන්රි ෆෝඩ් එම පුද්ගලයාගේ නම ඇසීය. ඉන්පසු හිස සෙළවීය. “ඔබ මේ මොනව කියනවද මන්දා. ඒක නම් මට කොහෙත් ම කරන්න බෑ. මම මිනිහ ට පඩි ගෙවන්නෙ ඒකට….” යැයි කීය.
ෆෝඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ සහ හිමිකරු වූ හෙන්රි ෆෝඩ්, මේ කාලය වනවිට දිනකට ඩොලර් 55ක දෛනික වේතනයක් සේවකයන් ට ගෙවමින් සිටියේය.
ෆෝඩ්, සුබසාධන ධනවාදයේ නියමුවකු ලෙස සැලකෙනුයේ මේ ඉහළ වැටුප් ගෙවීම නිසා ය. ඔහුගේ දර්ශනය වූයේ වැඩි පිරිසක් සේවය ට කැඳවා, ඒ අතරින් හොඳම සේවකයන් ඉතිරිකරගෙන සෙස්සන් පළවා හැරීම යි.
Posted by Poojitha Weerasingha at 1:17 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස

නොමියෙන කථා 2

හැමෝම අනුන්ගේ

ඔස්කා වයිල්ඩ් 19 වැනි සියවසේ බිහිවූ මහා දාර්ශනිකයෙකි. තව ද විශිෂ්ට ගණයේ චින්තන ශක්තියකින් හෙබි ලේඛකයෙකි. අයර්ලන්තයෙන් බිහිවූ දක්ෂතම නාට්‍ය රචකයා ලෙස ද සැලකේ. ඔහුගේ බුද්ධිය, ප්‍රභාව සහ තියුණු උපහාසයට බර ලේඛන ශෛලිය පිළිබඳ සාක්ෂි එම නිර්මාණ තුළින් පවා දැකිය හැකිය.
අරමුණක් නැත්තකු සේ නින්දා අපහාස විඳිමින් වරක් සිරබත් පවා කෑව ද ඔස්කා වයිල්ඩ් ධනවත් සහ කුලවත් පවුලකින් පැවැත එන්නෙකි. ඔහුගේ මව කිවිඳියක් වූ අතර පියා වෛද්‍යවරයෙකි. ළමා වියේදී දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ ඔස්කා අයර්ලන්තයේ ඩබ්ලින් නුවරින් කෙළින්ම ලන්ඩනයට පැමිණියේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් ලැබීම නිසාය. එහෙත් වැඩිකල් නොගොස් ම විප්ලවාදියකු බවට පත් වූ ඔහු එක් අධ්‍යයන වසරකදී සරසවි ගොස් තිබුණේ සති තුනක් පමණි.
ඔස්කා වයිල්ඩ් විවාහ වුණේ ද ධනවත් කාන්තාවක් සමඟ ය. ඇය නමින් ලන්ඩනයේ ප්‍රකට නීතිඥයකුගේ දියණිය වූ කොන්ස්ටන්ට් ලොයිඩ් ය. ඇය ට තිබූ වත්කම්වලට අනුව සතියකට පවුම් 250 ක දීමනාවක් ඔවුනට ලැබුණු අතර එය ලන්ඩනයේ සුව පහසු ජීවිතයක් ගත කිරීම සඳහා හොඳටම ප්‍රමාණවත් විය. විවාහයෙන් ඔස්කා වයිල්ඩ් හට පුතුන් දෙදෙනෙක් ද ලැබිණි. එහෙත්, ඇල්ෆ්‍රඩ් ඩග්ලස් නමැති සිය මිතුරා සමඟ තහනම් ලිංගික සබඳතාවක් පවත්වා ගෙනයාමට වරදකරු වීම නිසා ඔහුට බරපතළ වැඩ සහිතව දෙවසරක සිර දඬුවම්වක් හිමි විය.
එයින් පසු පැරිසියට ගොස් අප්‍රකට නිර්නාමික ජීවිතයක් ගත කිරීම අරඹන විට ඔහුගේ බිරිය තමන්ගේ වාසගම පමණක් නොව දරු දෙදෙනාගේ වාසගම ද වෙනස් කරගෙන තිබිණි. ඔස්කා වයිල්ඩ්ට දැනුණේ තමන්ට තමන් ද අහිමි ව ඇති ආකාරයයි. ඔහු මෙසේ පවසා තිබෙන්නේ ඒ නිසා විය යුතුය.
……ඔබ ඔබේ වෙන්න. අනික් හැම කෙනෙක්ම දැනටමත් අනුන්ගේ

නමටත් වදී

ශ්‍රීමත් එඩ්වඩ් ජෙනර් වසූරිය එන්නත සොයා ගැනීම දහඅට වැනි සියවසේ ලෝකයේ අනාගතය වෙනස් කළ සිදුවීම විය. දහඅට වැනි සියවසේ යුරෝපීයයන් පමණක් ලක්ෂ හැටක් වසූරිය රෝගය වැළඳීම නිසා මිය ගිය බව පැවසේ.
ගව වසූරිය වැළඳුණු රෝගීන් තුළ වසූරිය රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ඇතිවන බව වටහාගත් ජෙනර් ඒ අසුරින් වසූරිය එන්නත සොයා ගත්තේය. ලෝකයේම ගෞරවය ඔහුට හිමිවිය. එංගලන්ත රැජින, රුසියාවේ සාර් රජු වැනි අය පමණක් නොව රතු ඉන්දියානු ගෝත්‍ර නායකයෝ පවා ඔහුට තෑගි බෝග එවූහ.
ඒ, ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා බ්‍රිතාන්‍ය කිරීටය සමඟ යුද වැදෙමින් සිටි සමයයි. අත්අඩංගුවේ පසුවූ බ්‍රිතාන්‍ය සිරකරුවන් නිදහස් කිරීම සඳහා මැදිහත් වන්නැයි රැජිනගෙන් ඔහුට ඉල්ලීමක් කෙරිණි. එම සිරකරුවන්ගේ ලැයිස්තුවක් මුලින් නැපෝලියන් වෙත යැවූ විට එය ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් සන්දේශය එවා තිබෙන්නේ වසූරිය එන්නත සොයාගත් නයිට්වරයා විසින් යැයි දැනගත් විට අධිරාජයා පිරිස නිදහස් කර තිබුණේ මෙසේ පවසමිනි.
” ඔහුගේ නමට කළ නොහැකි දෙයක් නැහැ.”
Posted by Poojitha Weerasingha at 1:16 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විදැස
Older Posts Home

අන්තර් සබදතා

Free counters!
View PoOjitha Weerasingha's profile on LinkedIn

Total Pageviews

අයි කැමති කියවන්න

මැකොමිගේ අඩවියට නැවත එන්න!. Awesome Inc. theme. Theme images by piskunov. Powered by Blogger.