
Srilankamirror – කාන්තාවන්ට වැළදෙන රෝග අතුරින් මුල් තැනක් ගන්නා රෝගයක් ලෙස පියයුරු පිළිකාව හඳුනා ගත හැකිය. මෙය බටහිර රටවල කාන්තාවන් 12කුගෙන් එක් අයකුට වැළඳීමේ ප‍්‍රවණතාවයක් ඇත.
ශරීරයේ සෛලය කි‍්‍රයාකි‍්‍රයාකාරීත්වය පාලනය කරන ජානවල විකෘතිතාවයක් ඇති වීම පිළිකාවක් ලෙස හඳුනා ගත හැකිය. කාන්තාවන්ට ආවේණික වූ හෝමෝනයක් වන ඊස්ට‍්‍රජන් හෝමෝනය පියයුරු පිළිකා කෙරෙහි බලපාන බැවින් මෙය වැළදීමේ 99%ක ප‍්‍රවණතාවයක් ඇත්තේ කාන්තාවන්ටය.
පිළිකාව යන්න ඇසූ පමණින් එය සමාවක් නැතිව ජීවිතය බිලිගන්න පැමිණි මාරාන්තික රෝගයක් ලෙස බොහෝ දෙනා දකී. පියයුරු පිළිකාව කෙරෙහිද මෙවැනිම භීතියක් පවතී. පිළිකාවක් කල්තියා හඳුනාගැනීමෙන් එය කෙටි කාලයක් තුළ සුවකර ගත හැකිය. නමුත් කාන්තාවක් තමන්ට පියයුරු පිළිකාවක් සෑදී ඇත්නම් එය කලින් හඳුනා ගන්නේ කෙසේද?

යම් අයෙකුට පියයුරු පිළිකාවක් වැළඳී ඇත්දැයි යන්න තහවුරු කරගත හැකි පරීක්ෂණ කිහිපයක් තිබේ. ස්කෑන් පරීක්ෂාව, මැමෝග‍්‍රෑම් පරීක්ෂාව සහ වෙනත් පරීක්ෂණවලට යොමුවිය හැකිය. සැකසහිත ලක්ෂණ තිබේ නම් FNA පරීක්ෂාවක් මගින් පිළිකා ෙසෙල හඳුනා ගත හැකිය. මැමෝග‍්‍රෑම් පරීක්ෂාවේදී එක්ස්රේ පරීක්ෂාවට සමාන පරීක්ෂාවක් මගින් පියයුරුවල එක්ස්රේ රූපය ලබාගන්නා අතර මෙම රූප මගින් පියයුරුවල මිලිමීටර් 5ක් වැනි කුඩා ගැටිත්තක් වුවද හඳුනා ගත හැකිය.
පියයුරු පිළිකා මැඩලීම සඳහා නවීන තාක්ෂණය මහෝපකාරී වේ. ලොව ප‍්‍රමුඛ පෙළේ සියලූම වෛi උපකරණ නිපදවන සමාගම් මේ සඳහා විශාල මුදලක් වැය කරමින් පර්යේෂණ සඳහා නිතිපතා යොමුවේ. මෙවැනි උත්සාහයන්හි ප‍්‍රතිපලයක් ලෙස සොයාගෙන ඇති පියයුරු පිළිකා ඉතාම කුඩා අවදියේදී හඳුනා ගත හැකි අතිධ්වනී පරීක්ෂණ නම් කළ හැකිය. මෙය Breast Elastography නම් වූ පරිගණක මෘදුකාංග මගින් සිදුකරන අතර ඉතා කුඩා ගැටිත්තක් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට මෙහි දී අවස්ථාව ඇත.
කිසිදු වේදනාවකින් තොරව මෙම පරීක්ෂා මිනිත්තු 15 ත් 20ත් අතර කාලයක් තුළ සිදු කළ හැකි අතර අදාළ පරීක්ෂණ වාර්තාවද එම මොහොතේම ලබාගත හැකිවීම විශේෂ වේ.
මෙය රෝග කලින් හඳුනාගැනීමේ පරීක්ෂණයක් ලෙස බටහිර රටවල ප‍්‍රචලිතව ඇති අතර ලංකාවේද ජනප‍්‍රිය වෙමින් පවතී.

පියයුරු පිළිකාව බැරූරුම් තත්ත්වයක පවතින්නේ නම් එය ඉවත් කිරීම සිදු කරයි. සමහර අවස්ථාවලදී පියයුරුවෙන් කොටසක් ඉවත් කරෙන අතර තවත් අවස්ථාවලදී සම්පූර්ණ පියයුරුව ඉවත් කෙරේ. කෙසේ වෙතත් මෙය නැවත නිර්මාණය කළ හැකි බැවින් කනගාටුවට පත් විය යුතු නොවේ. මෙලෙස පියයුරු හැදීමට සිදුවුවහොත් හෝ පිළිකාව පැතිර ගොස් තිබුණොත් ශල්‍යකර්මයෙන් පසු රසායනික ඖෂධ ලබා දෙන අතර ඒවායේ යම් බලපෑමක් ඇතිවිය හැකිය.
පියයුරු පිළිකාවක් ඇතිවීමට හේතුව හඳුනාගෙන නොමැතිනම් එය ඇතිවීම වැළැක්විය නොහැකිය. පියයුරු පිළිකා සඳහා මුල් වන්නේ ඊස්ට‍්‍රජන් හෝමෝනය වන අතර උපත්පාලන පෙති, අධික තෙල් සහිත ආහාර, රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර, නිතර ගැනීමත්, මීට බලපෑ හැකිය. ඉක්මනින් වැඩිවියට පත්වීම ඔසප් චක‍්‍රය අවසන් වීම, පමාවීම වැනි කරුණුද මීට හේතුවන අතර දරුවන් ප‍්‍රසූත නොකළ කාන්තාවන්ට මෙය වැලදීමේ ඉහළ ප‍්‍රවණතාවයක් ඇත. මීට අමතරව මෙය පරම්පරාවෙන් පරම්පරාවට ද වැළදිය හැකිය.
පියයුරු පිළිකාව කාන්තාවන්ට අතර බහුලව දැකිය හැකි රෝගයක් නිසා අවදානය මෙහි අවධානමට යොමු කිරීම එයින් අත්මිදිය හැකි නිවැරදිම මාර්ගය වේ.
ස්තුතිය – වෛද්‍ය විභාශ් විජේරත්න
සටහන – ශිරන්තනී මානවඩු
No comments:
Post a Comment