හැමෝම අනුන්ගේ

අරමුණක් නැත්තකු සේ නින්දා අපහාස විඳිමින් වරක් සිරබත් පවා කෑව ද ඔස්කා වයිල්ඩ් ධනවත් සහ කුලවත් පවුලකින් පැවැත එන්නෙකි. ඔහුගේ මව කිවිඳියක් වූ අතර පියා වෛද්‍යවරයෙකි. ළමා වියේදී දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ ඔස්කා අයර්ලන්තයේ ඩබ්ලින් නුවරින් කෙළින්ම ලන්ඩනයට පැමිණියේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් ලැබීම නිසාය. එහෙත් වැඩිකල් නොගොස් ම විප්ලවාදියකු බවට පත් වූ ඔහු එක් අධ්‍යයන වසරකදී සරසවි ගොස් තිබුණේ සති තුනක් පමණි.
ඔස්කා වයිල්ඩ් විවාහ වුණේ ද ධනවත් කාන්තාවක් සමඟ ය. ඇය නමින් ලන්ඩනයේ ප්‍රකට නීතිඥයකුගේ දියණිය වූ කොන්ස්ටන්ට් ලොයිඩ් ය. ඇය ට තිබූ වත්කම්වලට අනුව සතියකට පවුම් 250 ක දීමනාවක් ඔවුනට ලැබුණු අතර එය ලන්ඩනයේ සුව පහසු ජීවිතයක් ගත කිරීම සඳහා හොඳටම ප්‍රමාණවත් විය. විවාහයෙන් ඔස්කා වයිල්ඩ් හට පුතුන් දෙදෙනෙක් ද ලැබිණි. එහෙත්, ඇල්ෆ්‍රඩ් ඩග්ලස් නමැති සිය මිතුරා සමඟ තහනම් ලිංගික සබඳතාවක් පවත්වා ගෙනයාමට වරදකරු වීම නිසා ඔහුට බරපතළ වැඩ සහිතව දෙවසරක සිර දඬුවම්වක් හිමි විය.
එයින් පසු පැරිසියට ගොස් අප්‍රකට නිර්නාමික ජීවිතයක් ගත කිරීම අරඹන විට ඔහුගේ බිරිය තමන්ගේ වාසගම පමණක් නොව දරු දෙදෙනාගේ වාසගම ද වෙනස් කරගෙන තිබිණි. ඔස්කා වයිල්ඩ්ට දැනුණේ තමන්ට තමන් ද අහිමි ව ඇති ආකාරයයි. ඔහු මෙසේ පවසා තිබෙන්නේ ඒ නිසා විය යුතුය.
……ඔබ ඔබේ වෙන්න. අනික් හැම කෙනෙක්ම දැනටමත් අනුන්ගේ
නමටත් වදී

ගව වසූරිය වැළඳුණු රෝගීන් තුළ වසූරිය රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ඇතිවන බව වටහාගත් ජෙනර් ඒ අසුරින් වසූරිය එන්නත සොයා ගත්තේය. ලෝකයේම ගෞරවය ඔහුට හිමිවිය. එංගලන්ත රැජින, රුසියාවේ සාර් රජු වැනි අය පමණක් නොව රතු ඉන්දියානු ගෝත්‍ර නායකයෝ පවා ඔහුට තෑගි බෝග එවූහ.
ඒ, ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා බ්‍රිතාන්‍ය කිරීටය සමඟ යුද වැදෙමින් සිටි සමයයි. අත්අඩංගුවේ පසුවූ බ්‍රිතාන්‍ය සිරකරුවන් නිදහස් කිරීම සඳහා මැදිහත් වන්නැයි රැජිනගෙන් ඔහුට ඉල්ලීමක් කෙරිණි. එම සිරකරුවන්ගේ ලැයිස්තුවක් මුලින් නැපෝලියන් වෙත යැවූ විට එය ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් සන්දේශය එවා තිබෙන්නේ වසූරිය එන්නත සොයාගත් නයිට්වරයා විසින් යැයි දැනගත් විට අධිරාජයා පිරිස නිදහස් කර තිබුණේ මෙසේ පවසමිනි.
” ඔහුගේ නමට කළ නොහැකි දෙයක් නැහැ.”
No comments:
Post a Comment