Thursday, September 10, 2015

Air Force One


අමෙරිකානු ජනාධිපති වෙනුවෙන් නිර්මාණය වු Air Force One ගැන අද මැකෝමිගේ අඩවියෙන් !

Monday, June 22, 2015

F-35 Lightning II Poised to Make AirVenture Debut

Blank image



The fifth-generation fighter will be used by multiple U.S. service branches, including the Air Force, Navy, and Marines.

Photo credit: Air Force/Samuel King Jr.

April 16, 2015 - A Lockheed Martin F-35 “Lightning II,” the fifth-generation fighter that will be used by multiple U.S. service branches, will make its initial appearance at the EAA AirVenture Oshkosh fly-in this summer. It also marks the first civilian U.S. air show appearance by this unique jet.

The F-35 is designed as a versatile, high-performance multirole fighter that combines stealth, sensor fusion, and unprecedented situational awareness. The aircraft can handle a variety of missions with advanced integrated avionics and aerodynamic performance. Along with replacing U.S. Air Force fighters such as the F-16 and A-10, the F-35 is also projected as a successor to the U.S. Navy and Marine Corps F/A-18s, the Marines AV-8B Harriers, and the Harrier GR.7s and Sea Harriers flown by United Kingdom military forces.

“EAA AirVenture attendees have often seen the latest military aircraft make appearances at Oshkosh over the past 30 years, a list that has included such cutting-edge aircraft as the F-117 Stealth fighter and the F-22 Raptor,” said Rick Larsen, EAA’s vice president of communities and member services, who coordinates EAA AirVenture features and attractions. “The addition of the F-35 as a highlight further fortifies AirVenture as an unmatched event to see a group of aircraft in one place that you can see nowhere else in the world.”

The airplane, an F-35A model, is based with the U.S. Air Force’s 33rd Fighter Wing at Eglin Air Force Base in Florida. It is scheduled to arrive midway through EAA AirVenture week and remain on display throughout the remainder of the fly-in. Exact arrival and departure times will be announced as they are finalized. The F-35 joins the list of current military aircraft scheduled for EAA AirVenture 2015 that already includes the B-52 Stratofortress and F-22 Raptor.

The F-35 program began as the Joint Strike Fighter program in 1997, an initiative designed to replace the aging fighter aircraft fleet in the U.S. military. Along with cutting-edge technology, the airplane was conceived as a resource for multiple military branches, which would reduce logistics expense for multiple aircraft types. In 2001, Lockheed Martin was selected as the winning concept designer and it teamed with Northrup Grumman and BAE Systems to develop the prototype aircraft.

The “Lightning II” nickname was given to the F-35 in honor of the legendary P-38 fighter of the World War II era. The first F-35 made its initial flight in 2006, with the first production model flying in 2011. Deliveries of the aircraft began later that year.

Saturday, June 20, 2015

Pilot error blamed after London-bound British Airways plane crashed into building while using wrong taxiway at airport

Pilot error blamed after London-bound British Airways plane crashed into building while using wrong taxiway at airport

Four workers were injured when the plane's right wing struck the building

Collision occurred at an airport near Johannesburg in December 2013

Report said there was a 'loss of situational awareness' by the flight crew

It cited a lack of proper lighting and signage as factors in the crash

Captain said some of the lights which guide planes were not illuminating











Wednesday, June 17, 2015

ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද? Did you know these things about English??



හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්. 

ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන තිබුණා මගේ අම්මා. අම්මා මාව ගිහින් දැම්මා අම්මාගේ හොඳම යෙහෙළියක ළඟට. අම්මගේ මේ යෙහෙළිය තමන්ගේ පාඩුවේ ගෙදර වැඩක් කරගෙන හිටිය බර්ගර් ජාතික ගෘහණියක්. මගේ ඉංග්‍රීසි භාෂාව ඔපමට්ටම් කරලා හදන වැඩේ ඇය අම්මාගෙයි ඇයගෙයි මිත්‍රත්වය වෙනුවෙන් බාරගත්තා. ඇය මට ඉංග්‍රීසි දියකරලා පෙව්වේ නැති ටික විතරයි. හැම සතියකම දවස් දෙකක් ඒ බර්ගර් ගුරුවරියගේ ගෙදර මං වෙනුවෙන් අනිවාර්ය උපකාරක පන්ති. කිසියම්ම හෝ හේතුවක් නිසා යම් දවසක පන්තියට සහභාගි වෙන්න නොහැකිනම් නොපැමිණෙන වග දන්වලා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියලා වැඩිහිටියෙකුගේ අත ඒක ඇයට යවන්න ඕන. එහෙම යැව්වාම මගේ ගුරුතුමිය ඒක බලලා, රතු පෑනකින් හරි වැරදි ලකුණු කරලා, සතුටුදායක තරම් නිවැරදිව ලිපිය ලියලා තියෙනවනම් මම ඒ දවස්වල දකින්න ආසම කරපු Very good එකකුත් දාලා අර වැඩිහිටියාගේ අතේම ආපහු මට එවනවා. 

අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැන්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන. 

අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය. 

එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක. 


Lipogram කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. එ් වචනයේ අර්ථය කිසියම් නිශ්චිත අකුරක් හෝ අකුරු කිහිපයක් නොයෙදෙන විදියට ලියූ වාක්‍ය/ජේදය කියන එක. අපි දැන් දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අක්ෂරය E කියලා. පුලුවන්ද E අකුර යොදාගන්නේ නැතිව වාක්‍යයක් හදන්න? 


ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද.  එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්. 


Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න? 

බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනය උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පෙනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද 

ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. 

කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා. 



ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය)Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's(විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.

ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය? අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.

රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙනIus කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesusකියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේY හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේIu, Ie, Ya විදියට. 

එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය(Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිෂ් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්. 

තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුන‍ෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක  පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස. 

නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ. 

දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tongue twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව. 



Peter Piper picked a peck of pickled peppers.
How many peck of pickled peppers did Peter Piper pick?
If Peter Piper picked a peck of pickled peppers,
Where's the peck of pickled peppers Peter Piper picked?


හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක. 


sixth sick sheik’s sixth sheep’s sick.


කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tongue twisterඑක. 

ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tail light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation)

අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා. 

Twinkle, twinkle, little star             How I wonder what you are!
Up above the world so high              Like a diamond in the sky.


මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරේ කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.


When the blazing sun is gone      When he nothing shines upon,
Then you show your little light      Twinkle, twinkle, all the night.

 Then the traveler in the dark     Thanks you for your tiny sparks;
     He could not see which way to go     If you did not twinkle so.

In the dark blue sky you keep       And often through my curtains peep
     For you never shut your eye      Till the sun is in the sky.

As your bright and tiny spark      Lights the traveler in the dark,
     Though I know not what you are        Twinkle, twinkle, little star.


මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි. 

  
  ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා          හව් අයි වොන්ඩ වට්ටූආ
          අප්අ බවුද වල්සෝ හයි           ලයික ඩයමන් ඉන්දස්කයි


මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.

                              ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල්               ස්ටා
                              අවුවයි වන්ඩ වට්යූ වට්යූ                      
                              අප්පේ බව්දා බව්දා වෝල්සෝ             හා
                              ලයිකේ ලයිමා ලයිමා ඉන්දස්              කා

හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන. 

ASUS Announce TUF Sabertooth X99

IMG_0004

World’s first consumer motherboard compatible with all NVM Express storage options, plus built-in USB 3.1 and all-new TUF Detective technology


  • Ultra-high-speed transfers over USB 3.1 and all NVM Express options supported, including new 2.5-inch SSDs
  • Exclusive all-new TUF Detective technology displays live system information on smartphones and tablets without switching on your PC
  • Powerful TUF X99 motherboard with built-in USB 3.1, exclusive Thermal Armor and Thermal Radar 2, and tested reliability and durability
ASUS announced TUF Sabertooth X99, the world’s first consumer desktop motherboard to support all NVM Express™ storage devices, including PCI Express® (PCIe®), M.2 PCI Express® and the latest 2.5-inch solid-state drives (SSDs) with SFF-8639 via the mini SAS HD connector on the Hyper Kit1 expansion card. With built-in USB 3.1, TUF Sabertooth X99 maximizes choice for ultra-high-speed transfer options speeds, handing users total flexibility.
TUF’s newest motherboard additionally introduces all-new and exclusive TUF Detective technology that displays live system information on smartphones and tablets, right at users’ fingertips. TUF Sabertooth X99 is also equipped for ultimate cooling with exclusive TUF Thermal Armor, TUF Thermal Radar 2 and TUF ICe technologies. Exceptional durability and tested reliability is assured, with TUF Fortifier and TUF Components, including 10K capacitors, TUF chokes and a military-grade MOSFET.
IMG_0011
Maximum storage speed, fast connectivity, total flexibility
TUF Sabertooth X99 is based on the latest Intel® X99 Express chipset for high performance and compatibility with the latest LGA 2011-v3 socket Intel Core™ i7 processors. It is also the first consumer desktop motherboard to offer full compatibility with all NVM Express storage options.
With the addition of the Hyper Kit expansion card, TUF Sabertooth X99 gives users the freedom to fit next-generation 2.5-inch SSDs with mini-SAS HD. This exclusive technology exploits the maximum PCI Express 3.0 x4 bandwidth of 32Gbit/s for SSD transfer speeds that are up to 3.5X faster than traditional SSDs.
TUF Sabertooth X99 also benefits from the latest SuperSpeed+ USB 3.1 connectivity. With dual USB 3.1 Type-A ports built in, users enjoy the very fastest USB data-transfer speeds of up to 10Gbit/s — or twice (2X) as fast USB 3.0.
IMG_0010
All-new TUF Detective
TUF Sabertooth X99 is the first TUF motherboard to include TUF Detective, a free companion app that puts detailed system information at users’ fingertips. With the intuitive app installed on a smartphone or tablet, users are able to monitor key parameters, detect and diagnose errors and control the PC’s power status with touchscreen ease. The PC doesn’t even need to be switched on for the app to be useful.
Exclusive TUF technologies for ultimate cooling
TUF Sabertooth X99 is engineered to stay cool. TUF Thermal Armor technology is an exclusive cover with a fan to boost airflow across the system for maximum heat dissipation. The latest edition of TUF’s easy-to-use Thermal Radar 2 software enables users to control up to 11 fan connectors, as well as manage fans attached to ASUS graphic cards. This makes quick work of fan tuning for complete system cooling, enabling users to enjoy the perfect balance between quietness, cooling and performance.
TUF Sabertooth X99 also has an onboard TUF ICe microchip, a total cooling commander that delivers incredibly precise temperature monitoring and fan control.
Server-grade stability with tested reliability and durable design
TUF Sabertooth X99 offers superior strength, with server-grade stability and reliability and design that’s durable throughout. TUF Sabertooth X99 includes upgraded TUF ESD Guards 2 which is two times (2X) stronger than before to defend numerous ports against sudden electrostatic discharge, including all USB sockets and audio connectors — and exclusive pin-level testing on specific rear input-output (I/O) connectors2 is 30% higher than the previous TUF standard.
Exclusive TUF Fortifier technology is a reinforced backplate with a thermal pad that both strengthens the motherboard and efficiently directs heat away from the back of the 8+2-phase Digi+ voltage-regulator module (VRM) and other critical components — an innovation that reduces operating temperatures by up to 6°C.
TUF Components ensure that TUF Sabertooth X99 is tough enough for the most demanding situations. Japanese-made 10K black metallic capacitors offer 20%-better temperature endurance for a lifespan that’s up to five times (5X) longer, and TUF’s chokes are manufactured using high-grade anti-oxidization materials to provide better heat dissipation and unbeatable durability.
All TUF motherboards, including TUF Sabertooth X99, are built with components certified for military use and undergo serious server-level burn-in tests, including over 7,000 hours of compatibility checks with over 1,000 devices — and ever board is covered by TUF’s five-year warranty.

Monday, June 8, 2015

Prison Break වල D B Cooper මතකද?- do you remember D.B Cooper

Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන බළලෙකු සිටි අතර මෙම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන මයිකල් ස්කොෆීල්ඩ් විසින් මෙම නිහඬ චරිතය හඳුනා ගන්නේ D.B. Cooper ලෙසිනි.



(Charles Westmoreland චරිතය)


ඔබ දන්නවාද මේ D.B. Cooper යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඇමරිකානු ගුවන් ඉතිහාසයේ දශක ගණනාවක් තිස්සේ කථා බහට ලක්වන ඒ වගේම කිසිම දිනක හඳුනා නොගත් සත්‍ය ගුවන් මංකොල්ලකරුවෙක් බව. 

ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ ටිකට්පතක් වෙන් කර ගත්තේය. මෙම ගමන සඳහා විනාඩි 30 ක් පමණ ගත වේ. මෙවර ගමන සඳහා යොදවා තිබුණේ බෝයිං 727-100 වර්ගයේ ගුවන් යානයකි. ඔහුට 18 C ආසනය වෙන් වී තිබිණ. අඩි 5 අඟල් 10 ක් පමණ උසවු මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වුවෙකියි පසුව මගීන් විසින් සඳහන් කරන ලදී.

ගුවන් යානයේ ආසන වලින් තුනෙන් දෙකක් පමණ පිරුණ පසු හරියටම පස්වරු 2 යි30ට යානය ගුවන් ගත විය. මේ අවස්ථාවේ දී කූපර් තම ආසනයට ආසන්නයෙන්ම තිබූ කුඩා ආසනයේ වාඩි වී සිටි ෆ්ලොරන්ස් සැෆ්නර් (Florence Schaffner) නැමති ගුවන් සේවිකාවට යමක් සටහන් කළ කඩදාසි කැබැල්ලක් දුන්නේය. මේ තනිවූ ව්‍යාපාරිකයා තමාට ඔහුගේ දුරකථන අංකය දුන්නේ යැයි සිතූ ගුවන් සේවිකාව එය විවෘත නොකරම අතු බෑගය තුලට දමා ගත්තා ය. මෙය දුටු කූපර් ගුවන් සේවිකාවට කොඳුරමින් පවසා සිටියේ “ඔබ එම සටහන කියවීම සුදුසුයි. මා ළඟ බෝම්බයක් තිබෙනවා“ යනුවෙනි. 

සේවිකාව විසින් සටහන කියවනු ලැබීය. ඉතාම පැහැදිලිව ඉංග්‍රීසි කැපිටල් අකුරින් සටහනක් තබා තිබුනේ “මා සතුව බෝම්බයක් ඇත. අවශ්‍ය වුවහොත් එය භාවිතා කිරීමට හැකිය. ඔබ කළ යුත්තේ කලබල නොමැතිව මා අසලින් වාඩි වීමයි. දැනටමත් ඔබව ගුවන් කොල්ලකෑමකට හසු වී ඇත“ යනුවෙනි. 

මෙය කියවූ ගුවන් සේවිකාව ඔහු අසලින් වාඩි වී බෝම්බය පෙන්වන ලෙස ඉල්ලා සිටියා ය. ඔහු අත තිබූ බෑගය විවර කර ගුවන් සේවිකාවට බෝම්බය පෙන්වා යළිත් එය වසා දැමුවේය. ඉන්පසු ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කලේය. ඩොලර් ලක්ෂ දෙකක ඇමරිකාවේ හුවමාරු කළ හැකි මුදලකුත්( 2015 වර්ෂයේ වටිනා කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.2 ක පමණ ප්‍රමාණයකි) , පැරෂුට් 4 ක් සහ සියැටල් වෙත ගොඩ බෑ පසු යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන බවුසරකුත් ඔහුගේ ඉල්ලීම් විය. ගුවන් සේවිකාව විසින් ඒ ඉල්ලීම් ගුවන් යානයේ නියමුවාට දැනුම් දෙන ලදී. 

ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කල විලියම් ස්කොට් සියැටල් හි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය හරහා අධිකාරීන් දැනුවත් කළ අතර යානයේ සිටි ඉතිරි මගීන් 36 දෙනාට දැනුම් දුන්නේ සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ප්‍රමාද වන බවයි. ගුවන් සේවයේ සභාපති වරයා මෙම කප්පම් මුදල ලබා දීම අනුමත කරන ලද අතර සියළුම නිලධාරීන්ට කොල්ලකරුවා සමග සහයෝගයෙන් කටයතු කරන ලෙසට උපදෙස් දෙන ලදී. ගුවන් යානය පැය දෙකක් පමණ ගුවනේ සැරි සරමින් සිටියේ පොලිසියට සහ එෆ් බී අයි නිලධාරීන්ටත් අනෙකුත් හදිසි අවස්ථා නිලධාරීන්ටත් කප්පම් මදුල සහ පැරෂුට් සූදානම් කර ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ය. 

සැෆ්නර් නැමති ගුවන් සේවිකාවට අනුව මෙම කොල්ලකරුවා ඉතා හොඳින් සහ පැහැදිලිව ඉංග්‍රීසි කථා කල අතර කලබලයකින් තොරව ප්‍රියමනාම ලෙස හැසිරී ඇත. තවත් ගුවන් සේවිකාවක් මෙය ස්ථිර කළාය.සියැටල් හි නිලධාරීන් ප්‍රදේශයේ බැංකු කිහිපයකින් ඩොලර් 20 නෝට්ටු 10,000 ක් ලබා ගෙන කප්පම් මුදල එකතු කළහ. ඒ බොහොමයක් මුදල් නෝට්ටු L අකුරින් ආරම්භ වූ අතර සියළුම නෝට්ටු ඡායාරූප ගත කරගන්නා ලදී. මේ අතර කූපර් විසින් හමුදාවෙන් ලබා දුන් පැරෂුට් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල අතර බලධාරීන් විසින් ප්‍රදේශයේ පැරෂුට් පුහුණු පාසලකින් ඒවා ලබා ගෙන කූපර් ට ලබා දුනි. 




යානයේ කාර්ය මණ්ඩලය

පස්වරු 5 24 ට පමණ කූපර්ගේ ඉල්ලීම් සියල්ල සූදානම් බව දන්වන ලද අතර 5 39 ට පමණ ගුවන් යානය සියැටල් ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවන ලදී. කූපර්ගේ ඉල්ලීම පරිදි හුදකලා වූ ස්ථානයක ගුවන් යානය නවත්වන ලදී. ඉන්පසු ඔහු ඉල්ලූ සියල්ල ඒ ආකාරයෙන්ම ඔහුට ලැබිණ. සියල්ල ලැබුණ පසු ඔහු විසින් සියලූ මගීන් සහ ගුවන් සේවිකා සැෆනර්ත් ප්‍රධාන ගුවන් සේවිකා ඇලිස් යන අයත් නිදහස් කරන ලදී. 





ගුවන් යානය ඉන්ධන ලබා ගන්නා අවස්ථාව

කූපර් විසින් ගුවන් සේවා ක්ෂේත්‍රෙය් පරිණත පුද්ගලයෙකු සේ සියළු තාක්ෂණික කරුණු දක්වමින් යානය පැදවිය යුතු ආකාරය පිළිබඳව නියමුවාට විස්තර කරන ලදි. ඒ අනුව පැය කිලෝමීටර් 190 ක පමණ වේගයෙන් අඩි 10000 ක් ඉහළින් පියාසර කළ යුතු වූ අතර “වින්ග් ෆ්ලැප්ස්“ අංශක 15 ක ආනතියට තබා ගත යුතු විය. ඒ වගේ ගුවන් යානයේ රෝද නොහැකිලිය යුතු වූ අතර පසුපස දොර විවෘතව තැබිය යතුය. (මෙම ගුවන් යානයේ පසුපසින් භාණ්ඩ ඇතුලත් කිරීම සඳහා විශාල දොරක් පිහිටා තිබුණේය. ) කෙසේ වතත් එසේ විවෘත ව තබා ගුවන් ගත වීම අනතුරුදායක බව බලධාරීන් සඳහන් කළ අතර කූපර් එය වාසා තබා ගුවන් ගත වීමට එකඟ විය. ගුවන් යානය තුළ වායු පීඩනයක් ඇති නොකල යුතු විය. ගුවන් යානයේ එක් වරක් ඉන්ධන ලබා ගැනීමෙන් පසු ගමන් කළ හැකි දුර කිලෝ මීටර් 1000 ක් පමණ වූ නිසා මෙක්සිකෝවට යාමට පෙර නෙවාඩා හි දී යලි ඉන්ධන ලබා ගැනීමට තීරණය විය. 


                                

(පසුපස දොර බලන්න)

කෙසේ හෝ අවසානයේ දී සියල්ල සැළසුම් කිරීමෙන් පසුව පස්වරු 7 40 ට යානය ගුවන් ගත වූයේ නියමුවා , සහාය නියමුවා. ගුවන් ඉංජිනේරුවා සහ එක් ගුවන් සේවිකාවක් සමග ය. මේ අතර අසල ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ යුධ ගුවන් යානා දෙකක් මෙම ගුවන් යානයට ඉහළින් හා පහළින් ගමන් කිරීම සිදු විය. මෙම යානා එසේ ගමන් කලේ කූපර් ට නොපෙනෙන පරිදිය. 

යානය ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සියළු දෙනාටම නියමු කුටියේ රැඳෙන ලෙස උපදෙස් දුන් කූපර් යානයේ පසුපසට ගියේය. රාත්‍රී 8 ට පමණ පසුපස දොර විවෘත වන බවට නියමු කුටියේ අනතුරු සංඥා දැල් විණ. ටික වේලාවකින් යානයේ පීඩන වෙනසක් සිදු වූයේ පසුපස දොර විවෘත වූ බව පසක් කරමින්.

කෙසේ හෝ රාත්‍රී 8 13 ට පමන යානයේ පසුපස කොටස ඉහළට එසවුණ බවක් නියමුවාට දැනී තිබිණ. අවසානයේ දී රාත්‍රී 1015 ට පමණ යානය කළින් සැළසුම් කළ පරිදි නෙවාඩා හි Reno ගුවන් තොටුපළ ට ගොඩ බැස්ස වීමට නියමුවන් ට හැකි විය. ඒ විගසම පොලිසියෙන් සහ අනෙක් නිලධාරීන් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් යානය වට කර ගත් අතර ක්ෂණිකව සිදු කරන ලද පරීක්ෂෘවකින් පසුව කූපර් තව දුරටත් යානයේ නොමැති බව තහවුරු කර ගන්නා ලදී. 

ඉන්පසුව FBI නිලධාරීන් විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරන ලද අතර බොහෝ තොරතුරු රැස් කර ගන්නා ලදී. බොහෝ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කරන ලදී. D’ B Cooper යනුවෙන් හැඳින් වූ පුද්ගලයෙකුගෙනුත් ප්‍රශ්ණ කරන ලද අතර මාධ්‍යෙව්දියෙක් විසින් මේ බව විගසින් වාර්තා කරන ලදී. ඉන් පසු දිගින් දිගටම මෙම නම D.B. Cooper ලෙසටම භාවිතා කළ අතර අවසානයේ දී සෑබෑ කොල්ලකරුවා ටිකට් පත ලබා ගැනීමේ දී ලබා දුන් නම වූ Dan Cooper යන්න D B Cooper ෙලසටම ස්ථිර විය.

මේ අතර කොල්ලකාරුවා සමග කථා බහ කළ අය දුන් තොරතුරු අනුව FBI ආයතනය විසින් ඔහුගේ රුව සිතුවමට නගන ලදී. ලොව පුරාම මෙම රූපය ප්‍රසිද්ධ කළ අතර එයින්ද ඔවුන්ට හෝඩුවාවක් සොයා ගැනීමට අපහසු විය. 


                                                      
DBCooper.jpg


1975 දී ඇමරිකානු අධිකරණයක් විසින් ගුවන් සමාගමේ රක්ෂණ නියෝජිතයාට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් විසින් ගුවන් සමාගමට ඩොලර් 180,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී. 

කෙසේ වෙතත් ඉතා පුළුල් ලෙස පරීක්ෂණ සිදු කල අතර අද වන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇත. 1980 දී පමණ බ්‍රයන් ඉන්ග්‍රම් නැති පිරිමි ළමයෙක් මුදල් නෝට්ටු වලින් ඩොලර් 20 නෝට්ටු 100 ගොනු දෙකක් හා 90 සහිත ගොනුවක් වොෂින්ටනයේ කොළොම්බියා ගඟ අසලින් සොයා ගන්නා ලදී. ඉන්පසු ඒ ප්‍ර දේශයේ ද පිරික්සුම් කටයුතු සිදු කළද කිසිදු තොරතුරක් හමු නොවීය. 

1986 දී පමණ ඉහත සොයාගන්නා ලද මුදලින් අඩක් ඉන්ග්‍රම් ට ලබා දෙන ලද අතර ඉතිරි මුදල රක්ෂණ සමාගමට ලබා දෙන ලදී. FBI විසින් නෝට්ටු කීපයක් පරීක්ෂණ සඳහා තබා ගන්නා ලදී. ඉන්ග්‍රම් ට ලබා දෙන ලද මුදල් නෝට්ටු අතරින් 15 ක් වෙන්දේසි කරමින් ඩොලර් 37,000 ක් ලබා ගන්නා ලදී. 

අද වනතුරුත් මෙම කොල්ලකරුවා සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇති අතර මුදල් නෝට්ටු වලින් 9710 ක් තවමත් සොයා ගෙන නොමැත. FBI ආයතනය විසින් තවමත් මේ පරික්ෂණය සිදු කරනු ලබන අතර පහත වෙබ් අඩවියෙන් මෙම මුදල් නෝට්ටු වල අංක පරීක්ෂා කිරීම සිදු කළ හැක.

http://www.check-six.com/lib/DBCooperLoot.htm

ඩී බී කූපර් යන චරිතය ඇමරිකාව තුල තවමත් කථාවන එකකි. සමරු ඵලක, රාත්‍රී භොජන ආදිය ඔහු වෙනුවෙන් සිදු කරන දේවල් අතර වේ. ඒ වගේම Prison Break, White Collar, NewsRadio, සහ Numb3rs වැනි රූපවාහිනි මාලා නාටක වලට ඔහුගේ චරිතය දායක වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ ගුවන් යානය 1978 දී නෝර්ත් වෙස්ට් ගුවන් සමාගම විසින් වෙනත් ගුවන් සමාගමකට විකුණා දමන ලදී. ඔවුන්ද එය 1984 දී තවත් ගුවන් සමාගමකට විකුණන ලද අතර 1996 දී මෙම ගුවන් යානය අමතර කොටස් ලබා ගැනීම සඳහා කැබලි කරන ලදී. 

ඇමරිකානු ගුවන් සේවා අධිකාරිය විසින් මෙම ගුවන් යානා වර්ගයේ පසුපස දොර ගුවනේ දී විවෘත කිරීමට නොහැකි වන සේ තාක්ෂණ ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බෝයිං සමාගමට දන්වන ලද අතර ඒ අනුව ඔවුන් විසින් ඒ සඳහා ස්විචයක් සකසන ලදී. ඒව නියමුවන් හා නිලධාරීන් අතර ජනප්‍රිය වූයේ “ඩී. බී. කූපර් “ ස්විචය ලෙසයි. ඉතා කුඩා ගුවන් සමාගම් ප්‍රමාණයක් මෙම හඳුන්වා දීම ඇතුලත් කර ගත් මුත් බොහෝ ගුවන් සමාගම් පසු පස දොර වෙල්ඩින් කර සම්පූර්ණයෙන් වසා දමන ලදී.

WHAT HAPPENED IN JAFFNA SHOULD NOT STAY IN JAFFNA

“The fighting’s started in Jaffna again,” said the woman at the shop.
I knew the incident she was speaking of: a hartal, a protest of sorts; police tear-gassing the crowd; a hundred and thirty people arrested; a lot of top brass in Jaffna being transferred away. The woman went on to discuss the Jaffna problem at length with her customer. Then, at some point in the conversation, they touched on the root of everything that had happened:
“All because of what happened to that girl, neh? Aney pau.  No one should have to suffer like that.”
The incidents that happened over the last ten days in Jaffna have been ethnicized, politicized and (if you read the newspaper reports) possibly lobotomized as well.  Let’s review what we know, minus the political accusations:
  • S. Vidhya, 18 years of age, did not show up for school on the 13th of May. Nobody raised the alarm until school was over, and when they did, the police assumed she had eloped. The next morning, she was found, raped and tortured and tied up inside an abandoned house.
    rape_0
    Note: I am not going to take this picture down, though I take no pleasure in posting it here. My purpose is to show you what the media deftly reduces to “a schoolgirl was raped”.  Understand that “rape” is not simply a occasional curse word or a Pornhub filter. This is the savage act that rape is – and by ignoring it, by refusing to see it, we paint over the horrifying ugliness that would otherwise churn our hearts.
  • The suspects were a local gang, including a Swiss national of Tamil descent. Locals say that they had a long history of crime to which the police turned a blind eye; police have not commented on this. Vidhya’s rape was apparently recorded on their mobile phones.
  • The suspects were arrested.
    Tevu-04Villagers attempted to assault the suspects while they were being transported to the Police station. The police used a Navy transport to take the suspects into custody.
  • The suspects were NOT brought to court.
  • Shit hit the fan. Protesters surrounded the courthouse and threw stones at it. The police responded with tear gas and the arrests of 127 protesters. Five police people were arrested.
This is not a “Jaffna problem”. It is a human problem. A girl was brutally raped. Her suspected killers were caught. They weren’t tried like they should have been. But there are two sides to this coin.
Firstly, the people.  Let’s clarify something: 200-odd protesters acting on a clear breakdown of justice are not Jaffna. They’re not an ethnic or political group. (If that were the case, our annual university protests would be tantamount to armed rebellion).
To be honest, we don’t know what the police did under the previous regime. We know that the suspects, back then, enjoyed tremendous influence. We believe that the police were, and possibly still are, corrupt. There certainly are suggestions that at least one of the suspects may have had “connections”.  There are also these photos being circulated, though take the photos with a grain of salt: there’s reason to believe that the one on the left is of an unintentional doppelganger.
jaffa_rapist_and_mahinda_rajapaksa
Naturally, people feared that the suspects would be let off the hook again. Out of fear, anger was born. Out of anger, hatred. Protests. Clashes. Conflict. I’m neither for nor against the police on this issue, but consider the facts.
It’s sad that people are using this to call for public stoning and all manner of other gruesome punishments – cures administered to a dead body will not make it live again. It’s even sadder that the media seem to be focusing on the protests rather than the reason behind them, which is . . . rape.
Sri Lanka does not talk about rape. It’s indiscreet. Women are raped all over this country, and if you believe the stats Powerpoint’d by every starry-eyed activists, one in ten men are rapists. We don’t talk about these problems. They’re hushed over. Pictures aren’t displayed. Names aren’t discussed.  Polite people do not think of these things; they just go on willingly blind until one of their own gets raped.  Monks get fired up about women wearing short skirts to temples and children not respecting their parents, but something as heinous as rape? Oh no, not here. We’re like a bunch of ostriches with our heads stuck in the sand.
As a result of this social and cultural blindness, we also end up with a civic and legal blindness that tries to avoid these issues and move on to the next case. Sometimes the only thing that can pierce this veil is a shout and a clenched fist and a stone thrown in the right direction.
court-4
Now the police. Are the police worried? Yes, they are.
A policeman has a double duty: to protect both the citizenry and the criminals under his care. It’s not a pleasant job. You’re asked to be a line in the sand – a human shield with the thugs, murders and rapists on one side of you and the innocents on the other. Sometimes the line is clear – the thugs are out there and it’s your job to stand up for the weak. But once you make an arrest, the tables change. You’re told to stand and protect those who have murdered, looted, raped. You’re asked to be their defense against the mob.
What do you do, stand aside and let Everyman tear your charges from limb to limb? To wait as that inevitably escalates – as it surely must – into the total breakdown of law and order?
Police fire teargas shells to disperse Jaffna mob may 142015
The irony is that at this point, it doesn’t really matter if you were a good cop or a bad cop. The duty requires that you protect those in your custody and not let something like, say, an angry mob rip them apart. It is easy for us to sit in our armchairs and write open letters and condemn people, but the cause-and-effect chain is apparent. Remember that at the end of the day it’s not the corrupt top cops and bigwigs under the firing line – it’s the constable told to shut the fuck up and get his riot shield and get the fuck out there.
What will solve this? Not an inquiry or a protest, or two, or two hundred. What will quell the protests is when all of Sri Lanka justly protests the rape of any woman, of all women: not as a mob, not as citizens and police, but as a societyswiftly moving to set a process into action. What will prevent this from ever happening again is when each and every one of us understand rape for the horrifying crime it is  and  demand justice in every instance.  
Jaffna-rape-case-640x400
Because, you see, this system is not the police: it is not the government alone. We are a part of this system. We – you and I and that woman in the shop and all the other souls in this country – are the largest part of this system. We cannot just demonize the policemen and pin all the blame on them. This blood is on our hands, too. When a rapist knows with absolute certainty that every man, woman and child will be against them; when they know there is no door, no stone, no tree, no bush for them to hide behind – that is when this problem stops. Not before.
I’d like to point out that good things are coming out of this incident. Sri Lanka is reacting to this – not as Jaffna, or as Hambantota, but as a country unified in its disgust and horror. Wijedasa Rajapakshe publicly shamed a racist media person. In this incident, we’re not Tamil, Muslim or Sinhala, but simply human.