Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 October නිළ වශයෙන් එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.
මේ නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.
මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව ඇත.
No comments:
Post a Comment