Monday, October 6, 2014

HUAWEI E303 Dongle එක Unlock කරන ආකාරය.

ටික දවසකින් තමයි පොස්ට් එකක් ලියන්නත් වෙලාවක් ලැබුනෙ ගොඩක් අය මගෙන් අහල තිබුන HUAWEI E303 Dongle එක Unlock කරන ආකාරය. මට වෙලාවක් තිබුනෙ නැති නිසා ඒගැන post එකක් ලියන්න කල් ගියා. අද ඒකට හොදම වෙලාව කියල මට හිතුන. මටත් අද ලැබුන  Lock Dongle එකක් ඒකට දාන්න පුලුවන් Mobitel  Sim එකක්  විතරක් නිසා ඒක unlock කරන්න කියල  හිතුව. මම මේක  Google එකේ search පාරක් දාල තමයි  හොයාගත්තෙ. මේක ගින්දර වගේ වැඩ කලා ඒක නිසා තමයි මම අද ලිවුවෙ පොස්ට් එකක් විඳිහට. වැඩි කතා නැතුව වැඩේට බහිමු.
පියවරෙන් පියවර මම පහලින් දාන්නම්. ඔයාල ඒ විදිහට කලොත් පහසුවෙන්ම වැඩේ කර ගන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
1. මුලින්ම මේ link එකට යන්න  එතකොට පහල Photo එකේ  තියෙන ආකාරයට page එකක් load වෙයි. ඔයාලට Gmail Account එකක් නැත්නම් මුලින්ම එකක් Create කර ගෙන ඉන්න.
2. Sign in With Google+ කියන තැන Click කරන්න. ඊට පස්සෙ එන page එකට ඔයාලගෙ Gmail Address එක සහ Password එක දීල Log වෙන්න.
3. ඊට පස්සෙ ඔයාලට මම පහලින් දාල තියෙන Photo එකේ ආකාරයේ Page එකක් Load වෙයි. Accept යන්න Click කිරීම අනිවාර්‍ය වෙනව නැත්නම් ඔයාලට ඊලඟ පියවරට යන්න බැරි වෙනව.
4. ඊට පස්සෙ පහල තියෙන ආකාරයේ Page එකක් Load වෙයි.
5. මෙහිදී IMEI: කියල තියෙන තැනට ඔයාලගෙ Dongle එකේ  Numbers 15 කින් තියෙන IMEI. No එක දෙන්න. Model කියල තියෙන තැනට ඔයාලගෙ Dongle එකේ  Model එක දෙන්න. ඊට පස්සෙ Calculate කියල තියෙන Button එක click  කරන්න. මම පහලින් දාල තියෙන photo එක බලන්න.
6. ඊට පස්සෙ ඔයාලට Result එක බලාගන්න මම පහලින් දාල තියෙන Photo එකේ විදිහට එයි. ඒකෙ g+1  Click කරන්න වෙනව.
7. ඔයාලට පහල Photo එකේ ආකාරයට result එක දැක ගත හැකිවේ.
8. මෙහිදී ඔයාලට අවශ්‍ය වන්නේ NEW ALGO CODE කියන code එක. ඒ code එකෙන් තමයි ඔයාලට Dongle එක Unlock කර ගන්න  තියෙන්නෙ.
9. මට කියන්න අමතක උනා. ඔයාල Dongle එකට Memory Card ගහල තියෙනව නම් මතක ඇතුව ඒව remove කරන්න. නැත්නම් ඒව Lock වෙන්න ඉඩ තියෙනව.
10. ඔයාලට තියෙන්නෙ Dongle එකට වෙනත් ජාලයක SIM එකක් දාල Dongle එකේ Software එක Open කරන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Unlock code එක Type කරන්න තියෙන තැනට NEW ALGO CODE එක Type කරන්න. ඊට පස්සෙ ok Click කරන්න වැඩේ  ගොඩ. ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි කලින් ඔයාලට වැඩ නොකරපු SIM එකට Signal ඇවිත් තියෙනව.
  • එක Gmail Account එකකින් අවස්ථා 5ක් පමණි  Unlock Code ලබාගත හැකි වන්නේ.
  • Unlock වුනාට පස්සෙ ඔයාල New Profile එකක් Create කරගෙන Internet Connect වෙන්න.
  • මම unlock කලේ Mobitel උපහාර Dongle එකක්.
ඔයාලටමේ සම්බන්ධයෙන් ගැටලුවක් එහෙම තියෙනවනම් හිත හිතා ඉන්නෙ නැතුව අහන්න.
එහෙනම් තවත් post එකකින් ලගදීම හමිවෙමු.!

No comments:

Post a Comment