Tuesday, October 7, 2014

කළු පෙට්ටිය (පියාසර දත්ත ගබඩා උපකරණය) part 01



black-box-cutaway

ගුවන් ගමනකට අදාළ වැදගත් දත්ත ස්වයංක්‍රීයව පටිගත විමෙ උපකරණ කට්ටලය ”කළු පෙට්ටිය” ලෙස සුළභව ව්‍යවහරයෙ පවති.පහසුවෙන් විනාශ නොවන පරිදි නිර්මාණය කර ඇති මේවා ගුවන් අනතුරක් සිදුවී , එය සිදු ආකාරය පිළිබද වැදගත් හෝඩුවාවන් අනාවරණය කර ගැනීමට ඉවහල් වේ.කළු පෙට්ටිය නමින් ඇත්තටම මෙය හැදින්වුව ද ඇත්තටම මෙම උපකරණ කට්ටලය උපකරණ දෙකකින් සමන්විත වන්නකි.ඉන් එකක් පියාසර දත්ත පටිගතකරණය Flight Data Recorder (FDR) වන අතර අනෙක නියමු කුටියේ හඬ පටිගතකාරණයයි Cockpit Voice Recorder (CVR).
රයිට් සහෝදරයන් ද ප්‍රාථමික මට්ටමින් දත්ත පටිගත කාරණයක් භාවිත කල බවට ඇතත් නිළ වශයෙන් මෙවැනි උපකරණයක් ගුවන් යානාවලට භාවිතයට එක් වන්නේ දෙවැනි ලෝක යුදයෙන් පසුව ය.1960 වසරින් පසුව මෙ සඳහා සාමාන්‍ය කැසට් යාන්ත්‍රනයක මෙන් චුම්බකිත පටි සහිත උපකරණ භාවිතයට එක් විය.1990 වසරේ සිට නවීන ඩ්ජිටල් මතක පුවරු මේ සදහා භාවිතා කෙරේ.

flight_recorder_0701

මතක පුවරු තාක්ෂනය

ධාවනය වෙමින් පවතින ටේප් පටියකට වඩා නිශ්චිතව පවතින මතක පුවරු නැතහොත් මතක චිප වඩා විශ්වසනීය ය .නඩත්තු කටයුතු පහසු අතර වැදගත් උපාංග කැඩි බිදී යාමේ අවදානම ද අඩුය.CVR උපකරණය මතක පුවරුවේ හඬ දත්ත ගබඩා ධාරිතාව පැය 2 කි .FDR උපකරණය පැය 25 ක් පුරා පියාසර දත්ත ගබඩා කීරීමේ හැකියාව ඇත .

දත්ත එක් රැස් කරන ආකාරය

ගුවන් යානයක විවිධ ස්ථානවල සවි කර ඇති සංවේදක උපාංග හරහා මෙකි දත්ත ගබඩාව වෙත තොරතුරු ලබගැනෙයි.ත්වරණය,සුළං හමා යානා වේගය ,උස ,ෆ්ලැප් ක්‍රියාකාරිත්වය,පිටත උෂ්ණත්වය ,ඇතුලත උෂ්ණත්වය හා පීඩනය ,එන්ජිමේ කාර්යසාධනය ඇතුළුව බොහෝ තොරතුරු මේ සංවේදක හරහා මතක ගත කෙරෙයි .චුම්බකිත පටිගත කීරීමේ උපකරණයට විවිධ දත්ත වර්ග (පරාමිති) 100ක් පමණ සටහන් කීරීමේ හැකියාව ඇති අතර ඩිජිටල් මතකයන්හි පරාමිති 700කත අධික ප්‍රමාණයක දත්ත ගබඩා කීරීමේ හැකියාව ඇත .
මෙසේ එකතු කර ගන්න සියලු දත්ත පළමුව යොමුකෙරෙන්නේ ගුවන් යානයේ ඉදිරිපස පිහිටුවා ඇති පියාසර දත්ත ගබඩා කරන ඒකකය වෙතය.මෙය සාමාන්යෙන් පිහිටා  තිබෙන්නේ නියමු කුටියට පහලින් වූ ඉලෙක්ට්‍රොනික උපකරණ කුටීරයේහි ය.එහි සිට කළු පෙට්ටි ද්විත්වය වෙත තොරතුරු සැපයේ.
නියමු කුටියෙහි සවිකර ඇති මයික්‍රෆෝන 4ක් මගින් එයින් ග්‍රහණය වන සියලු ශබ්ද  CVR කළු පෙට්ටිය වෙත යොමුකරනු ලැබේ .කුටිය තුල කෙරෙන කතා බහ පමණක් නොව ගුවන් නියමුවා විසින් භාවිතා කරනු ලබන සියලු (switches and levers) ආදීය ක්‍රියාත්මක කීරීමේ ශබ්ද මෙමගින් ග්‍රහණය කෙරේ.මෙකි මයික්‍රෆෝන ස්ථාන ගත කර තිබෙන්නේ නියමුවන් දෙදෙනාගේ හිසෙහි පැලඳ ඇති සවන් යොමු කට්ටලයෙහි(headset),නියමු කුටිය මධ්‍යයෙහි හා අමතර කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සදහා වන headset එකෙහිය .කළු වේට්ටිය ක්‍රියාකාරිත්වයට විදුලි බලය සපයනු ලබන්නේ එන්ජිමෙන් ලැබෙන බලයෙන් ක්‍රියාත්මක වන ජෙනරේටර් එක කින් හෝ දෙකකිනි.
තවත් කොටසක් ලබන සතියට

recorder-locations
http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

No comments:

Post a Comment