Tuesday, October 7, 2014

වලා ”වලිග” (Contrails) Part 01

අහසේ ඈතින් කුඩාවට ඇදී යන ගුවන් යානයක් සුදො සුදු පුළුන් පටියක් මෙන් සකස් වන ”දුම්” වලාව කුඩා කාලයේ සිට ම අප බොහෝ දෙනෙකු ගේ නෙත් වශි කළ දසුනකි.ගුවන් යානය නික්ම ගොස් යම් කාලයක් යන තුරු ද යානය ගමන් කළ මඟ දිඟටම මේ ”දුම්” වලා දිඟු රේකා වෙන් වෙන්ව ඇඳී තිබෙනු දැකිය හැකිය.
මෙය ගුවන් යානයෙන් පිට වන සෘජුව පිට වන දුම වලා ලෙස එක වරම හැඟි ගිය ද එය ඊට හාත් පසිම්ම වෙනස් සංසිධියක ප්‍රතිඵලයකි.මෙය හඳුන්වන්නෙ ඝනිභවන වාත දහරා හෙවත් (CONTRAILS TRAILS)නමිනි.එය කෙටි කිරිමෙන් CONTRAILS  යන්න වහරට එක් විය.

සරලව මෙය කෘතිමව ඇති කළ වලාකුළක් හෙවත් වාෂ්ප වළා දහරාවක් ලෙස හැඳින්විය හැකිය.මන්ද මෙහි ඇත්තේ ඝණිභවනය වු ජල වාෂ්ප ගුවන් යානයෙ එංජිමෙන් නිකුත් වන ඒවා වේ.(ගුවන් යානයක් හයිඩ්‍රොකාබන ඉන්ධන දහනයෙන් ප්‍රධාන වශයෙන් කාබන් ඩයෝක්ස්ඩ් හා ජල වාෂ්ප නිකුත් වේ.
contrails
මෙසේ ජල වාෂ්ප ඝණිභවනය වීමට නම් යානයක් අඩි 26000කට ඉහලින්ද සෙල්සියස් අංශක සෘණ (-40)කට අඩු උෂ්ණත්වයක් සහිත වායුගෝල පරිසරයක ද පියාසර කරමින් තිබිය යුතුය.එන්ජිමෙන් පිටවන අධික ලෙස රත් වු වාෂ්ප අධික ශීතලට හා අඩු පීඩනය හෙතුවෙන් ක්ෂුද්‍ර පරිමාණයේ බිඳීති සහිත වලා බවට පත් වේ.මෙය,අධික ශිත පරිසරයක දී නාසයෙන් හෝ කටන් හෝ පිට කරන හුස්ම දුමක් ලෙස සකස් වීමට සමාන සිදු වීමකි.පරිසරයෙ ශීතල ඊතා අධික නම් මෙවා අයිස් කැට බවටද පත් විය හැකිය.මෙවැනි ජල බ්ඳිති හෝ/හා අයිස් කැට මිලියන ගනනක් එකට බැඳුණුවිට එය අපට දිස් වන්නෙ දුම් වලිඟයක් සෙය.
http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D


No comments:

Post a Comment