Tuesday, October 7, 2014

වලා ”වලිග” (Contrails) Part 02


උත්සර්ජල වලා  (DISTRAILS)

ගුවන් යානයක් තුනී වලාකුළක් තුලින් ඈදි යන විටක මෙතෙක් විස්තර කළ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධය සිඳු විය හැකිය.එනම් එන්ජිමෙ උෂ්ණත්වය හෙතුවෙන් වලාකුළෙහි අඩංගු ජල බ්ඳිති නැවත ජල වාෂ්ප බවට පත් විය හැකිය.එහි දි යානය වලාකුළ තුලින් ගිය මාර්ගයේ වලාකුළෙන් තොර උමඟක් වැනි ව්‍යුහයක් නිර්මාණය වේ.Dissipation Trails යන අරුත ඇතිව Distrails යන්නව්‍යවහාරයට එක් වි ඇත.

123
ගුවන් යානයක් ගමන් කිරීම හෙතුවෙන් හටගන්නා වාෂ්ප වලා තත්පර කිපයක කාලයක පටන් පැය ගනනක් දිගු කාලයක් දක්වා වුව අහසේ නොමැකි පැවතිමට පුලුවන.රඳා පවතින කාලය තීරනය වන්නෙ වායුගෝලීය තෙතමනය සහ සුළං තත්වය අනුව ය.වායුගොලය තෙතමනයෙන් සංතෘප්ත වීමට ආසන්න නම් මෙවැනි වාෂ්ප වලා දිගු කාලයක් නොමැකි පැවතිය හැකි ය.අනෙක් අතට වායුගෝලය වියලි නම් වාෂ්ප වලාව අවට වායුගෝලයෙන් ඉක්මණිම් ම වියැකි යයි. ගුවන් ගමන් බහුල අහසක දිගු කාලයක් පුරා මෙවැනි වාෂ්ප වලා ගනනාවක් පවතින විට ඒවා එක් ව පුළුල් වලා ආවරණයක් ලෙස හැසිරෙයි.වායුගෝලයේ උෂ්නත්වය ඉහල නැංවිමට මේ වලාකුළු ආවරණය ද්‍රායක වන බව සොයගෙන තිබේ.  එය සිඳුවන්නෙ පොළොවෙන් අභ්‍යාවකාශයට විකිරණය කරනු ලබන දිඟු තරංග මෙකි වෂ්ප වලා වලින් උරාගෙන රඳවා තබා ගන්නා බැවිනි.එසෙ රඳවාගන්නා වේගය මේකි වාෂ්ප වලා මත පතිත වන සූර්ය කිරණ පරාවර්ථනය කරන වේගයට වඩා අධ්ක ය.එබැවින් එහි අවසන් ප්‍රතිඵලය වන්නෙ වායුගෝලයෙ උෂ්නත්වය ඉහල යෑමය.අනෙක් අතට මෙකි වලාකුළු සමාන්‍ය වලාකුළු එක් රැස් විමක් ද සමග (ඊට අමතරව) සකස් විණී නම් හිරු රැස් පොළොවට වැටීම වැළකී භූමියේ උණුසුම පහළ යෑමට ද ඉඩ ඇත.

වාෂ්පවලාවල කාළගුණික බලපෑම්
345


මෙසේ උෂ්ණත්වය ඉහල නැංවිමකට වැඩි ම ද්‍රායකත්වයක් සපයන්නේ රාත්‍රී කාලයේ ගමන් කරන ගුවන් යානා මගින් නිකුත් වන වාෂ්ප වලා වලින් බව ද අනාවරණය වී තිබේ.එනම් දිවා කාලයේ අද්‍රළ ද්‍රයකත්වය සියයට 25ක් වන කල රාත්‍රී කාලයේ ද්‍රයකත්වය සියයට 60-80 වෑනි අගයකි.
http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

No comments:

Post a Comment